පසුගිය අප්‍රේල් මුලදී පානදුර බෙක්කේගමදී බණ්ඩාරගම පොලිසියේ උප පරීක්ෂක ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.පළිහවඩන (නඩු ඕ.අයි.සී) ගේ ඝාතනයෙන් පසු ඔහුගේ නිවසේ තිබූ භාණ්ඩ දැනට රිමාන්ඩ් භාරයේ සිටින ඔහුගේ බිරිය රත්නා රංජනී (48) ගේ මහ ගෙදරට ගෙනගොස් දින කිහිපයකට පසු එම ගෙදරට හොරුන් පැන අල්මාරි 5ක් කඩා ඇතැයි පොලිසිය කියයි.
අල්මාරියක් ළඟ වැටී තිබූ පිහිතලයක ඉව ඔස්සේ පොලිස් සුනඛ ග්‍රේරෝ තව දුරක් ගොස් රබර් වත්තක් ළඟ නතරවූ බවද පොලිසිය පවසයි. සොරාගෙන ඇත්තේ මොනවාදැයි සොයාගෙන නැත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට උප පරීක්ෂකගේ බිරියද කුකුළු මස් කඩකරුවෙක්ද තවත් පුද්ගලයෙක්ද රිමාන්ඩ් ගත කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා අරගන්නද මස්කඩකාරයා ඇවිල්ලා තියෙන්නේ? (නි)