ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය සත්කාරකත්වය දැරූ 11 වැනි ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ ශූරතාවය නවසීලන්තය කඩුළු 7 කින් පැරදූ ඕස්ට්‍රේලියාව දිනා ගත්තේය. ඕසට්‍රේලියාව ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගත්තේ 5 වැනි වතාවටය.
මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 45 කදී ලකුණු 183 කට දැවීගිය අතර ජයග්‍රාහි ලකුණු 184 ක ඉලක්කය පන්දුවාර 33 එක් පන්දුවකදී ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ සමත් වූහ.
ශ්‍රී ලංකාවට මෙම තරඟාවලියේ අර්ධ අවසන් වටයෙන් ඉවත් වීමට සිදුවිය. ඒ සම්බන්ධයෙන් තේරීම් කමිටු බලධාරීන් ඇතුළු නිලධාරීහු නොයෙක් හේතු දක්වමින් දොස් පවරාගනිති.
ශ්‍රී ලංකාවට 1996 ලෝක ක්‍රිකට් කිරුළ හිමිකර දුන් කැප්ටන් කූල් හෙවත් අර්ජුන රණතුංග වත්මන් නියෝජ්‍ය ඇමැති පැවසුවේ ලංකාවේ පරාජයට තේරීම් කමිටුව මුළුමනින්ම වාගේ වගකිව යුතු බවයි. ශ්‍රී ලංකාවට ඇති එකම සැනසුම වූයේ ලෝක කුසලාන අවසන් තරඟයේ තරඟ තීරක වශයෙන් රන්ජන් මඩුගල්ලේ හා පිටියේ විනිසුරු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කිරීමයි.
ඡායාරූප - ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය අනුග්‍රහයෙනි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන ඇමති කිමද වරද නිවැරදි නොකලේ මුලදීම (නදී)
ඉන්දියාව වගේ පණ්ඩිත පිලක් දිනනවට වඩා කැන්ගරුවන් දිනුව එක හොඳයි. නිහතමානී පිලක් අපි හදවතින්ම සුබ පතනවා (නදී)
මම අනිවාර්යෙන්ම හිතපු කණ්ඩායම් දෙක තමයි මේ අවසන් මොහොතේදී තරඟ වැදුනේ.දක්ෂකමින් උපරිම පල ප්‍රයෝජන ගත්ත දවසින් දවස තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට ගිය ප්‍රබල කණ්ඩායම් දෙකක් තරග වැදුන එක ගැන සතුටුයි කවුරු දිනුවත් පැරදුනත්. (බ)
තේරීම් කමිටුවටම දොස් පවරන එකේ තේරුමක් නැහැ හැමදාමත්.ක්‍රීඩකයන්ට ලැබෙන මහගු අවස්ථාවෙන් පල ප්‍රයෝජන ගන්න දැනගතයුතුයි එයාලත්. නැත්තම් ඉතින් හැමදාමත් එකම තැන පල්වෙවී තමයි ඉන්න වෙන්නේ අපේ කට්ටියට.(බ)
ලෝක ශුරයන් වන කැන්ගරුවන් ශ්‍රි ලාංකීක අපගේ හදපිරි සුභපැතුම් ... මෙහිදී පිලිප් හියුස් වත් සිහිපත් කරනවා මේ අවස්ථාවට....(ම)
බලාගෙන ඉන්දියාවේ වගේ වේද කියල (ස)