යුද්ධයෙන් මියගිය පිරිස් සැමරීමට උතුරේ ජනතාවට අයිතියක් ඇතැයි ද ඔවුන් සමරන්නේ ත්‍රස්තවාදීන් නම් එය රජය අනුමත නොකරන බව බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසුරිය මහතා අද (13) පැවසුවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.
· පසුගිය ජනාධිපතිවරණයේ දී මහා පරිමාණයේ අක්‍රමිකතා සිදුවි ඇතැයි ද ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරි කාලයේ ඉදිරිපත් කරන බව ඔහු කිවේය.
· නිල කාලය දිර්ඝ කළ පළාත් පාලන ආයතන 234 ක මැතිවරණය පැවැත්වීම පිළිබඳව අද (13) පස්වරුවේ ඇමැති මණ්ඩල හමුවේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විහිළුවක්. එයාලට එක නීතියක්. අනිත් අයට තවත් නීතියක් (නි)
කන්න ඕන වුණාම කබර ගොයත් තලගොයා වුණාලු. ඡන්ද ඕන වුණාම ත්‍රස්තවාදියත් රටවැසියා වුණාලු.(අ)
බුද්ධ සාසන ඇමති ගේ අපුරු දැක්කම.(අ)
නහි වේරේන වේරානී.... (නි)
හැම දෙමලම කොටිය කියන සිංහලයි කියාගන්න අය තවමත් හෙටත් ඉන්නවා බලුවලිගේ ඇද අරින්න බැහැ (බ)
සර් නිකම් කටරින්නේ නැහැ කිව්වොත් වෙදගත් දෙයක් ඔබතුමට ජය (ම)
උණු හින්ද බොන්නත් බැරිය -කිරි හින්ද විසිකරන්නත් බැරිය(ම)
අනුමත කරන්නේ නැත්නම් මොකක්ද දැන් ගන්න ක්‍රියාමාර්ගය? එක්කෝ නඩු දාන්න. දැන් නඩු දාන එකනේ කරන්නේ, වෙන වැඩක් කරන්නේම නැහැනේ. (නි)
අනේ මහත්තයෝ, ත්‍රස්තවාදියෝ කියන්නෙත් වැඩිහරියක් යුද්ධයෙන් මියගිය උතුරේ පිරිස් තමයි! ඔබතුමාගේ ප්‍රකාශය හරියට 'මගේ නොවන මගේම ආදරය' වගේ! (නි)
දවස් සීයෙන් විරැකියාව නැතිකරනවා කියලා පොරොන්දුවෙලා නැහැනේ. කට්ටියටම නඩු ටික දාලා අවසන් කරලා, ඊටපස්සේ විරැකියාව තුරන් කරනවා. නඩු ටික දාලා අවසන්වෙනකොට රැකියා නැති කවුරුත් ඉතුරුවෙන්නේ නැහැනේ. මොකද එතකොට හැමෝම හිරගෙවල් වලනේ. (නි)
යුද්ධයෙන් අහිංසක දෙමළ මිනිස්සු මැරුනා නම් මහා කොටියා මැරුන තැනටම එන්නම ඕනෑද සමරන්න? (නි)
ඔබතුමාගේ කතාවට 100%ක් එකඟවෙමි. මියගිය අය සැමරීම කවුරුත් ජාති ආගම් බේද නැතුව කිරීම වරදක් නැහැ. (නි)
යුද්දයෙන් මියගිය ය සමරනවානම් ආගමික ස්ථානයක හරි තමන්ගේ නිවසේ හරි කරන්න පුළුවන්.. එහෙම නැතුව ප්‍රභාකරන් මැරුණු වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයටම ගිහින් සමරන එක ගැන දෙපාරක් හිතන්න ඕන..(හේ)
සමහරුන්ට මේ රට ගැන කිසිම හැඟීමක් නැහැ. (නි)