කිරි ඉබ්බකු රුපියල් 8000 සිට 10000 දක්වා මිලට නොරොච්චෝලයේ චීන අවන්හල් වලට හා චීන ජාතකයනට විකිණූ දෙදෙනෙකුට ආණමඩුව මහේස්ත්‍රාත් ජානකී එෆ්. විජේතුංග මෙනවිය රුපියල් 80000 ක දඩ නියම කළාය. පන පිටින් සිටි කිරි ඉබ්බා වන ජීවියට බාර දෙන ලෙසත් මැරී සිටි ඉබ්බා විනාශ කිරීමටත් මහේස්ත්‍රාත්වරිය ආණමඩුව පොලිසියට නියම කළාය. ආණමඩුව මැරුංගොඩ ප්‍රේමතිලක හා අශින්ත චතුරංග දඩ නියම වූ දෙදෙනාය.
දැඩි ආරක්ෂක සතෙකු ලෙස කිරි ඉබ්බා මැරීම සපුරා තහනම්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඉබි මස් කියන්නේ ශරීරයේ ශක්තිය හොඳින් වඩවන, ඉතාමත් හොඳ වාජීකරණ ගුණයක් ඇති මස් වර්ගයක්. (නි)
මේ රටේ නිසි දඬුවම් ක්‍රමවේදයක් ඇති කරනතුරු අපරාධ වල අඩුවීමක් නම් වෙන්නේ නැහැ. (නි)
පවු දෙවියනේ අහිංසක සත්තු! (නි)