ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස පත්වූ ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී අද (17) පෙරවරුවේ නිල වශයෙන් වැඩ බාර ගත්තේය. සර්ව ආගමික ආශිවාද ලබාගත් ධර්මදාස මහතා ඇතුළු නව ක‍්‍රිකට් නිලධාරිහු සම්ප‍්‍රධානුකූලව කි‍්‍රකට් මූලස්ථානයේදී අද උදෑසන කිරි ඉතිරවූහ.
මේ අවස්ථාවට ලේකම් නිශාන්ත රණතුංග, උප සභාපතිවරුන් වන කේ. මතිවානන් සහ මොහාන් ද සිල්වා යන මහත්වරු ඇතුළු විධායක කමිටු නිලධාරීහු සහභාගි වූහ.
ඡයාරූප - ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ක්රිකට් නව සභාපති ජයන්ත වැඩ අරඹයි
රුවන් Wednesday, 17 April 2013 10:32 PM
මම දන්නා විදිහට නම් ජයන්ත ධර්මදාස මහතා කියන්නේ ක්‍රිකට් වෙනුවෙන් හොඳ දෙයක් කරන්න උත්සහ කරපු පුද්ගලයෙක්. වර්තමානයේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව වැටිලා තියන අගාධයෙන් ගොඩගන්න ඔබතුමාට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. (නි)
ගාමිණී Wednesday, 17 April 2013 11:26 PM
කවුරු කොහොම කිවුවත් ජයන්ත ධර්මදාස මහතා ක්‍රිකට් වල අනිවාර්යයෙන්ම වෙනසක් කරාවි. මම ඔබට මුළු හදින්ම සුබ පතමි. (නි)
නදී Wednesday, 17 April 2013 03:30 PM
අර අර්ජුන වගේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සැබවින්ම ආදරය කරන මහත්මෙයක්ව ටික කාලයකට හරි මේ තනතුරට පත් කරා නම් කොච්චර හොදද.(නදී)
රණ රාල Wednesday, 17 April 2013 03:41 PM
ඔබලා දැන් යන්නේ කුමනවර්ගයේ ක්‍රීඩාවක්ද කිරීමටද? (නදී)
කැල්වින් Thursday, 18 April 2013 01:28 AM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. ක්‍රිකටි ක්‍රීඩාවට දෙවියන්ගේම පිහිටයි.(නදී)
ද සිල්වා බෙර්ලින් Wednesday, 17 April 2013 06:04 PM
මේ ගොල්ල ඉන්දියන් පදයට නටන අය. මේ ගොල්ල අපේ ක්‍රිකෙට් කාලසටහන හදන්නේ ඉන්දියාවට ඕනේ විදියට. මේ ගොල්ලන්ට ලංකාවේ ක්‍රිකෙට් දියුණුකරන්න බැහැ. මේ වැඩේට හරියන්නේ අර්ජුන වැනි කෙලින් තීරණ ගන්න පුළුවන් , කොන්දක් තිබෙන , ජාත්‍යන්තරය පිළිගන්න සභාපති වරයෙක්.(නදී)
වරුණ Thursday, 18 April 2013 12:07 PM
කවුරු පැරදුනත්, දිනුවත් මෙතන එක්කෙනෙක් නම් හැමදම දිනුම් (නි)
ලලිත් Friday, 19 April 2013 01:47 AM
කලින් ජයන්ත ධර්මදාස මහතා ඉන්න වෙලාවේ අපි 2007 ලෝක කුසලානේ අවසන් තරඟයෙන් පැරදුනේ එදා වැස්ස තිබිලා පහුවදා ගහන්න නොතියා එදාම ඉවර කරන්න විනිසුරුවන් තීරණය කළ නිසයි. ඊට පස්සේ ජයන්ත ධර්මදාස මහතා යවලා අර්ජුන ආපු බව හුගක් අයට අමතක වෙලා. (නි)
යොහාන් Wednesday, 17 April 2013 12:53 PM
මේවට නම් ලියන්න දෙයක් ඇත්තෙම නැහැ. මොකද භාගයක් චන්දෙන් පත්වෙලා. අනික් අය බලහත්කාරයෙන් ඇතුල් වෙලා.(නදී)
රත්න Wednesday, 17 April 2013 01:37 PM
හරි කියන්න. 1. ක්‍රිකට් කුමන වර්ගයේ ක්‍රීඩාවක්ද? 2. ඕවරයට බෝල කීයද? (නදී)
ජීවන්ත Wednesday, 17 April 2013 01:38 PM
මෙයාලටනම් ඉතින් කිරි ඉතිරෙයි, ක්‍රීඩකයන්ට.(නදී)