ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නව නිලධාරීන් තෝරා ගැනීම සඳහා පසුගිය 3 වැනිදා පැවැති නිලවරණය (2012-13) එම ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පැවත්වා තිබෙන බැවින් ඒ පිළිබඳ ව පරීක්‍ෂණයක් පවත්වන ලෙස එහිදී විනිසුරු කමිටුවට තරග කිරීමට සූදානම්ව සිටි හිටපු ටෙස්ට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
තිලකරත්න මහතා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල ඊයේ (07) විද්‍යුත් තැපෑලෙන් (ඊමේල්) අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සභාපතිවරයාට යොමු කර ඇති බව වාර්තා වේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සිය සාමාජික රටවලට උපදෙස්දී තිබුණේ නිලවරණ පැවැත්වීමේදී දේශපාලන බලපෑම් වලින් තොරව පැවැත්වීමට වගබලාගතයුතු බවය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd