(අංජුල මහික වීරරත්න)
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් හා මිල්කෝ ආයතන මගින් මුදවන ලද කිරි නිපදවීම නවත්වා දියර කිරි, පිටි කිරි ඇතුළු කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙි.
සමාගම් දෙකට ලැබෙන කිරි ප්‍රමාණය අඩු වී ඇති හෙයින් ද කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම අත්හිටුවා ඇති බැවින් ද මුදවපු කිරි නිපදවීමට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලෙසත්, ඒ වෙනුවට කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා දුන් උපදෙස් වල සඳහන්ය.
දැනට රටෙි පවතින සත්ව ආහාර හිඟය හේතුවෙන් දියර කිරි නිෂ්පාදනය සියයට 34කින් පමණ පහත වැටී ඇති නිසා සමාගම් දෙකට දෛනිකව ලැබෙන දියර කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
දැනට NLDB හා මිල්කෝ සමාගම් දෙක කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසක් නිපදවන අතර පිටිකිරි, දියර කිරි, චීස්, බටර්, මුදවපු කිරි හා රස කළ දියර කිරි හා අයිස්ක්‍රීම් ද ඒ අතර ප්‍රධාන වේ.
මුදවපු කිරි නිපදවීම ගෘහ කර්මාන්තයක් වශයෙන් පවතින හෙයින් රටට අවශ්‍ය තරම් මුදවපු කිරි පවතින බවත් වෙළෙපොළේ කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදනවල හිඟයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා එම පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා අදාල සමාගම් දෙකට උපදෙස් දුන්නේය.
ජාතික පශු සම්පත් මණ්ඩලය හා මිල්කෝ සමාගම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාත්‍යතුමාගේ හොඳ තීරණයක්... හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය වැඩිකිරීමට පියවර ගත යුතුයි...
මෙහි සඳහන් වියයුත්තේ 'එළකිරි' මුදවීම නැවත වියයුතු බවයි! එළකිරිත්, මී කිරිත් අතර වෙනසක් ඇති නිසා..! එළකිරි මුදවීමට එයට ජෙලටීන්, මුසුකළ යුතුයි...! එනමුත් මීකිරි සඳහා එසේ කිරීමට අවශ්‍ය නැත.! එළකිරි මුදවා වෙළඳ පලට ගැනීම මෑත කාලයකදී පටන් ගත් දෙයකි..! මෙය පැහැදිලි ලෙස සඳහන් කළයුතුයි..! කිසිදාක මීකිරි නිපදවන්නන් ප්ලාස්ටික් බඳුන්වල මීකිරි අසුරන්නේ නැත! අනෙක එළකිරි මුදවීම සඳහා යොදාගන්නා ජෙලටීන් වර්ගය ෆුඩ් ග්‍රේඩ්දැයි සොයා බැලිය යුතුයි.!
හයිලන්ඩ්, පැලවත්ත දෙකම කරන්නේ යෝගට් හදන එක. අන්න එතැනට පිළියම් යොදන්න...
මහාපරිමාණයෙන් හෝ සුළු පරිමාණයෙන් කිරි වෙළදාම කරන කට්ටියට ඒක කරගන්න ඉඩහැරලා ඇමැතියා පැත්තකට වෙලා සිටියානම් ඉවරයිනේ... අවශ්‍ය නම් ලොකු කම්පැණිකාරයින් වැඩි මිලට කිරි අරගනියි. නැතිනම් කිරි පට්ටි පටන් ගනියි.