උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති කිරිඇල්ල මහතා සම්බන්ධීකරණ ලේකම්වරුන් 94 දෙනෙකු ද උපදේශකයන් 56 දෙනෙකු ද පත්කරගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියයි. උපදේශකයන් 56 දෙනා මහනුවර දිස්ත්‍රික්කයෙන් පත් කර ඇතැයි ද නීතිවේදියකු වන කිරි ඇල්ල මහතාගේ ඇතැම් උපදේශකයන් සාමාන්‍ය පෙළ විභාගයවත් සමත්ව නැතැයි ඔහු චෝදනා කළේය. ඇමැතිවරයකුගේ සාමාන්‍ය කාර්ය මණ්ඩලයට අමතරව මේ පිරිස පත් කර ඇතැයි ද ඔහු කීවේය.