පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චියේ ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට කඩා වැදී පහර දුන් ත‍්‍රස්තවාදීන් 10 දෙනා, පැය 12ක වෙඩි හුවමාරුවකින් පසු මරා දැමීමට එරට ගුවන් හමුදා විශේෂ කාර්ය බළකා සෙබළු සමත් වූහ.
දෙපිරිස අතර ගැටුමේදී ගුවන්තොටේ සිටි 14දෙනෙක්ද මිය ගිය බව ස්ථිර නොවු ආරංචි කියයි.
ත‍්‍රස්තවාදීන් ඉරිදා (08) රාති‍්‍රයේ ගුවන් තොටුපොළට කඩා වැදී ඇත්තේ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් ලෙස වෙස්වලාගෙනය. ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ නිල ඇඳුමින් පැමිණි හෙයින් කිසිවකුටවත් ඔවුන් ගැන සැකයක් ඇති නොවු බවත්
ත‍්‍රස්තවාදීන් උත්සහ කර ඇත්තේ ගුවන්තොටුපොළට සහ ගුවන් යානාවලට පහර දීමට බවත් කියති.
ප‍්‍රහාරයෙන් ගුවන්තොටුපොළේ ගුවන් යානාවලට කිසිදු හානියක් සිදු නොවුණු බවද ගුවන් හමුදාව කියයි.
තුවාල ලබා රෝහල් ගත කළ ගණන 52 කි. මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි යැයි පාකිස්තාන රජය කියා සිටී.
ප‍්‍රහාරයේ වගකීම තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන ඇත.
මෙම ප‍්‍රහාරය එල්ල වූයේ පාකිස්තාන තලේබාන් සංවිධානය සහ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ රජය සාම සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින අවස්ථාවකදීය.
කරච්චියේදීය (රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙන්ම තුරන් කරන්න ඕනේ මේ ත්‍රස්තවාදය (දී)
මේවායින් දුක් විඳින්නේ සාමාන්‍ය අහිංසක ජනතාව (නි)
අන්න සිවිල් වැසියන් 14 දෙනෙක් ම මිය ගිහින්ලු . 52 ක් තුවාල වෙලාලු. පිල්ලේ මහත්මිය පෙරට පැමිණිය යුතු වෙලාවක්.. (දී)
විපතට පත් අයට දෙවියන්ගේ පිහිටයි (දී)
මොනතරම් විනාශයක්ද මේ ලංකාවේ නම් මේ යුද්ධය නැහැ අපේ රණ විරුවන්ට ජයවේවා (දී)
මගේ කනගාටුව අසරණ වූ මිනිස්සුන්ට (දී)
හදවතින්ම පකිස්ථාන ජනයට ශෝකය, එක්සත් ජාතීන්ගේ පිල්ලේ , බන් කීන් මූන්ගේ , ඇමෙරිකානු හා බටහිර ත්‍රස්ත හිතවාදී රටවල පිළිතුරු දැනගන්න කැමති . ලකාවේ 30 වසරක යුද්දය නිම කිරීමට විශාල මෙහෙයක් කලා පකිස්තනුවනි ගනු අපගෙන් උපදෙස්. (දී)
මෙය කටුනායක ගුවන් තොටුපලට එල්ල කල ප්‍රහාරයත් සමග සසදමින් ජ්‍යාත්‍යන්තරයට ගෙනයාමට උත්සාහ නොකරන්නේ මන්ද? දැන් මේ ගැන හිතන්න බලධාරීන් නැතිව ඇති මොකද දැන් ඩයස්පෝරාව හා විවිධ සංවිධාන ඇතිකරන මෝදි භිෂණයෙන් ඉන්න කට්ටියට මොනවත් හිතන්න බැරිව ඇති (දී)
ආර්ථික මට්ටමෙන් වට්ටන්න කල ප්‍රහාරයක්ද කොහෙද (දී)
මෙවන් ප්‍රහාරයක් වත් නවත්ත ගන්න බැරිද (දී)
වෙන රටවල් වලින් ඇවීත් ගහලා යනකම් දන්නේ නැද්ද (දී)
ලෝකෙටම ලංකාවෙන් උත්තරයක් දුන්නා (දී)
ලංකාවේ බිය සැක නැතුව ජිවත් වෙන්න සලස්සපු සියල්ලන්ටම මාගේ හද පිරි ස්තුතිය (දී)
පාකිස්තාන් රාජ්‍යයට මෙවන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීම සකල ලෝක වාසීන් දැඩි සේ හෙලා දැකිය යුතුයි.මෙවන් බියකරු කාල පරිච්ඡේදයක් අපත් ගත කලා.අද අප භුක්ති විඳිනා නිදහස ලැබුනේ කෙසේදැයි අමතක කල අයත් මේ සිදුවීමෙන් කම්පා වනු නොඅනුමානයි.(දී)
අපේ යුද්ධය නැතිකරන්න උදව් උනු පකිස්තානුවනට මගේ ශෝකය. (දී)
අපේ ක්‍රිකට් ටීම් එක පකිස්තාන් යන්නනම් එපා (දී)
ලැබෙන වාර්තා අනුව පාකිස්තාන් රජය හා තාලිබාන් සංවිධානය අතර සාම සාකච්චා කඩාකප්පල් කරන්න තුන් වැනි පාර්ශව කරුවෙකුගේ වැඩක් මේක, බලන් ඉමු සත්‍ය නොබෝ දිනකින් හෙළිවේවි. (දී)
මට හරි සතුටුයි ඔයාලගේ අදහස් ගැන.මා ද ඔයාලත් සමග එකඟයි. (දී)
අදහස් වලින් පෙනෙනවා ලංකාවේ සිංහල මිනිසුන් කවදත් ජාතිවාදී නැති බව. ඔවුන් අනුන්ගේ දුකේදී පිහිටවෙන්න කැමතියි. (නි)
දැන් ලෝකයේ හැමතැනම ප්‍රචණ්ඩ ක්‍රියා (නි)
පවු! අහිංසක මිනිස්සුනේ මේවායින් දුක් විඳින්නේ (නි)
අන්තවාදීන් ලෝකේ හැම තැනම ප්‍රශ්න ඇති කරනවා. (ස)
අපට හිතවත් පකිස්ථානයට වෙන දෙය ගැන හදවතින්ම කම්පා වෙමි. (ස)
අපේ කොටි නැතිකිරීමේ සටනට විශාල වශයෙන් උදව් කළ රටක් පාකිස්තානය. අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු (නි)
ත්‍රස්තවාදයට පිළිතුරු දියයූත්තේ ත්‍රස්තවාදයෙන් මිස සාකච්ඡාවෙන් නොවේ යනු මාගේ මතයයි (නි)
අප ගත කළ බියකරු අතීතය සිහිවෙනවා. ඇත්තටම දැන් අප හොඳ නිදහසක් භුක්ති විඳිනවා.ලොව ඕනෑම තැනක ත්‍රස්ත කටයුතු සිදුවන්නේ ආරක්ෂක හිඩැස් භාවිතා කරමිනුයි. අප රට පාකිස්තානු රජයට උදවු කළ යුතුයි. (නි)
විදේශිකයින් එන එක නතර උනාම රටක් නිකන්ම කඩා වැටෙනවා (දී)
බලනකොට ලෝකයේ හැමතැනම ප්‍රශ්න (නි)
ලංකාවේ යුද්දය ඉවර කරපු එක කොයි තරම් දෙයක්ද ඒ හැම දෙනාටම උපහාරය !!!!!!! (දී)
අපේ ක්‍රිකට් කණ්ඩායමක් පකිස්තානයට අරින්න එපා. කොයි වෙලේ පහර දෙයිද දන්නේ නැහැ (දී)
ලංකාවේ අපිට නම් බය වෙන්න දෙයක් නැහැ මොකද ලංකාවේ යුද්දය නැති නිසා (දී)
ත්රස්තවාදීන් යනු ලොවටම පිළිලයකි (නි)