සිගිරි කැටපත් පවුර කොණ්ඩ කටුවකින් කුරුටු ගා සිර දඩුවම් නියම වු නැගෙනහිර උදේනි නම් තරුණියට නියම වු වසර දෙකක සිර දඬුවම සම්බන්දයෙන් පොදු සමාවක් දීමේ ලියවිලි වලට ජනපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් කළ බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.
ඇයට සමාව දෙන ලෙස පොදු සංවිධාන රැසක්ම රජයෙන් ඉල්ලා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ඉතාම හොඳ තීරණයක් (නි)
ඒ වුණත් මෙහෙම වුණාම වැරදි කරන්න තිබෙන බය නැතිවෙනවා (නි)
අනේ මන්දා අපේ රටේ සිංහල මිනිසුන්ගේ අදහස්... ? මුරලි ලංකාවට සෙල්ලම් කරනකොට හොඳයි, හැබැයි දෙමළ ළමයාට සමාව දුන් එක ලොකු වරදක් වගේ කතාව..... (නි)
කොච්චර බෝඩ් ලෑලි ගැහුවත් වැඩක් නැහැ ඒ තැන්වල නියමිත ආරක්ෂක වැඩපිළිවෙලක් නැත්තම්. අපේ මිනිස්සු විනෝදෙට යන ගමන්බිමන් වලදී මොන අවවාද අනුශාසනා ලියලා බෝඩ් ලෑලි එල්ලුවත් ඕවා කියවන කියෙන් කීදෙනාද ඉන්නේ.අනික සමහරු කරන්න එපා කියන වැඩේමනේ කරන්න බලන්නේ. මේ තුළින් හැමෝටම ගතයුතු පාඩමක් තියේවි ඉස්සරහට. (නි)
ඔබගේ තීරණයට අපේ ආශිර්වාදය! (නි)
එතුමා දන්නවා කරන්න ඕනෑ මොකක්ද කියලා (නි)
අනිවාර්යෙන්ම ඇය නිදහස් කළ යුතුයි.ලංකාවට තියෙන්නේ ඔය පුරාවස්තුව පමණද?නිදන් හොරු කටුගෙය සහ අනෙක් පුරාවස්තු සොරුන් නිදැල්ලේ සිටියදී මැයට දඩුවම් දුන්නේ දුප්පත් අහිංසකවූ නිසාද?මැය අකුරු ලියනතෙක් ආරක්ෂක නිලධාරීන් මොනවාද කළේ?රාජකාරිය පැහැර හැරි නිලධාරීන්ට දුන් දඩුවම් මොනවාද?වගකිවයුත්තෝ ලජ්ජා විය යුතුයි. මෙවන් නිවට කටයුතු ගැන.පිළිකුල් සහගත මේ සිද්ධිය වරද කරුවෝ කවුරුන්ද?(දිල්)
මෝඩ මිනිසුනේ මෙතන තියෙන්නේ සිංහලද දෙමළද ප්‍රශ්නයක් නෙමෙයි , නොදැනුවත්ව කරපු වරදකට අවරුදු 2 ක් හිරේ දැමීම අසදාරනය යන පොදු පිළිගැනීම. මේ සිංහල දෙමළ කතාව අහනකොටත් තිත්තයි. මමත් පස් පවින් වැළකිලා ජීවත් වෙන කෙනෙක්. හැබැයි සිංහල බෞධයෝ කියල අපි අනිත් ජාතීන්ට ගරහන්න යන්නේ නැහැ . මේ ජාතිවාදී කතා අද සමාජයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ .ආච්චිලා සීයල වගේ ඔය ජාතිවාදී කතා ලියන්න එපා. (ස)
මනුස්සයෝ වාගේ හිතලා හොඳ දේවල් කරන්න හිතට ගන්න.(ම)
මේ රාජිතයි ඔහුගේ පුතයි කරලා තියෙන දේවල්වලට වහා දඬුවම් දිය යුතුයි. (ස)
හිටපු ජනපතිනං මිනීමරුවන්ට තමයි සමාව දුන්නේ. (ස)
සහතික ඇත්ත ඉන්දික. අපි ඉතින් දෙවැනි පන්තියේ පුරවැසියෝ නිසා අපිට අඩුගානේ කුඩම්මාවත් සළකන්නේ නැහැ. (නි)
දමිත්, නීතියේ තිබෙන මූලික සිද්ධාන්තයක් තමයි නීතිය නොදැනීම නිදහසට කාරණයක් නොවේය යන්න. ඉතින් ඔහොම ගියොත් මිනියක් මරලත් නොදැනයි කළේ කියන්න පුලුවන්නේ. මේ පුරාවස්තු අමිලයි. ඈ කළ හානිය පිළියම් නොකළහැකි දෙයක්. අනික ඇත්තටම නොදැන කළා වෙන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. මෙහෙම පූර්වාදර්ශ ලැබුණාම වැරදි කිරීමට බිය නැතිවෙනවා. (නි)
නෆ්හන් ,එතකොට ඔයාලගේ පල්ලියක මෙයා කුරුටු ගැවානම් සමාව දෙනවද? (ස)
ඒ ගැන ගොඩක් සතුටුයි.(හේ)
සුමුදුහේවා කියන කතාව ඇත්ත .අපිට කුඩම්මාගේ සැළකීමවත් නැහැ.මේ පාලකයින්ගේ වැඩ නිසා අපිට මොන පන්තියක්වත් නැහැ.නඩුයි,බඩුයි,හොරුයි මෙයාලගේ තමයි.(දිල්)
එහෙනම් දැන් හැමෝම ගිහින් කුරුටු ගාවි. (ර)
කලින් සමාන වැරදි කල අයටත් -ලැබේනම් වැදගත් සහනයක්. (ස)
කුරුටු ගාල හිරේ ගිය ඔක්කොටම සමාව ලැබෙන්න ඕනේ. (ස)
කලින් මේ වගේ වැරදි කරපු අයවත් නිදහස් කරන්නලු. කලින් මේ වගේ වැරදි කරලා හිරේ ගියේ නැහැ කවුරුවත්.(ම)
බොහොම හොඳ වැඩක් ගෙදර අය සතුටු ඇති .....ඉන්න කම්බ ඇමති හොරු ටික හිරේ දාන්ඩ ඕන පළමුව. (ස)
දැන් දෙමළ ජාතිකයෙක් වීම නීතියෙන් බේරීමට හොඳම සුදුසුකමක්! මුහුදු කොටි නායිකාවට ඇප, කොටි නායකයින්ට රැකවරණය දුන්න NGO කාන්තාවට ඇප, දැන් ලෝක උරුමයක් වූ සීගිරිය කුරුටු ගෑ එක්කෙනාටත් ඇප. හැබැයි, ගොඨාභයට නඩු, කරන්නාගොඩට නඩු, රොෂාන් ගුණතිලකට නඩු, මහින්දට නඩු! මාර යහ පාලනය! (ස)
උපන් කාලය පටන යුද්ධයක් තිබු ප්‍රදේශයක ජීවත්වූ අයෙකි. වහලක් නැති ගෙවල්වල බිත්ති හතරේ ලියු පුරුද්ද. මෙය පළමු වැරැද්ද නම් සමාවදීම අගය කරමි. (ස)
දඩුවමක නියම අර්ථය වැරදි හදා ගැනීම. මේ ළමයා දැන් තේරුම් ගනීවි. ඒ වගේම අනිත් කාටත් හොඳ පාඩමක් වේවි. (ස)
මේ පොදු අපේක්ෂකයා මොනවාද කරන්නේ. සංස්කෘතික,ඉතිහාසික වටිනාකම් දන්නේ නැත්ද? රට විනාශයට ගෙනයාමේ පාලනයක්.වටිනාකම් හෑල්ලුවට ගන්න කෙනෙක්. (ස)
කාටත් එක හා සමානව , ජාති බේද නොමැතිව කටයුතු කලොත් තමයි වැඩේ වටින්නේ. ඉස්සරහ අය ඔය දේ කලොත් තද දඩුවම් දිය යුතුයි. (ස)
අපි පව් කියලා හිතලා සමාව දුන්නට අනිත් අය වැරදි පුර්වාදර්ශ ගන්නවා අඩුම ගාණේ වන්දියක් වත් ඉල්ලන්න ඕනේ...(ම)
නොදැන කල වරදට සමාවදීම උතුම් ක්‍රියාවක්. නමුත් හිතාමතාම රාජ්‍ය මුදල් සහ දේපල කොල්ලකාපුවුන්ට තවමත් යෙහෙන් වැජබීමට ඉඩදීම මොන වර්ගයේ ක්‍රියාවක්ද? (ම)
ඉස්සරනම් මෙහෙම සමාව දුන්නේ කාටද කියල රටම දන්නවා. දැන් නම් මේ අහිංසක දැරිවියකට. (ම)
ඇය නොදැනුවත්කමින් තමයි මේ අනතුර වුනේ. ඇයට දඬුවම වගේම සමාවත් හිමිවිය යුතුය. මෙතන දෙමළ සිංහල ප්‍රශ්නයක් නැහැ. (ස)
ඉස්සර සමාව දුන්නේ මිනී මරපු ඇමති බිරිඳලටනේ. (ස)
කරපු දේ හොෙඳ නරක තීරණය වෙන්නේ පරමාර්ථය අනුව. (ස)
ළමය දෙමළනෙ ඉක්මනට සමාව දෙන්න. සුදු මහත්තුරුට කේන්ති යයි. (ස)
සමන්, ඕනෑම පල්ලියකට ඔයාව සාදරයෙන් පිලිගන්නවා. පල්ලියකට ඇවිත් බලන්න, කියනදේ අහන්ඩ. හරිදේ අවබෝද කරගන්න. කුරුටුගෑම කෙසේවෙතත් නොදැනුවත්ව කල වැරැද්දකට ඔබට සමාව ඉහලින්ම ලැබෙනු ඇත.පල්ලිය කෙසේවෙතත් අප ලාංකීය සමාජය එසේය. (ස)
ඇයි මේ වැරදි කරන්න ඉඩ තියන්නේ? ලංකාවේ තියෙන්නේ හොරා පොලිස් වැඩනේ ඉතින්. හොරකම කරනතුරු බලාඉඳලා අල්ලනවා. ඕක ඉස්සරහින් වීදුරු ආවරණයක් දැම්මා නම් කාටවත් ලියන්න බැහැනේ (නි)
ඇත්ත. මේ කැටපත් පවුරට සුදුසු ආරක්ෂක විධිවිධාන යෙදීම ඉක්මණින්ම කළයුතුයි (නි)