පාකිස්තානයේ කරච්චි ගුවන්තොටට ගිය සඳුදා (09) තාලිබාන් ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව අද උදේ 9.46ට කටුනායක සිට ප්‍රථම වරට එයාර් ලංකා ගුවන් යානයක් පිටත්ව ගියේය.
ඒ 330 එම ගුවන් බසයේ කාර්ය මණ්ඩලයද සමඟ මගීහු 207 දෙනෙක් සිටියහ.
මගීන් 213 දෙනකු සමඟ පස්වරු පහට කරච්චියෙන් එම යානය කටුනායක බලා පිටත් වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ ගමන්. (ස)
දවසක් දෙකක් බලල ගුවන් ගමන් පටන් ගත්ත නම් නේද හොඳ. දෙවෙනි පාරටත් ත්‍රස්තයෝ පහර දුන්න එකේ පොඩ්ඩක් යානාවෙත් මගීන්ගේත් ආරක්ෂාව ගැන හිතන්න තිබ්බා. (ස)
අපිට ගහපු ගැහිලි මතක් වෙද්දී මේක මොකද්ද කියලත් හිතෙනවා (නි)
ආරක්ෂාව තහවුරු වනතෙක් ගුවන් ගමන් නැවැත්විය යුතුයි. (නි)
කටාර්, එමිරේට්ස් වැනි ගුවන් සේවා ආයතන අපේ රටේ ගුවන් තොටුපළට ප්‍රහාර එල්ල කළ වෙලාවේ මාස ගණනාවක් යනතුරුම ගුවන් වාර අවලංගු කළා.මේ සිදුවීමේදී එම ආයතන ප්‍රමාදවීම් කිහිපයක් හැරෙන්න, ගුවන් යානා කරච්චි ගුවන් තොටුපලට ඒම නැවැත්තුවේ නැහැ. (නි)
මේ සිදුවීම කෙසේවෙතත් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඔය රටට යවන එක නම් නැවතිය යුතුයි. 1996 දී අපිට කළ උපකාර සළකා පාකිස්තානයට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල යවා වුණ දේ මතකනේ.... (නි)
කරච්චි නොගොස් පාකිස්තානයේ වෙනත් ගුවන් තොටුපලකට ගියා නම් හොඳයි, පවතින තත්ත්වය අනුව (නි)
මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)
ගයාන් කියන්නේ ඇත්ත තමයි (නි)