(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සෙවීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පත් කරන්නැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
මේ ගැන සෙවීමට විපක්ෂය වගේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් එකඟ බවද ඔහු සඳහන් කළේය .
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තේරීම් කාරක සභා පත් කිරීමෙන් ප්‍රශ්නය යට යා හැකි බවයි.
බොහෝවිට තේරීම් කාරක සභාවට පත් වන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු බවත් සංයුතිය අනුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඊට වැඩි වශයෙන් පත්වීමට ඉඩ ඇති බවත් විපක්ෂ නායකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ පොදුජන මුදල් නිකරුණේ නාස්ති කරන්නේ? ඔහෙලාව මහජන මුදලින් නඩත්තු කරනවා හැරෙන්න වෙන කිසිම කාරණයක් කරන්නේ නැති හැඩයි. පොදු ජනයාගේ පවු ගෙවන්න තව කොච්චර කාලයක් ගතවෙයිද? ඔය කියන එක කමිටුවක්වත් ස්වේච්ඡාවෙන් හා තම පුද්ගලික වියදමින් නඩත්තු වෙනවද?
පවුලේ කීප දෙනෙක්ම ඉන්න හින්දා වෙන්න ඇති.