(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුයේ අරගලය නිසා බැවින් බුදුන් වහන්සේ ඉගැන්වූ ප්‍රථම පාඩම වන කළගුණ සැලකීම ගැන එතුමා අවධානය යොමු කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
බුදුන්වහන්සේගෙන් පාඩම් ඉගෙන අරගලයේ දරුවන්ට දඬුවම් කිරීම නවත්වමු යැයි ඉල්ලා සිටින බවද කිරිඇල්ල මහතා කීය.
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශය පිළිබඳ විවාදය අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙි බව පැවසීය.
ජනාධිපතිවරයා දැන් කරන්න යන්නේ තම පක්ෂය වසර තුනක් සටන් කරපු දේ බව පැවසූ කිරිඇල්ල මහතා "අප එතුමා ගැන ආඩම්බර වෙනවා"යනුවෙන් ද කිරිඇල්ල මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිඇල්ලට දවල් කන්න දුන්නේ අමුද? නැත්නම් අන්කයිප්පුද?
එතකොට කිරිඇල්ල මහත්තයෝ " දෙවෙනි සිල්පදය " ගැන මොනවද හිතෙන්නේ ඔබතුමාට හන්තාන කඳු මුඳුන පේනකොට...!
ගොනා හැරෙන්න පොල් පැළේ කන්න වගේ
මොනව කළත් වැඩක් නැහැ
කොහොමත් තව අවරුදු 2 1/2ක් කට්ට කමින් වේලෙන්න වෙන හින්දා දැන් ප්රශස්ති කියවනවා. පුදුම වෙන්න එපා ඇට නැති දිවක්නේ