පස් කියුබ් 500ට අඩු ‘බී‘ ශ්‍රේණියේ කුඩා පරිමාණ පස් ඉවත් කිරිමේ බලපත්‍රරයක් යොදාගෙන දිවුලපිටිය පස් ජාවාරම්කරැවන් පස් කියුබ් 61000 ක් කපා ඇති බවට තොරතුරු අනාවරනය වි ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකමි කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක කිර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ අද (31)දිවුලපිටියේ සංචාරයක නිරත වු පරිසර අධිකාරියේ හා භු විද්‍යා හා පතල් කාර්යාංශයේ නිළධාරින් කණ්ඩායමක් විසින් මේ බව අනාවරනය කරගෙන ඇති බවයි.
දිවුලපිටියෙන් කපන පස් මුතුරාජවෙල ගොඩ කිරිම සදහා යොදාගන්නා බවත් එම කොන්ත්‍රාත්තුව භාරව සිටින්නේ දේශපාලනඥයකු හා දේශපාලනඥයකුගේ සමීපතමයකු බවත් තෙන්නකෝන් මහතා පවසයි. පගම්පහ දිස්ත්‍රික්කයේ පස් ජාවාරම මුල්කරගෙන ඝාතන 40 ක් පමණ සිදුවී ඇතැයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් රාමනායක මහත්තයා නැත්තම් මේ ගැන දන්නේ නෑ. (හේ)
උදේට නිලධාරීන් නිවැරදිය. සියල්ල සිදුවී ඇත්තේ නිත්යානුකුලවය.සවසට මෙසේ අසන්නට ඇත. ශ්‍රී ලංකාව නම් හැදෙන රටක් නොවේ. බෝට්ටුවක නැගලා හරි කොල්ලෝ ටික පැනගනිල්ලා වෙන රටකට. (හේ)
රන්ජන් රාමනායක මේ ප්රශ්නය යට යන්න නොදීපු නිසා මේකේ යථාර්තය අපිට දැන ගන්න ලැබුනේ. ජාතික සම්පතක් වෙන මේ ප්‍රදේශය අපේ අනාගත පරපුර වෙනුවෙන් රැක ගත යුතුයි. මේක පිටුපස සිටින දේශ පාලකයා ජනතාව දැන ගත යුතුයි. ඊළඟ මැතිවරණයේදී ජනතාවට එයට පිළිතුරු දෙයි.(අ)
රන්ජට ජයවේවා! (නි)
අර නෝනට කවුරුවත් ලිඛිතව කියලා ලියුම් කෑල්ලක් ඇරියේ නැහැනේ. අනේ මගේ කට..! (නි)
ඔය වගේ අපරාධ කරන්න රටේ සම්පත් විනාශ කරන අයට හෙණ එකක්වත් නෑනේ (බ)
රන්ජන් රාමනායක මහත්තයා නැත්නම් මේවා කවදාවත් හෙළිවෙන්නෙ නැහැ (නි)
දැන් තේරෙනවා නේද රන්ජන්ගේ කතාවේ ටෝන් එකේ අවුලක් තිබුනත් ඔහු කළ දේ හරි බව . ඒවගේම ප්‍රාදේශීය ලේකම්වරිය තමන්ගේ වගකීම හා රාජකාරිය පහර හැරියා හෝ දුෂිත ජාවාරම් කාරයින්ට උදව් කර ඇතිබව . හැබැයි මේ ඔක්කොටම වැඩ මේ මහා පරිසර කොල්ලයට වගකිව යුතු කෙනෙක් ඉන්නවා . මේවට වගකිව යුතුවන්නේ පරිසර ප්‍රශ්න සහ හානි වලක්වන්නට කිසිවක් නොකරන පරිසර ක්‍රියා සම්බන්ධ උත්සවවලට පමණක් සහභාගී වී කයිවාරු සහ හිස් වචන කතාකරන එක තමන්ගේ රාජකාරිය කියා සිතන පරිසර ඇමතිවන සිරිසේන ජනාධිපති උන්නැහේ නේද .(බ)
දැන් අර මිනිස්සුන්ට පගාදෙන බොරුන ලේකම් මොකද කියන්නේ (බ)
රන්ජන් ගැන මිසක් ඇයි කවුරුත් මේ වරද ගැන කතා නොකරන්නේ? (නි)
කවුද ඇත්ත කියන්නේ කියලා හෙට අනිද්දම බලාගන්න පුළුවන්. (නි)
ඊළඟ ඡන්දෙනුත් ගම්පහ අංක එකට රන්ජන්. (ම)
කොහොමද අපේ රාජ්‍ය සේවය? වර්ජන විතරයි. තමන්ගේ යුතුකම් මොනවද කියලා දන්නේ නැහැ (නි)
රජයේ නිලධාරීන්ටත් හොඳ කුට්ටියක් ලැබෙනවාද දන්නෙ නැහැ, මෙච්චර ඉක්මනට හැමෝම පෙළපාලි ගියේ? මෙච්චර විනාශයක් වෙලත් ගොළුවෝ බිහිරෝ වගේ ඉන්න නිලධාරින්ට බැනලා මදි. අර මර්වින් කළා වගේ අල්ලලා ගස් බැඳලා දිමිගොටු දමන්න ඕනෑ. කරුණාකර මෙයට වගකිවයුතු රජයේ නිලධාරීන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්න (නි)
මේ පස් කපන්නේ විපක්ෂයේ දේශපාලුවොද? නැහැ. රන්ජන්ලටත් පුළුවන් ආපහු තමන්ට පහර දෙන්න බැරි නිලධාරියෙක් අල්ලගෙන වීරයෝ වෙන්න. හැබැයි, තමන්ගේ පැත්තේ කට්ටිය ඉස්සරහදි සද්ද නැහැ (නි)
මෙම නිලධාරීන් මෙපමණ කලක් කොහෙද හිටියේ? මෙයාලගේ වත්කම් ගැනත් සොයා බැලුවොත් තමා හොඳ. දැන්වත් නීතියට වැඩ වේවා! (නි)
රටේ පස් ටික හූරාගෙන කා බඩගෝස්තරය පුරවාගන්නා උන්, දේශපාලනඥයකු හා දේශපාලනඥයකුගේ සමීපතමයකු වුණත්, ඔවුන්ට මතක හිටින පාඩම් ඉගැන්වීමට ජනපතිතුමා ඇතුළු යහපාලන රජය කඩිනම් පියවර ගත යුතුවෙනවා. පස් කැපීමට, ප්‍රවාහනය කිරීමට යොදාගත් සියලු උපකරණ වහාම රාජසන්තක කරන්න !!!! (නි)
රන්ජන්, ඔබ හරි. ජයවේවා! (නි)
ලිඛිතව දන්වන්න කිවුවේ ඒක වෙන්න ඇති (නි)
රන්ජන් ගැලරියට රඟපාන තවත් ජවනිකාවක්. ඇයි මේක නවත්වන්න බලයක් නැති නිලධාරිනියකට ජරා විදිහට බැනල මේකට නියම විදිහට වගකිවයුතු යට විරුද්ධව අගමැති, ජනාධිපති ලවා පියවර ගන්න රන්ජන් ක්‍රියා නොකරන්නේ? (ම)
රන්ජට ජයවේවා! (අ)
හැම කොට්ටශයකම ග්‍රාම සේවක කෙනෙක් ඉන්නවා ඔහු සතියකට කිහිප වතාවක්ම රාජකාරි සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවා ප්‍රාදේශීය ලේකම් සමග රැස්වීම් වලට සහභාගී වෙනවා , පස් කපන බලපත්‍ර නිකුත් කරන්න , ග්‍රාමසේවක සහ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අවශ්‍ය වෙනවා , ඔවුන් හොඳාකාරවම දන්නවා පස් කියුබ් 500 ක සහ 61000 ක වෙනස , මෙම ජාවාරමට මොවුන් අනිවාර්යයෙන් හවුල් , ලොකු දේශපාලන සහ මුදල් බලයක් නැතුව අර වගේ ලොකු උද්ගෝෂණ පා ගමනක් එතරම් කෙටි කාලයක් තුල සංවිධානය කරන්න අපහසුය , මෙතන හොඳාකාරවම පෙනී යනවා , දේශපාලකයන් රජයේ නිලධාරීන් සහ පස් ජාවාරම් කරුවන් සියලු දෙනාම එකම කණ්ඩායමකට අයත් බව. (ර)
මෙහි පිිටිපස සිටින දේශපාලුවන් වහාම අත්අඩංගුවට ගෙන දඩුවම් කල යුතුයි. (අ)
කිසිම දෙයක් නොදැන බොරුවට රජයේ නිලදාරීන්ට අපහස කරන්න එපා. මේක නවත්තන්න ප්‍රාදේශීය ලේකම්ට බලයක් නැහැ. රන්ජන් සම්බන්දීකරන කමිටුවේ සභාපති නම් එයට එකේදී නියෝගයක් දෙන්න පුළුවන් යෝජනාවක් ගෙනත්. බොරුවට මාධ්‍යට පෙන්න වීරයෙක් වෙන්නේ නැතුව. (ර)
ලක්මාල් ප්‍රාදේශීය ලේකම්ට පුළුවන් පොලිසියට පැමිණිලි කරන්න , පරිසර අමෙති තුමාව දැනුවත් කරන්න , පස් කියුබ් 61000 දවසට දෙකට කපා ප්‍රවාහනය කරන්න බැහැ මේ මගඩිය මාස ගණනක් තිස්සේ වෙනවා , මොනවා උනත් රන්ජන් මුකුත් නොකර කර බාගෙන හිටිය නම් මේ පරිසර විනාශය තවදුරත්ට් වෙනව , මේ පස් කැපීම සහ ප්‍රවාහනය සිදු වෙන්නේ ග්‍රාමසේවක වසම් කිහිපයක් හරහා එතකොට ඒගොල්ල නිදාගෙනද හිටියේ. (ර)
මහී රන්ජන් කෙලින්ම කියනවා පක්ෂ විපක්ෂ දෙගොල්ලොම මේ ජාවාරමට සම්බන්ධයි කියල.(අ)
මේ පස් කැපිල්ලට උපකාර කරන ලේකම් සහ උද්ඝෝෂණය කරන සියලුම දෙනාට මෙම ජාවාරමෙන් මුදල් සහ වාසි ලැබී ඇති. (අ)
ඔය වගේ දෙකට අත දාන්න කොන්ද පන තියෙන්නේ රන්ජන්ට විතරයි. (ම)
හොරුන්ගේ පාලනය පතන රාජ්‍ය සේවකයෝ මුන් කොහෙද රට හදන්න කැමති වෙන්නේ (බ)
නීතියට අනුව වැඩ කටයුතු කරලා මේ වගේ හොර රාජ්‍ය සේවකයෝ ගෙදර යවන්න ඕනෑ (බ)
ඔය මහා ලොකු නිලධාරී සංගමයට ප්‍රාදේශීය ලේකම්ට බැන්න කියල පෙළපාලි යන්න පුළුවන් නමුත් පස් කියුබ් 61000 ගැන අහනකොට කටේ පිට්ටු , හරිනම් රන්ජන් නෙමේ පරිසර අැමති සහ නිලධාරී සංගමය රන්ජන්ගෙන් සමාව ගන්න ඕනේ මේ පරිසර විනාශය නැවත්වීමට අපොහොසත්වීම ගැන සහ මේගැන දැනගෙන නොසිටීම ගැන , ජනාධිපති තුමාට නම් මේ ගැන වරදක් කියන්න බැහැ එතුමා මේක පත්තරේ දැකපු ගමන් පියවරක් ගනීවි (බ)
හෙන ගහන්න ඕන නේන්නම් (හේ)
නිලධාරී සංගමය ඇදගෙන නෑවා නේද පෙළපාලි ගිහින් කුණු ගොඩක් අවුස්සලා , මේකෙන් අනිවාර්යයෙන්ම ලකුණු වැටෙන්නේ රන්ජන්ට , හැමෝම හිතන් ඉන්නේ පාරවල් වහල ජනතාවට කරදර කරමින් පෙළපාලියක් ගියහම ඔක්කොම හරි කියල , නමුත් ඒවා බුමරන්ගයක් වගේ ඉලක්කය වැරදුනහම තමන්ගේ ඇගටම ඒවි කියල සිතන්නේ නැහැ ,(බ)