IMG-LOGO

ක්‍රිකට් ගැහුවට සින්දු කියන්න මාර ආසයි

2016-05-27-ent-142

ක්‍රිකට් ක්‍රීඩාව තුළින් රටම ආදරය කරන සචිත්‍ර සේනානායක දැන් ගායකයෙක් වෙලා. මේ දිනවල ඔහුගේ මුල්ම ගීතය ඔබටත් You Tube හරහා දැකගන්න පුළුවන්. "වටිනා ඔබගේ" ඒ තමයි සචිත්‍රගේ මුල්ම ගීතය. ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සචිත්‍ර ගායකයකු වූ හැටි හසරදට කිව්වේ මෙහෙම.

 

2016-05-27-ent-143මොකද මේ එකපාරටම ගීතයක් කරන්න හිතුනේ?

එකපාරටමත් නෙවෙයි. මම කොහොමත් සංගීතයට ආසයි. ගෙදර අය සහ විශේෂයෙන්ම යශාන්ගේ ඉල්ලීමත් එක්ක තමා ගීතය කළේ.

 

සචිත්‍ර ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවුණා නම් ගායකයෙක්ද?

ඔව්. සමහරවිට එහෙම වුණානම් ගායකයෙක් වෙන්න ඉඩ තිබ්බා.

 

ඔබ සංගීතය ගැන හැදෑරීමක් කළාද?

ඔව් මම පාසලේ සංගීතය හැදෑරුවා වගේම සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා යටතේ පවා මම සංගීතය ඉගෙන ගත්තා.

 

සංගීතය පැත්තෙන් ඔබ තරගවලට සහභාගිවෙලා තියෙනවද?

ඔව්, මම පාසලේ ඒ වගේම දහම් පාසලේ සහ මුතුහර සමාජයේදී සින්දු කියලා පද්‍ය ගායනාවලට සහභාගිවෙලා ජයග්‍රහණය පවා ලබාගෙන තියෙනවා.

 

අලුත්ම ගීතය ගැන කතා කළොත්, මේ ගීතයේ පද රචනය කාගෙද?

සඳුන් පෙරේරා. සංගීතවත් කළේ, ශෙනාල් මද්දුමගේ.

 

එතකොට Music video එක කළේ කවුද?

යෂාන් ප්‍රඩක්ෂන්.

 

අන්තර්ජාලය හරහාත් බලන්න පුළුවන්ද?

වටිනා ඔබගේ කියලා search කළානම් හරි.

 

මේ ගීතය ලියවෙන්නේ ඔබේ අදහසකටද?

ඔව්. ඒ කියන්නේ මෙහෙමයි වුණේ. ගීතයක් කරමු කිව්වම එයාලා මගෙන් ඇහුවා මොනවගේ ගීතයක්ද කරන්නෙ කියලා. ඉතිං මේක මගේ පළමු ගීතය නිසා මට ඕනවුණේ නෑ විරහ ගීතයක් කරන්න. ඉතිං මං කිව්වා wife ගැන කියවෙන ගීතයක් කරමු කියලා. ඒ අනුව තමා ගීතය නිර්මාණය කළේ.

 

ගීතයේ video එකේ ඉන්නෙත් ඔබ. ඒ අත්දැකීම?

 ඒක මට අලුත්ම අත්දැකීමක් වුණා. ඒක හරි අමාරු දෙයක්. හොඳ වෙලාවට අඳුරන නංගි කෙනෙක් හිටියෙ. එයත් මට ගොඩක් උදව් කළා.

 

ගීතය තුළිනුත් wifeගැන කියන නිසා අපි පවුල් ජීවිතය ගැනත් කතා කරමු. කොහොමද ඇය මුණගැහුණේ?

ඉරේෂාගෙ පවුලෙ අයයි. අපේ පවුලේ අයයි හොඳ යාළුවො. අපේ පවුල් දෙක අහම්බෙන් වගේ කතරගම ගියා එතනදි තමා මම මුලින්ම ඉරේෂව දැනගත්තේ. ඒ දැනහැඳුනුම්කම යාළුකමක් වෙලා අවසානයේ ආදරයක් බවට පත් වුණා. පසුකාලීනව අපි විවාහ වුණා.

 

ගීතයට ලැබෙන ප්‍රතිචාර එක්ක දිගටම සින්දු කියයිද?

දිගටම කියලා කියන්න බැහැ. හැබැයි සින්දු කියන්න ආසයි. ඒ නිසා තව නිර්මාණ කරන්න ඉඩ තියෙනවා. සින්දු කියන්නේ ඒ හරහා හම්බ කරන්න නොවෙයි. ආසාවට විනෝදාංශයක් විදියට.

 

ඉරේෂාට සින්දු කියන්න බැරිද?

එයාටත් පුළුවන්

 

දෙන්නගෙම ගීතයක් කරන්න අදහසක් නැද්ද?

 එහෙම අදහසක් තියෙනවා. මොකද මම TV වැඩසටහනකදී එයත් එක්ක සින්දුවක් කිව්වා එතනිදීත් ගොඩක් අය කිව්වා දෙන්නටම සින්දුවක් කරන්න කියලා. බලමු ඉතිං බොහෝ දුරට ඊළඟ ගීතය අපි දෙන්නම කියයි. දැන් නෙවෙයි. මගේ තියෙන කාලයත් එක්ක විවේකයක් ලැබුණාම ගීතයක් කරනවා.

 

ක්‍රීඩාව පැත්ත කතා කළොත් කොහොමද?

ඔව්. මේ දවස්වල වර්ෂාව නිසා ක්‍රිකට් වලටත් බාධාවන් මතු වුණා. ඉදිරියට ඔස්ට්‍රේලියා සහ එංගලන්ත සංචාර දෙකක් තියෙනවා. පුළුවන් තරම් ප්‍රැක්ට්‍රිස් කරනවා සහ ඉදිරි තරගවලදි හොඳට ක්‍රිඩා කරන එක තමා අරමුණ.

 

 අනූෂා රණසිංහ 

 

DESHAYA

 

2016-05-27-ent-141
2016-05-27-ent-140
2016-05-27-ent-139
 



අදහස් (0)

ක්‍රිකට් ගැහුවට සින්දු කියන්න මාර ආසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 458 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site