(අංජුල මහික වීරරත්න)
කිරි අල, මඤ්ඤොක්කා, බතල, ඉන්නල ආදී අල වර්ග දේශීය අවශ්‍යතාවයට සරිලන පරිදි වගා කර ඇති බැවින් මෙම අල බෝග ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
කිරි අල ඇතුළු බෝග වර්ග කිහිපයක් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 295 ක් වැය කර ඇතැයි ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙරිණි.
මේ සම්බන්ධව වාර්තාවක් දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ට උපදෙස් දුන්නේය.
2023 යල කන්නයේ හෙක්ටයාර් 2261ක කිරි අල වගා කර මෙට්‍රික් ටොන් 35,477ක අස්වැන්නක් ලැබී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම අපනයන සීමා ඉවත් කරලා දැන් මේවා හොයන්න එපා.කන්න අඳින්න පිටරටින් එනතුරු මුහුදට දත නියවන්න .රනිල් ඇතුළු නඩේ කරපු වීරකම් වල ප්‍රතිපල තමයි මේ