
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කායවර්ධන අංශයේ කළුතර දිස්ත්‍රික් අවසන් මහා තරගය බණ්ඩාරගම මෛත්‍රී නගර ශාලාවේදී පැවැත්වෙන අවස්ථාවේ දී විදුලිය විසන්ධි වීම හේතුවෙන් ක්‍රීඩකයෝ දැඩි අපහසුතාවයට පත් වූහ.
ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය පැවැත්විණි
කිලෝග්‍රෑම් 55 ,60 , 65 බර පන්ති වලට අදාළව පැවැත්වුණු තරඟවලින් අනතුරුව කිලෝග්‍රෑම් 70 බර පන්තිය සඳහා ක්‍රීඩකයන් වේදිකාවට කැඳවන වන අවස්ථාවේදී එකවරම විදුලිය විසන්ධි විය
එම අවස්ථාවේදී එහි විනිසුරුවරයන් ක්‍රීඩකයන් අඳුරේම වේදිකා මත සිටියදී තරගය පැවැත්වීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
අනතුරුව එම ක්‍රීඩකයන් වේදිකාවෙන් බිමට බස්සවා විනිසුරුවන් ඉදිරියේ තරඟ පැවැත්වීමට උත්සාහ කළ ද එය එය ද අසාර්ථක වීමෙන් අනතුරුව විනිසුරුවන් තම අසුන් නගර ශාලාවෙන් පිටතට ගෙන ගොස් ගස් යට තබා එම තරග පැවැත්වීමට සූදානම් විය.
පැය බාගයකට පමණ පසු උත්සව භාණ්ඩ කුලියට දෙන ආයතනයකින් විදුලි ජනන යන්ත්‍රයක් රැගෙන ඒමෙන් අනතුරුව ක්‍රීඩා තරග නැවත ආරම්භ කිරීමට කටයුතු කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩට කන්නවත් නැති කාලෙක මොන කායවර්ධන තරගද?
මේ කාලකණ්ණි ආණ්ඩුව තියනකම් රටට අබ සරණයි...!