ආඩිඅම්බලම වල්පල පාර අයිනේ කාඩ් බෝඩ් පෙට්ටියක දමා ගිය මාසයක් වයසැති බිළිඳකු මීගමුව රෝහලට බාර දුන් බව කටුනායක පොලීසිය කියයි.
බස් හිමියකු බිළිඳා දැක පොලීසියට දන්වා ඇතැයි ද එහි ආ මවක බිළිඳාට කිරි පොවා ඇතැයි ද බිළිඳා සුවෙන් සිටින්නේ යැයිද රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට මම දකින එක හේතුවක් තමයි දරුවන්ට [කුඩා කාලයේ සිට] පාසලේදී ලිංගික අද්‍යාපනය ගැන දැනුමක් ලබා නොදීම. සමහර රටවල් වල හයවන ශ්‍රේණියේ සිට, උපත් පාලන ක්‍රම,සමාජ රෝග,ආරක්‍ෂිත සංවාස ක්‍රම,අනවශ්‍ය ගැබ් ගැනීමෙන් වැළකීමේ ක්‍රම යනාදී මා කි නොකී බොහෝ දේ පිලිබදව දරුවන්ට පුංචි කාලයේ සිට දැනුමක් ලබා දීමෙන්, ඔවුන් බොහෝ දැනුවත් වෙනවා මෙම මාතෘකාව පිලිබදව. නමුත් ලංකාවේ දරුවන්ට මෙය තහනම් මාතෘකාවක්. ඒකයි මම මෙතන දකින වරද. සංවර්දිත රටවල ගබ්සා කිරීම්, දරුවන් මහ මග දමා යාම් නැතුවා නොවෙයි. නමුත් සංවර්දනය වෙමින් පවතින රටවල් හා සංසන්දනය කිරීමේදී එම අගය ඉතා පහල මට්ටමක තිබෙන බව කිව යුතුයි. එයට හේතුව තරුණ අයගේ,අනවශ්‍ය ගැබ් ගැනීම් ඉතාමත් අඩු වීමයි. (නදී)
අනේ මෙහෙමත් අම්මල..... යකෝ හදන්න බෙරිනම් වැදුවේ මොකටද... හදන්න බැරිනම් මෙච්චර අම්මල තාත්තල ඉන්නවා ළමයි නැතුව එහෙම කෙනෙක්ට දෙන්න බැරිද පාරවල් ගැනේ බලුපැටව් දල යන්න වගේ දල යන්න(අ)
මහා ලොකුවට පම්පෝරි ගැහුවට පේනවනේ (අ)
අද ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයයි .. ඒ දරුවා බිහිකළ අති උත්තම මෑණියන්ට " මාතු පාදං නමා මහං "...(අ)
දැන් රටේ තත්ත්වේ මෙහෙමයි බලන්න දැන් කලේ අම්මලාගේ හැටි කට කියන්නද මේ දේවල් (අ)
කාන්තාවක් තමන්ට අනවශ්‍ය දරු උපතක් සිදුකෙරීමෙන් වැලකීම් සදහා අවශ්‍ය නීතිමය නිදහස කාන්තාවන්ට ලබාදීමට තවත් ප්‍රමාද නොවියයුතුයි (අ)
මෙන්න රටේ දිනපතා දකින අසන පුවත් . (අ)
රත්තරන් හදක් තියෙන අම්මෙක් (අ)
මෙකතමා අලුත්ම ශ්‍රිලංකාවේ අර්චාරය (අ)
දැන් කාන්තාවන්ට අතවර කරන්න කප් ගහපු රටක් මේක. ඒ නිසා මේක එවැනි දෙයක් ප්‍රතිපලයක් වුනත් වෙන්න පුළුවන්. (අ)
මොනවා උනත් දරුවා මරන්නේ නැතිව එහෙම දාපු එක හොඳයි . එහෙම දාන්නත් මොකක් හරි හේතුවක් ඇති . ඇයි දරුවාගේ තාත්තව කවුරුත් මතක් කරන්නේ නැත්තේ .(අ)
ඇති යන්තන් ගඟක මුදක නොදා බිස්කට් පෙට්ටියට වත් දාපු එක. (අ)
දරුවන් නැතිව ලතවෙන උදවිය කීදෙනෙක් අපේ රටේ ඉන්නවාද ? එහෙම වුනත් මේ විදියට දාල යන දරුවෙක් හදා ගන්න එකත් ලේසි නැහැ. අවුරුදු ගණන් පරිවාස වල උසාවි වල රස්තියාදු වෙලා. දරුවෙක් හදා ගන්න අවුරුදු ගණන් බලා ඉන්න වෙන්නේ නැතිව සාධාරණ කාලයක් තුල දරුවා ලබා ගන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් තිබෙනවා නම් මේ විදියට අත අර දමන දරුවන්ට ලොකු පිහිටක්. පිටින් දරුවෙකු හදා ගන්න කැමති, අවංක ඒ සදහා සුදුසු යුවලවල් කොතෙකුත් සිටියත් , දැනට පවතින ක්‍රමයේ අඩු පාඩු කම් නිසා මේ සද්කාර්යයට ඉදරිපත් වෙන අයත් අඩු ඇති. (ස)
ලංකාවේ ගබ්සාව නීති ගත කල යුතුයි. (ස)
තරුණියකට හිතට වහල් වෙලා හැගීම් වලට වහල් වෙලා පිරිසිදු කම රැකගන්න කියා දෙන්න ඕනේ මේ කාලේ (නදී)
මම කාගෙනුත් අහන්න බලා උන් ප්‍රශ්නය සාරසි ඔයා අහල මට ඒ ගැන සතුටුයි සාරසි.., හැමෝම ඇඟිල්ල දිගු කරන්නේ ගැහැණියට., අනේ මන්ද ඒ මොකද කියල....? (ස)