ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස පත්වූ ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී අද (17) පෙරවරුවේ නිල වශයෙන් වැඩ බාර ගත්තේය. සර්ව ආගමික ආශිවාද ලබාගත් ධර්මදාස මහතා ඇතුළු නව ක‍්‍රිකට් නිලධාරිහු සම්ප‍්‍රධානුකූලව කි‍්‍රකට් මූලස්ථානයේදී අද උදෑසන කිරි ඉතිරවූහ.
මේ අවස්ථාවට ලේකම් නිශාන්ත රණතුංග, උප සභාපතිවරුන් වන කේ. මතිවානන් සහ මොහාන් ද සිල්වා යන මහත්වරු ඇතුළු විධායක කමිටු නිලධාරීහු සහභාගි වූහ.
ඡයාරූප - ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට නම් ලියන්න දෙයක් ඇත්තෙම නැහැ. මොකද භාගයක් චන්දෙන් පත්වෙලා. අනික් අය බලහත්කාරයෙන් ඇතුල් වෙලා.(නදී)
හරි කියන්න. 1. ක්‍රිකට් කුමන වර්ගයේ ක්‍රීඩාවක්ද? 2. ඕවරයට බෝල කීයද? (නදී)
මෙයාලටනම් ඉතින් කිරි ඉතිරෙයි, ක්‍රීඩකයන්ට.(නදී)
අර අර්ජුන වගේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සැබවින්ම ආදරය කරන මහත්මෙයක්ව ටික කාලයකට හරි මේ තනතුරට පත් කරා නම් කොච්චර හොදද.(නදී)
ඔබලා දැන් යන්නේ කුමනවර්ගයේ ක්‍රීඩාවක්ද කිරීමටද? (නදී)
මේ ගොල්ල ඉන්දියන් පදයට නටන අය. මේ ගොල්ල අපේ ක්‍රිකෙට් කාලසටහන හදන්නේ ඉන්දියාවට ඕනේ විදියට. මේ ගොල්ලන්ට ලංකාවේ ක්‍රිකෙට් දියුණුකරන්න බැහැ. මේ වැඩේට හරියන්නේ අර්ජුන වැනි කෙලින් තීරණ ගන්න පුළුවන් , කොන්දක් තිබෙන , ජාත්‍යන්තරය පිළිගන්න සභාපති වරයෙක්.(නදී)
මම දන්නා විදිහට නම් ජයන්ත ධර්මදාස මහතා කියන්නේ ක්‍රිකට් වෙනුවෙන් හොඳ දෙයක් කරන්න උත්සහ කරපු පුද්ගලයෙක්. වර්තමානයේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව වැටිලා තියන අගාධයෙන් ගොඩගන්න ඔබතුමාට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. (නි)
කවුරු කොහොම කිවුවත් ජයන්ත ධර්මදාස මහතා ක්‍රිකට් වල අනිවාර්යයෙන්ම වෙනසක් කරාවි. මම ඔබට මුළු හදින්ම සුබ පතමි. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. ක්‍රිකටි ක්‍රීඩාවට දෙවියන්ගේම පිහිටයි.(නදී)
කවුරු පැරදුනත්, දිනුවත් මෙතන එක්කෙනෙක් නම් හැමදම දිනුම් (නි)
කලින් ජයන්ත ධර්මදාස මහතා ඉන්න වෙලාවේ අපි 2007 ලෝක කුසලානේ අවසන් තරඟයෙන් පැරදුනේ එදා වැස්ස තිබිලා පහුවදා ගහන්න නොතියා එදාම ඉවර කරන්න විනිසුරුවන් තීරණය කළ නිසයි. ඊට පස්සේ ජයන්ත ධර්මදාස මහතා යවලා අර්ජුන ආපු බව හුගක් අයට අමතක වෙලා. (නි)