43 හැවිරිදි කසකස්ථාන හාම්පුතා හා ඔහුගේ කොටස්කරු රටින් බැහැරව සිටියදී ශ්‍රී ලාංකික සේවකයන් තිදෙනකු පරණ කාර් 11ක් හොර ලියවිලි මත විකුණා ඇතැයි ඩුබායි අපරාධ අධිකරණයේ නඩුවක් පවරා ඇත.
ඩිරාම් දෙකෝටි අසූ ලක්ෂයකට (රුපියල් කෝටි 112 ) එම ගනුදෙනුව සිදුකර ඇති බවත් පසුගිය මැයි 22 වැනිදා යළි සිය රට ආ හාම්පුතා ගේ ප්‍රදර්ශනාගාරය හිස්ව තිබූ බවත් ශ්‍රී ලාංකිකයන් නොසිටි බවත් කියති.
මෙම ගනුදෙනුවට පෙර එම තිදෙනාම තම විදේශ ගමන් බලපත්‍ර ආපසු ඉල්ලා ගත් බවත් මැයි 22 වැනිදාම මොවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් කියති.
නඩුව අප්‍රේල් 18 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොරු තුන්දෙනාට ඉහලම දඬුවම් දෙන්ඩ. මුන් හින්ද රටේ නම සමගම එහෙ වැඩ කරන අනික් අයගෙත් නම් කැත වෙලා ඉවරයි (බ)
ලංකාවේ දේශපාලනය කරන්න නියම සුදුස්සෝ තුන්දෙනෙක්!!! (බ)
පිටරටවල සේවය කරන ලාංකිකයෝ හොඳින් සේවය කිරීම නිසා තව තවත් ලාංකිකයනට එම ආයතන වල සේවය කරන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම එක ලාංකිකයෙක් කරන නරක ක්‍රියාවකින් මුළු රටේම නම කැත වෙනවා (බ)
එල. එල.ලකාවේ කට්ටිය ඕවට කියපු කට්ටිය. (බ)