IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කිරිකැටියා පාර අයිනෙන් අහුලා ගනී

ආඩිඅම්බලම වල්පල පාර අයිනේ කාඩ් බෝඩ් පෙට්ටියක දමා ගිය  මාසයක් වයසැති බිළිඳකු මීගමුව රෝහලට බාර දුන් බව කටුනායක පොලීසිය කියයි.

බස් හිමියකු බිළිඳා දැක පොලීසියට දන්වා ඇතැයි ද එහි ආ මවක බිළිඳාට කිරි පොවා ඇතැයි ද බිළිඳා සුවෙන් සිටින්නේ යැයිද රෝහල් ආරංචි කියයි.



අදහස් (0)

කිරිකැටියා පාර අයිනෙන් අහුලා ගනී

චමින්ද Saturday, 12 July 2014 11:13 PM

මේකට මම දකින එක හේතුවක් තමයි දරුවන්ට [කුඩා කාලයේ සිට] පාසලේදී ලිංගික අද්‍යාපනය ගැන දැනුමක් ලබා නොදීම. සමහර රටවල් වල හයවන ශ්‍රේණියේ සිට, උපත් පාලන ක්‍රම,සමාජ රෝග,ආරක්‍ෂිත සංවාස ක්‍රම,අනවශ්‍ය ගැබ් ගැනීමෙන් වැළකීමේ ක්‍රම යනාදී මා කි නොකී බොහෝ දේ පිලිබදව දරුවන්ට පුංචි කාලයේ සිට දැනුමක් ලබා දීමෙන්, ඔවුන් බොහෝ දැනුවත් වෙනවා මෙම මාතෘකාව පිලිබදව. නමුත් ලංකාවේ දරුවන්ට මෙය තහනම් මාතෘකාවක්. ඒකයි මම මෙතන දකින වරද. සංවර්දිත රටවල ගබ්සා කිරීම්, දරුවන් මහ මග දමා යාම් නැතුවා නොවෙයි. නමුත් සංවර්දනය වෙමින් පවතින රටවල් හා සංසන්දනය කිරීමේදී එම අගය ඉතා පහල මට්ටමක තිබෙන බව කිව යුතුයි. එයට හේතුව තරුණ අයගේ,අනවශ්‍ය ගැබ් ගැනීම් ඉතාමත් අඩු වීමයි. (නදී)

:       0       0

රවීන්ද්‍ර - ඕමාන් Saturday, 12 July 2014 06:15 AM

අනේ මෙහෙමත් අම්මල..... යකෝ හදන්න බෙරිනම් වැදුවේ මොකටද... හදන්න බැරිනම් මෙච්චර අම්මල තාත්තල ඉන්නවා ළමයි නැතුව එහෙම කෙනෙක්ට දෙන්න බැරිද පාරවල් ගැනේ බලුපැටව් දල යන්න වගේ දල යන්න(අ)

:       0       0

නිමල් Saturday, 12 July 2014 06:21 AM

මහා ලොකුවට පම්පෝරි ගැහුවට පේනවනේ (අ)

:       0       0

ගාමිණී - සිරි Saturday, 12 July 2014 06:27 AM

අද ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයයි .. ඒ දරුවා බිහිකළ අති උත්තම මෑණියන්ට " මාතු පාදං නමා මහං "...(අ)

:       0       0

නිදුල චිත්මල් සිල්වා Saturday, 12 July 2014 06:34 AM

දැන් රටේ තත්ත්වේ මෙහෙමයි බලන්න දැන් කලේ අම්මලාගේ හැටි කට කියන්නද මේ දේවල් (අ)

:       0       0

සේන Saturday, 12 July 2014 06:54 AM

කාන්තාවක් තමන්ට අනවශ්‍ය දරු උපතක් සිදුකෙරීමෙන් වැලකීම් සදහා අවශ්‍ය නීතිමය නිදහස කාන්තාවන්ට ලබාදීමට තවත් ප්‍රමාද නොවියයුතුයි (අ)

:       0       0

මර්සි ලංකා Saturday, 12 July 2014 07:47 AM

මෙන්න රටේ දිනපතා දකින අසන පුවත් . (අ)

:       0       0

කරු Saturday, 12 July 2014 08:46 AM

රත්තරන් හදක් තියෙන අම්මෙක් (අ)

:       0       0

කොස්වත්ත Saturday, 12 July 2014 09:01 AM

මෙකතමා අලුත්ම ශ්‍රිලංකාවේ අර්චාරය (අ)

:       0       0

සඳුනි Saturday, 12 July 2014 09:13 AM

දැන් කාන්තාවන්ට අතවර කරන්න කප් ගහපු රටක් මේක. ඒ නිසා මේක එවැනි දෙයක් ප්‍රතිපලයක් වුනත් වෙන්න පුළුවන්. (අ)

:       0       0

සාරසී Saturday, 12 July 2014 09:15 AM

මොනවා උනත් දරුවා මරන්නේ නැතිව එහෙම දාපු එක හොඳයි . එහෙම දාන්නත් මොකක් හරි හේතුවක් ඇති . ඇයි දරුවාගේ තාත්තව කවුරුත් මතක් කරන්නේ නැත්තේ .(අ)

:       0       0

ජයන්ත Saturday, 12 July 2014 09:32 AM

ඇති යන්තන් ගඟක මුදක නොදා බිස්කට් පෙට්ටියට වත් දාපු එක. (අ)

:       0       0

කාන්ති Saturday, 12 July 2014 10:14 AM

දරුවන් නැතිව ලතවෙන උදවිය කීදෙනෙක් අපේ රටේ ඉන්නවාද ? එහෙම වුනත් මේ විදියට දාල යන දරුවෙක් හදා ගන්න එකත් ලේසි නැහැ. අවුරුදු ගණන් පරිවාස වල උසාවි වල රස්තියාදු වෙලා. දරුවෙක් හදා ගන්න අවුරුදු ගණන් බලා ඉන්න වෙන්නේ නැතිව සාධාරණ කාලයක් තුල දරුවා ලබා ගන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් තිබෙනවා නම් මේ විදියට අත අර දමන දරුවන්ට ලොකු පිහිටක්. පිටින් දරුවෙකු හදා ගන්න කැමති, අවංක ඒ සදහා සුදුසු යුවලවල් කොතෙකුත් සිටියත් , දැනට පවතින ක්‍රමයේ අඩු පාඩු කම් නිසා මේ සද්කාර්යයට ඉදරිපත් වෙන අයත් අඩු ඇති. (ස)

:       0       0

නුවන් Saturday, 12 July 2014 10:50 AM

ලංකාවේ ගබ්සාව නීති ගත කල යුතුයි. (ස)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 12 July 2014 01:10 PM

තරුණියකට හිතට වහල් වෙලා හැගීම් වලට වහල් වෙලා පිරිසිදු කම රැකගන්න කියා දෙන්න ඕනේ මේ කාලේ (නදී)

:       0       0

පහන්දී Saturday, 12 July 2014 01:20 PM

මම කාගෙනුත් අහන්න බලා උන් ප්‍රශ්නය සාරසි ඔයා අහල මට ඒ ගැන සතුටුයි සාරසි.., හැමෝම ඇඟිල්ල දිගු කරන්නේ ගැහැණියට., අනේ මන්ද ඒ මොකද කියල....? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 669 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 310 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 687 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1561 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 913 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 943 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1440 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site