මෝටර් රථ මිල වැඩි කළේ සුදුස්සන් හා නුසුදුස්සන් කාර් පාවිච්චි කරන නිසාය. ත්‍රී රෝද රථ මිල වැඩි කළේ එම රථ වැඩි නිසා හා ත්‍රී රෝද රථ සංගම්වල ඉල්ලීමට‘ යැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ගලේවෙල වහකෝට්ටේ පල්ලියේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකදී පැවසීය.
මෝටර් රථ මිල වැඩි කළේ සුදුස්සන් හා නුසුදුස්සන් කාර් පාවිච්චි කරන නිසාය. ත්‍රී රෝද රථ මිල වැඩි කළේ එම රථ වැඩි නිසා හා ත්‍රී රෝද රථ සංගම්වල ඉල්ලීමට‘ යැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ගලේවෙල වහකෝට්ටේ පල්ලියේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය පත්කරපු එක තමයි අපේ නුසුදුසුකම ... (ර)
අසාර්ථක රජයක පැහැදිලි ලකුණු තමයි මේ ක්‍රියාවෙන් සහ වචනයෙන් පෙන්නුම් කරන්නේ . ලෝකයේ කිසිම රටක මේ දිනවල මෙහෙම උද්දමනයක් නැහැ. ශ්‍රි ලංකාවේ පමණයි . රට කරන්න බැරි වුණත් බලය ගන්න දීපු බොරු පොරොන්දු වල ප්‍රතිපල තමයි දැන් ජනතාවට විඳින්න වෙලා තියෙන්නේ. මෙයාලට ඇති විදේශ සම්බන්ධතාවයක් සහ ආර්ථික දැක්මක් නැහැ . රටක් කරන්න දැනුමක් තියෙනවා නම් මොන මෝඩයෙක්වත් මෙහෙම මාසෙන් මාසෙට එක එක බදු පනවන්නේ නැහැ . මහින්ද රාජපක්ෂ මොන තරම් ලස්සනට දියුණු කරගෙන ආව රටක්ද මේක. දැන් නිකම්ම වල් වැදෙනවා. පවු අනාගත පරපුරේ කරුමේ තමයි (බ)
මේ මනුස්සයා තමනුත් විනාශ වෙලා ආණ්ඩුවත් විනාශ කරන්න හදනවා වගේ මට පෙන්නේ. (බ)
නැට්ටේ ඉඳන් ගොම ? (බ)
මෙය රථවාහන තද බදය අවම කිරීම සදහා ගත් පියවරක්. (ර)
බදු වැඩි කල නිසා වාහන ගන්නත් බැරී වෙනවා. (ර)
මෙතුමා මේ වගේ කතා කියනවා කවදත්. (ර)
මේවාට හිනා වෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද. (ර)
ලංකාගේ කීම මමත් අනුමත කරමි , (ර)
වැඩේ ජෝන් බාස්ටම ගියා , මදැයි මම ජිවිත කාලයක් රැකියව කරලා ඉතුරු කළා මුදලක් කාර් එකක් ගන්න කියා , ඒවා අපට කැප නැහැ කියනවා ජෝන් බාස් , ජෝන් බාසටම ගිය රට ,(අ)
ඇත්තටම මෙයා සුදුස්සෝ කියල කියන්නේ මිනිසුන්ට කෙප්ප ගහලා දහජරා වැඩ කරලා දියවන්නාවට සැපත් වුණ කට්ටිය විතරක් වෙන්න ඇති. අනිත් සේරම වාහන පාවිච්චියට නුසුදුස්සෝ .මෙයාල විතරයි වැජඹෙන්න ඕනේ!එන්න කලින් කීවේ කොහොමද? (බ)
දේශපාලනය කරන නුසුදුස්සන් අයින් කරන්නේ කෙසේද ? (බ)
ඒ කියන්නේ ජෝන් බාස්ලා සහ නව රජය තීරණය කරන්නේ කවුද කාර් පාවිච්චි කළ යුතු , කවුද ත්‍රි රෝද රථ පාවිච්චි කළ යුතු කියා , නියම යහපාලනයක් (බ)
කාර් එකක් ගන්න ඕනි සුදුසුකම් මොනද කිව්වොත් නරකද ලොක්කා (බ)
අනේ මේ නොදන්නා කමට අහන්නේ කාර් පාවිච්චි කරන්න නුසුදුස්සෝ කවුද කියල කියන්නකෝ (බ)
එතකොට ඇමතිතුමා කාර් පාවිච්චි කරන්න සුදුස්සෙක්ද නොසුදුස්සෙක්ද? (බ)
මේ වගේ විහිළුකාරයෝ රටේ පාලකයෝ වුණාම රටට අබ සරණයි (බ)
මේ වාගේ ජෝන් බාස්ලා ජෝන් බාස්ලාටම යවන්න ඕනේ පිස්සු කතා නොකියා ඉන්න.(බ)
මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවපු අයගෙයි,ඇමතිකම් දීපු අයගෙයි මොලේ පරීක්ෂා කරලා බලන්න ඕන (බ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරුන්ට වඩා නුසුදුස්සන් තවත් සිටිය නොහැකිය.(අ)
ගිය ආණ්ඩුවේත් කැලණිය පැත්තේ හිටිය ඔහේ කටට එන ඕනෑම දෙයක් කැමරාව ඉස්සරහ කියන ජෝකර් කෙනෙක්.. ඒ ඔක්කොටම හරියන්න දැන් ඉන්නවා ජෝකර් කෙනෙක්.. රටකට ගිය කලක් (අ)
අනේ මොවුන් පත්කළ අපි තමයි මෝඩයෝ (නි)
ජෝන් දැන් සිහිය මදි වගේ විශ්‍රාම ගියෝත හොඳයි නේද (බ)
වෙවගේ විහිලු සපයන්නෙකු පාර්ලිමේන්තුවට යවපු වත්තල ජනතාවට අපේ උපහාරය. (අ)
මේ මහත්මයාට ඇමැතිධුරයක් දැරීමට තියා ඇමති කාර්යාලයක කසල ශෝදක තනතුරටවත් සුදුසු නැහැ . මේ වගේ අමෝඩ කතා කියනවා ඇර කරපු එක සිල්ලර වැඩක්වත් නැහැ නේද ? (අ)
ඔබ තුමා වගේ අය මේ ආණ්ඩුවේ ඉන්න ඕන අප්ප. (අ)
කොහමත් ඉතින් මේ වගේ කතාවලට මෙතුමා දක්ෂි නේ (අ)
මෝඩයන් රජ වුණාමත් ඔහොමලු. (අ)
ඔය අමාත්‍ය ධූරය ළමයකුට දෙන්න (අ)
මේ පුද්ගලයාගේ හිතේ කොච්චර කුහක කමක්ද තියෙන්නේ. ජනතාව වාහන පවිච්චි කරනවට මෙයා කැමති නැහැ. මෙයාලට ඕනේ ඉහල පැලැන්තියේ අය පමණක් වාහන පාවිචිචි කරනවා දකින්න (අ)
අර ප්‍රචාරක වීඩියෝව හැදුවේ.... ත්‍රීවීල්, බයික් එකේ ගිය අයට කාර් එකක් අරගෙන හොඳ අනාගතයකට ඡන්දය දෙන්න කිව්වේ බොරුවටද? හරි නරකයි.(අ)
පෙරලුන පිට හොඳයි කියන්න වෙනවා ..! අහෝ වාහන සිහිනය..! විදුලි මෝටර් රථ මිල අඩුවීම කාලෝචිතයි.මහා පාරේ ඉඩ ඇහිරෙන දැවැන්ත එස්.යු .වී. වාහන මුදල් යහමින් ඇත්තන් ගනු ඇති .ආදායම් බදුවලටත් අල්ල ගත හැකියි නේ. පාරට බැස්සම තමයි පෙනෙන්නේ රටේ ඇති අධික , ඔරොත්තු නොදෙන වාහන ධාවනය .මේ අනාරක්ෂිත වුත් අධික වුත් ,මාර්ග විනයක් නැති ත්‍රී වීල් සංකෘතිය අවම කිරීම හොඳයි .තරුණ පරම්පරාව කිසිම කර්මාන්තයක් ,වෘතියක් ඉගෙනගන්නේ නැහැ ලෙහෙසියට පහසුවට ක්ෂණික සුළු ආදායමකට යොමුවෙනවා මිසක් මේ පහසුවෙන් ගතහැකි ත්‍රි රෝද රථ නිසා. අවකල් ක්‍රියාවන්ට පෙළඹීම ද වැඩියි. (අ)
ඇමති තුමා දැන් සුදුස්සෝ ඔක්කොම කාර් අරගෙන ඉවරයි ? ඡන්ද හාර පන්දාහක් අරන් පැරදුනාම ලක්ෂ 500 ක විතර කාර් එකක් නොමිලේ දෙන්නේ හොඳ සුදුසුකමකට වෙන්න ඇති නේද ? (බ)
ශ්රී ලංකා දෙවැනි බීන් විදී බසි (බ)
දෙවියන්ගේ පිහිටයි (බ)
කලින් දවසේ ගත්ත පෙති ටිකේ සැර තාම තියද කොහෙද (බ)
ඒ කියන්නේ පොඩි මිනිහෙක් ට වාහනයක් ගන්න නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න ඕනේ කියලද? (බ)
ඔය වැඩ වලිනුයි ඔය කතා වලිනුයි වෙන්නේ අවුරුදු 6 ත් කොට වෙන වැඩක් තමයි .කරන්න ඕන ඔය දේ නෙමෙයි පාරේ දුවන්න නොසුදුසු වාහන , අබලන් තත්තවයෙන් දුවන වාහන පාරෙන් අයින් කරන එකයි . (අ)
ජෝන් අමරතුංග කියන්නෙ පවතින රජය වෙන කිසිම පුදගලයෙක්ගේ දායකත්වයක් මැදිහත්වීමකින් තොරව නැත්තටම නැති කරලා දාන්න පුළුවන් විදිහේ කෙනෙක් (අ)
එක ඇහැට ඇඩෙනවා මහින්ද දුන්න සැප මතක් වෙලා.(රේ)
ඡන්දදායකයන්ගේ මෝඩකමට බෙහෙත් ඇත්තෙම නැද්ද? (නි)
මෙතුමා කියන්නේ,සල්ලිකාර ලොකු පවුල් විතරක් වාහන පාවිච්චි කල යුතයි කියලනේ. අද වාහනයක් කියන්නේ හැම පවුලකටම අවශ්‍ය දෙයක්. දේශපාලකයන් කතා කිරීමට පෙර සිතන්න පුරුදු වුනොත් නම් හොදයි. (ර)
ලංකා හරියටම හරි. එහෙම අයට කතිරය ගැසූ අපටයි ගහන්න ඕනෑ (නි)
මොකක්ද කියන්නේ මේ (බ)
අපිට අහන්න තියෙන්නේ ඔබට සතුටුද දැන් කියලා විතරයි (නි)
මේ වගේ බාලාංශ කතාවල් කියන ඇමැතිවරුත් මේ ආණ්ඩුවේ ඉන්නවද? (බ)
මෝඩ මිනිසුන් විසින් බිහිකළ යුගයේ දේශපාලුවෝ!! (නි)
දැන් මුළු රටම ජෝන් බාස්ට ගිහින් (නි)
මේක තම සියවසේ මහා රැවටීම. මේ ලෙඩේ සනීප කරන්න තව අවුරුදු 4 ඉන්න එපායැ (නි)
දේශපාලකයා කවදත් කළේ මෝඩ අපිව ඇන්දුව එක විතරයි. (නි)
මෙතුමා මේ කියන්නේ මෙතුමාගේ තනි අදහසද? යාපලනයේ අදහසද? ඇත්තෙන්ම කියනවා නම් මම මගේම කාර් එකක් ගන්න සිහින මැව්වා. යහපාලනය ආවහම පුළුවන්වෙයි කියලා විශ්වාස කළා. (නි)
මවුකිරි ටිකටත් බද්දක් ගහයිද දන්නෙ නැහැ මෙහෙම යනකොට (නි)
උඩ පැනගෙන, මරාගෙන, නෑකම්, යාළුකම් නැතිකරගෙන රට පාලනයකරන්න පත්කරගන්න ජනතාවක් ඉන්න එකම රට. (ර)
වාහන මිල වැඩි කලේ දියවන්නාවේ අයගේ පර්මිට් එක හොද ගානකට විකුණගන්න වෙන්න ඇති (ම)