IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ක්‍රිකට් කිරුළ කැන්ගරුවන්ට

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය සත්කාරකත්වය දැරූ 11 වැනි ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ ශූරතාවය නවසීලන්තය කඩුළු 7 කින් පැරදූ ඕස්ට්‍රේලියාව දිනා ගත්තේය. ඕසට්‍රේලියාව ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගත්තේ 5 වැනි වතාවටය.

මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 45 කදී ලකුණු 183 කට දැවීගිය අතර ජයග්‍රාහි ලකුණු 184 ක ඉලක්කය පන්දුවාර 33 එක් පන්දුවකදී ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ සමත් වූහ.

ශ්‍රී ලංකාවට මෙම තරඟාවලියේ අර්ධ අවසන් වටයෙන් ඉවත් වීමට සිදුවිය. ඒ සම්බන්ධයෙන් තේරීම් කමිටු බලධාරීන් ඇතුළු නිලධාරීහු නොයෙක් හේතු දක්වමින් දොස් පවරාගනිති.

ශ්‍රී ලංකාවට 1996 ලෝක ක්‍රිකට් කිරුළ හිමිකර දුන් කැප්ටන් කූල් හෙවත් අර්ජුන රණතුංග වත්මන් නියෝජ්‍ය ඇමැති පැවසුවේ ලංකාවේ පරාජයට තේරීම් කමිටුව මුළුමනින්ම වාගේ වගකිව යුතු බවයි. ශ්‍රී ලංකාවට ඇති එකම සැනසුම වූයේ ලෝක කුසලාන අවසන් තරඟයේ තරඟ තීරක වශයෙන් රන්ජන් මඩුගල්ලේ හා පිටියේ විනිසුරු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කිරීමයි.

Untitled-1

11 123 

209813

209817 209819

ඡායාරූප - ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය අනුග්‍රහයෙනි



අදහස් (0)

ක්‍රිකට් කිරුළ කැන්ගරුවන්ට

දුමින්ද Monday, 30 March 2015 03:13 AM

අර්ජුන ඇමති කිමද වරද නිවැරදි නොකලේ මුලදීම (නදී)

:       0       0

තිලින කරුණාරත්න Monday, 30 March 2015 03:27 AM

ඉන්දියාව වගේ පණ්ඩිත පිලක් දිනනවට වඩා කැන්ගරුවන් දිනුව එක හොඳයි. නිහතමානී පිලක් අපි හදවතින්ම සුබ පතනවා (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 30 March 2015 04:28 AM

මම අනිවාර්යෙන්ම හිතපු කණ්ඩායම් දෙක තමයි මේ අවසන් මොහොතේදී තරඟ වැදුනේ.දක්ෂකමින් උපරිම පල ප්‍රයෝජන ගත්ත දවසින් දවස තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට ගිය ප්‍රබල කණ්ඩායම් දෙකක් තරග වැදුන එක ගැන සතුටුයි කවුරු දිනුවත් පැරදුනත්. (බ)

:       0       0

ඉසුරන්දි Monday, 30 March 2015 04:32 AM

තේරීම් කමිටුවටම දොස් පවරන එකේ තේරුමක් නැහැ හැමදාමත්.ක්‍රීඩකයන්ට ලැබෙන මහගු අවස්ථාවෙන් පල ප්‍රයෝජන ගන්න දැනගතයුතුයි එයාලත්. නැත්තම් ඉතින් හැමදාමත් එකම තැන පල්වෙවී තමයි ඉන්න වෙන්නේ අපේ කට්ටියට.(බ)

:       0       0

සමිර Monday, 30 March 2015 05:03 AM

ලෝක ශුරයන් වන කැන්ගරුවන් ශ්‍රි ලාංකීක අපගේ හදපිරි සුභපැතුම් ... මෙහිදී පිලිප් හියුස් වත් සිහිපත් කරනවා මේ අවස්ථාවට....(ම)

:       0       0

කුරුවිට Sunday, 29 March 2015 01:31 PM

බලාගෙන ඉන්දියාවේ වගේ වේද කියල (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 67 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site