ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට ක‍්‍රිකට් අතුරු කමිටුවක හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතාගේ නම යෝජනා වී තිබේ. එම යෝජනාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අද (28) පැවැති විධායක කමිටු රැස්වීමේදී සම්මත විය.
නිලවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර සිටි වත්මන් සභාපති උපාලි ධර්මදාස සහ බදුරලිය ක‍්‍රිකට් සමාජයේ සුමිත් ආර්. පෙරේරා යන මහත්වරුන්ගේ නාමයෝජනා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඊයේ පැවැති විධායක කමිටු රැස්වීමේදී ප‍්‍රතික්ෂේප කෙරිණ.
සභාපති තනතුර සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා තුනම ප‍්‍රතික්ෂේප වීම නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා වෙනත් නමක් යෝජනා කිරීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවට හිමිවිය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය අපේ‍්‍රල් මස 16 වැනිදා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියා මලෝ නැතිව වෙනත් කවුරුවත් නැද්ද.(නදී)
ආනා පුංචිහේවා නැවි මහත්වරුන්ට මේ පදවි පිරිනැමිය යුතුයි.(නදී)
ඔබට මගේ සුබ පැතුම්! ඔබ මීට පෙර ඉන්නකොට අපව ලෝක කුසලානය අත ළඟටම ගියත් අපෙන් ගිලිහුනේ අපේ අවාසනාවට. මේකට මේ වෙලාවේ සුදුසුම කෙනා ආපු බවයි මගේ නම් අදහස. ඇමතිතුමා මේ විදියට කොන්ද කෙලින් තබාගන දිගටම කටයුතු කළොත් 2015 ලෝක කුසලානය අපට ගන්න පුළුවනි. (නි)
ක්‍රීඩාවට හොද කාලයක් (දී)
ඔක්කොම පවුල් අතරේ දෝලනය වෙන ආසියාවේ ආස්චර්ය.(නදී)
ඔක්කොම පවුල් අතරේ දෝලනය වෙන ආසියාවේ ආස්චර්ය.(නදී)
පුදුම පත්වීමක්. උපාලි ධර්මදාස නම සභාපතිකමට නුසුදුසු වෙනකොට උපාලි ධර්මදාසගේ සභාපතිත්වයෙන් යුත් විදායක කමිටුව සහෝදරයව පත්කරනවා.(නදී)
මේවා අහලා පන පලයන් පෙරේදා! (නදී)
හැකියාවට රැකියාව... (නි)
පමා වී හෝ ගත් හොද තීණ්දුවක්. (නි)
හොද තීරණයක්. (නි)