මාස හතකට පමණ පෙර සෞදි අරාබියේ කමිස මුසායඩ් ප්‍රදේශයට ගෘහ සේවිකාවක් ලෙස පැමිණි මාතලේ මාරගස්පිටිය කොළණියේ හැවිදිරිදි ඉහළ ගෙදර රූපලතා (44) මහත්මිය හදිසි අනතුරකින් මිය ගියාය.
මේ කාන්තාව රැකියාව කරන ලද නිවසේ විවිධ වද හිංසන සහ ලිංගික අපචාර පිළිබඳව ඇය විසින් වාචිකව ජෙඩා පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයටද අයගේ ඥාතීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද විදේශ රැකියා ආයතනයටද පැමිණිලි කර ඇති බව සොයා ගෙන ඇත.
මෙම කාන්තාවගේ මරණය පිළිබඳව තොරතුරු සඳහන් කරන අබා ප්‍රදේශයේ වෙසෙන සමාජ සේවකයකු වන නිමල් එඩේරමුල්ල මහතා පවසනුයේ රූපලතා මහත්මිය කිහිප වරක්ම දුරකතනයෙන් කතා කර ඇය දැඩි ලෙස හිංසනයට හා ලිංගික අතවරයන්ට පත් වී සිටින බවත් මා කෙසේ හෝ ලංකාවට පිටත් කර යනව ලෙස ඉල්ලා සිටි බවයි.
මේ පිළිබඳව කොන්සල් කාර්යාලයයේ කම්කරු නිලධාරී මොහොමඩ් මලික් මහතාට මේ පිළිබඳව දැන්වීමෙන් පසු ජෙඩා පිහිටි කොන්සියුලර් කාර්යාලය මේ කාන්තාවට සිදු වන හිංසනයන් හා ලිංගික අපචාරයන් පිළිබඳව අදාළ හාම් පුතාගෙන් ප්‍රශ්න කළහ.
දින කිහිපයකට පසු (මීට දින තුනකට පෙර) ඇය කමිස් මුසායඩ් විදේශ රැකියා ඒජන්ත කාර්යාලය වෙත බාර දී ඇති අතර කාන්තාව එහිදි පවසා ඇත්තේ ද කෙසේ හෝ තමා ලංකාවෙන් පිටත් කර හරින ලෙසයි.පෙරේදා(29) වන තුරු රැකියා නියෝජිත කාර්යාලයයේ රැදී සිටි ඇය කොන්සියුලර් කාර්යාලය වෙත දැනුම් දීමෙන් පසු අභා අසීරු ජාතික රෝහලට ඇතුළු කර ඇත.
දේහය දැනට අසීරු රෝහලේ තැන්පත් කැර ඇත.
කොන්සියුලර් කාර්යාලයේ කම්කරු නිලධාරී මොහොමඩ් මලික් මහතා කියා සිටියේ මෙම කාන්තාව මිය යාමට පෙර කාලයක සිට අදාල හාම්පුතාගේ හිංසන සහ අපචාර සිදු වු බවයි. තමන් මේවන විට ගැබ් ගෙන ඇති බවත් ඇය පැවසු බව ඔහු කියයි.
ඒ අනුව ඇයට මා උපදෙස් දුන්නේ මෙම කරුණු පිළිබඳව පොලිස් විමර්ශනයක් කිරීම සඳහා අභා කාන්තා සුභ සාධන කඳවුරට කඳවුරට ගොස් බාර වන ලෙසයි.ඉරිදා දින කිහිපයේදී අදාළ හාම් පුතාට විරුද්ධව නිතීමය මගින් කටයුතු කරන බවත් කාන්තාව වෙනුවෙන් ලබා ගත හැකි වන්දි මුදල් හා ලබාගත හැකි වන්දි මුදල් හා හිග වැටුප් ලබා ගැනීමට පියවර ගන්නා බවත් කාන්තාවගේ මෘත දේහය ලංකාවට එවීමට පියවර ගන්නා බවත් මලික් මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිලධාරියගේ නොසැලකිල්ල තමා මෙම අකල් මරණයටත් හේතුව මම අත්දැකීමෙන් කියන්නේ මෙයාගෙන් මොනවහරි දේකට කතාකරත් බැනල තමා උත්තර දෙන්නේ අසරණ අපි කාට කියන්නද (බ)
අනේ දෙවියනේ මෙහෙමත් ජීවිත! (නි)
මිනිසුන්ගේ ජීවිත විකුණාගෙන කන එකට කියන්නේ කුමක් කියලද? මිනිසුන්ට ජීවත්වන පරිසරයක් තිබුණු අපේ රට රැකගන්නවත් අපේ අය සමත්වුණේ නැහැ. (නි)
ලංකාවේ ඉන්න සෑම පුරවැසියෙකුටම විදේශ සේවය අවුරුදු දෙකක් අනිවාර්ය කළයුතුයි. නැත්තන් මේ මෙහෙකාර සේවයේ යෙදවීම අත්හිටවිය යුතුයි. (නි)
දරු පවුලක් අනාථයි. කොච්චර නැති බැරි වුණත් ලංකාවේ ගෙදරක වැඩකරලා සල්ලි හොයන්න නම් කැමති නැහැනේ. (නි)
ලංකාවේ ප්‍රධාන ආදායම මැදපෙරදිග සේවය. ලැජ්ජා වෙන්න ඕනෑ (නි)
හැම තානාපති කාර්යාලයකම මෙහෙම තමයි ඉන්නේ ඔක්කොම හොරු යන්නේ සේවය කරන්ට කරගන්නේ තමන්ට සේවේ (බ)
මමත් ඉන්නේ රට (බ)
නියෝජිත ආයතන කරුවන්ට දඬුවම් දිය යුතුයි. උදේ සිට රාත්‍රි වනතුරු සමහර එෆ් එම් නාලිකාවල රට යවන ඒජන්සි කරුවන්ගේ දැන්වීම් වල ගිරව් කියන්නේ සැප සම්පත් වලින් පිරුන ලෝකයක් මවා පන්වමින්. (ත)
අපේ අහිංසක ගැහැණු රට යවන එක දැන්වත් නවත්වන්න බැරිද. මේ විඳලා තියෙන්නේ දස වද නේද. කම්කරු කාර්යාල වලට හිතක් පපුවක් ඇති මිනිස්සු සේවයට දාන්න. (ත)
මොකුත් කර කියා ගන්න බැරිව නම් තානාපති කාර්යාලයකට ගිහින් වැඩක් නැහැ. අසරණ වෙලා ආවොත් අසරණම තමයි, පිහිටක් නම් නැහැ. (ත)