IMG-LOGO

කියපං ලොකු අයියේ

2016-05-27-ent-147

ඉකුත්දා පැවැති දෙරණ සිනමා සම්මාන උළෙලේදී හොඳම විකට නළුවා ලෙස සම්මාන ලැබූ වේ ප‍්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරාය. ඒ සමගම ඔහුගේ රංගනයෙන් සිනා ගැන්වෙන හොරා පොලිස් චිත‍්‍රපටයද හෙට අනිද්දාම තිරගත වීමට නියමිතය. හොරා ලෙසත් පොලිස් ලෙසත් ද්විත්ව රංගනයක යෙදෙමින් පේ‍්‍රක්ෂකයා හිනාගන්වන මහේන්ද්‍ර පෙරේරා එහි රඟපාන්නේද හාසේ‍යා්ත්පාදක චරිතයකි. ඒ නිසාම අපි මහේන්ද්‍ර පෙරේරා කැඳවන්නට අදහස් කළෙමු.

 

2016-05-27-ent-149මහේන්ද්‍ර ආයෙමත් පොලිසියට ගිහින්.

ඔව්නේ.. ආයෙමත් යන්න වුණා. සුරංග ද අල්විස් තමයි මට මේ පත්වීම දුන්නෙ.

 

ඔබ පොලිසියට ගිහින් පොලිස් නිලධාරියාව හාස්‍යයට ලක් කරනවා.

නෑ, ඒක වැරදි කතාවක්. මේ හොරා පොලිස් චිත‍්‍රපටියේ ඉන්න පොලිස් නිලධාරියා සාධාරණ අහිංසක එක්කෙනෙක්. ඔහුටත් ගෙදර ජීවිතයක් තියෙනවා. හැබැයි පොලිස් කාන්තාවකට ආදරේ කරනවා. මේ චිත‍්‍රපටියෙ එන සිදුවීම් වලින් හාස්‍යයක් ජනිත වුණත් කිසිසේත්ම පොලිස් නිලධාරියාව හාස්‍යයට ලක් කරන්නෙ නැහැ.

 

නමුත් ඔබ මීට කලින් රඟපෑ කොස්තාපල් පුඤ්ඤසෝම චිත‍්‍රපටියෙ එම චරිතය නිසා පොලිසිය හෑල්ලූවට ලක් වුණ බව සමහරු කිව්වා.

මට මතකයි හරියට වැඩ නොකරන පොලිස් නිලධාරීන්ව කොස්තාපල් පුඤ්ඤසෝමට සමාන කෙරුණු බවත්. එහෙම දෙයක් නම් මටත් මතකයි. මම හිතන විදිහට ඒකට හේතුව මම ඒ චරිතය රඟපෑ විදිය වෙන්නැති. කොස්තාපල් පුඤ්ඤසෝම හොඳට දුවපු චිත‍්‍රපටියක් වුණා.

 

හොරා පොලිස් චිත‍්‍රපටයේ ඔබේ රංගනය කොස්තාපල් පුඤ්ඤසෝමට වඩා වෙනස් ද?

වෙනස්, වෙනස්, හරිනම් මේ චරිතයට ඉන්න ඕනෙ කඩවසම් සටන්කාමී නළුවෙක්. මොකද මේ චරිතය එක පැත්තකින් පෙම්වතෙක්. තව පැත්තකින් සටන්කරුවෙක්. ඒත් කඩවසම් පෙනුමක් නැති මාව මේ චරිතයට ගැනීමෙන්. සුරංග ද අල්විස්. කරන්න ඇත්තෙ ඒ චරිතය හරහා හාස්‍ය මතු කිරීම වෙන්න ඇති.

 

පසුගියදා හොඳම විටක නළුවා ලෙස ඔබ සම්මානිත වුණා.

මම රඟපෑ ගින්දරී චිත‍්‍රපටයේ රංගනය නිසයි මට ඒ සම්මානය ලැබුණේ. මේ සම්මානයට මමත් රොඞ්නි වර්ණකුලත් නිර්දේශිත වී තිබුණා. නමුත් හොඳම විකට නළුවා ලෙස සම්මාන පිදුණේ මට.

 

ඒ සම්මානය ගැන ඔබ තෘප්තිමත්නෙ?

නමුත් රොඞ්නි නැතුව මට විතරක් සම්මානය ලැබීම ගැන මට කණගාටුවක් තියෙනවා. මොකද ගින්දරී චිත‍්‍රපටියෙ හැම විකට ජවනිකාවක්ම වගේ රඟපෑවේ අපි දෙන්නම එකට. රොඞ්නිගෙ රඟපෑම නිසයි මගේ රඟපෑම සාර්ථක වුණේ. කැපී පෙනුනෙ. ඒ නිසා මට හිතෙන්නෙම මම වගේම රොඞ්නිත් මේ සම්මානයට හිමිකම් කිව යුතු බවයි.

 

මේ සම්මානය නිසා මහේන්ද්‍ර පෙරේරා විකට නළුවෙක් විදිහට හංවඩු ගැහෙයිද?

එහෙම භයක් නම් මටත් තියෙනවා. හැබැයි එහෙම හිතුවොත් ඒක වරදක් මං හිතන්නේ. නළුවෙක් වුණාම ප‍්‍රබුද්ධ චිත‍්‍රපටවල වගේම වාණිජ චිත‍්‍රපටවලත් රඟපෑ යුතුයි. නළුවාගෙන් විය යුත්තෙ තමන් රඟපාන චරිතයට සාධාරණය ඉෂ්ට කිරීමයි. ඒ විනා ප‍්‍රබුද්ධ සහ වාණිජ කියලා චරිත තෝරා බේරාගෙන රඟපෑම නෙමෙයි.

අනිත් එක වෘත්තිය නළුවෙකුට එහෙම තෝර තෝර රඟපාන්නත් බෑ. මොකද ජීවත්වෙන්න සල්ලි ඕනෙනෙ.

 

ඒ කියන්නෙ ඔබ හැම විදිහෙ චරිතයක්ම රඟපාන නිසා ඔබට ප‍්‍රශ්න ඇතිවෙලා තියෙනවාද?

ඔව්නෙ... මගේ සමහර යාලූවො කියනවා මොකක්ද බං උඹ අර කළ චරිතෙ. උඹ නිකම් විහිලූ කාරයෙක් වෙනවනේ කියලා.

 

මටත් හිතෙනවා මහේන්ද්‍ර පෙරේරා දැන් විහිලූකාරයෙක් වෙලාද කියලා.

විහිලූ ඕනෙ තැනට විහිලූ සැපයීම හොඳ නළුවකුගෙ ලක්ෂණයක්. මිනිස්සු හිනස්සන්න හැමෝටම බැහැනේ.

 

නමුත් ඔබ හොඳ චරිතාංග නළුවෙක්.

ඔව්, ප‍්‍රසන්න ජයකොඩි හදපු විසි අට කියන චිත‍්‍රපටය ඕස්ටේ‍්‍රලියාවේ බිස්බේන් සිනමා උළෙලට ඉදිරිපත් කළා. ඒකෙ හොඳම නළුවකු විදිහට මාව නිර්දේශ වුණා.

 

ඔය කියන විසි අට මොනවගේ චිත‍්‍රපටියක්ද?

සුපිරි චිත‍්‍රපටියක්. ඒවගේ චිත‍්‍රපටියක් මීට කලින් අපේ රටේ හැදුනද කියලත් මට සැකයි.

 

විසි අට තාම අපේ රටේ ප‍්‍රදර්ශනය වුණේ නැහැ.

ඒක හදලා අවුරුදු තුනක් වුණා. ඒත් තාම ඒක තිරගත කරන්න බැරි වුණා.

 

මහේන්ද්‍ර පෙරේරාට අනුව ලංකාවෙ හොඳම විකට නළුවා කවුද?

කතා දෙකක් නෑ. ජෝ අබේවික‍්‍රම තමයි.

ජෝ විකට චරිතවලට වගේම සීරියස් චරිතවලටත් එක වගේම දක්ෂයි. ඒ වගේ විශිෂ්ට නළුවෙක් මම දැකලා නැහැ.

හැබැයි දොන් සිරිසේන, ඇන්තනි සී. පෙරේරා, ප්‍රෙඞී සිල්වා වගේ අයත් හොඳ විකට නළුවො තමා. ඔවුන් කළ රංගනයන් අපිට තාම මතකයි. ඒ සීන්වලට තාමත් අපිට හිනා යනවා.

 

ඔබ රංගනය පටන් ගත්තෙ වේදිකාවෙන්.

මගේ නාට්‍ය ගුරුවරයා සාලමන් ෆොන්සේකා. ඔහු චෙකොස්ලෝවැකියාවට ගිහින් අවුරුදු දහයක් නාට්‍ය හා රංග කළාව ඉගෙන ගෙන ආපු කෙනෙක්. නමුත් ඔහුගෙන් රටට වැඩක් ගත්තේ නැහැ. ඔහුගෙන් වැඩක් ගත්තෙ මහේන්ද්‍ර පෙරේරායි කමල් අද්දරආරච්චියි විතරයි. අපි දෙන්නම එයාගෙ ගෝලයො.

මම මුලින්ම රඟපෑවේ එයාගෙ පුන්තිලා නාට්‍යයේ.

 

ඒ කාලෙ ඔබ හොඳ කට්ටක් කෑවා කියලා මං අහලා තියෙනවා.

මොනව කියනවද? පුන්තිලා නාට්‍යයේ චරිතය අධ්‍යයනය කරන්නම මට මාස දහයක් ගියා. ඊට පස්සෙ නාට්‍යය පුරුදුවීමට මාස නමයක්. ඒ කරලත් තව ප‍්‍රශ්න පත්තරේකටත් උත්තර ලියන්න වුණා. ඊට පස්සෙයි මට මේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණෙ.

 

ඒ කියන්නෙ රඟපෑම කියන්නෙ බොහොම භාර කාර්යයක්.

ඇත්තම කිව්වොත් රඟපෑම කියන්නෙ මේකයි කියලා ඇඟිල්ල දික්කරලා පෙන්නන්න පුළුවන් දෙයක් නෙමේ. ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙන්න පුළුවන් දේකුත් නෙමෙයි. ඒක තමන්ම හොයාගත යතු දෙයක්. අපිට පුළුවන් වෙන්නෙ රඟපෑම මොකක්ද කියලා හොයාගෙන යන්න පාර පෙන්නන්න විතරයි.

 

කට්ට කාලා වේදිකාවට ආපු ඔබ ළඟකදී වේදිකාවෙ දී හමුවුණේ නැහැ.

මම අන්තිමට වේදිකාවෙ රඟපෑවේ ධර්මසිරි බණ්ඩාරනායකගෙ යක්ෂාගමනය කියන වේදිකා නාට්‍යයේ.

 

ඇයි වේදිකාවෙන් බැහැලා ගියේ.

වේදිකා රංගනය කියන්නේ වෙහෙසකාරී වැඩක්. මම හිතුවා වේදිකාවෙන් බැහැලා ගිහින් අලූතින් රංගනයට එන්න හිතන් ඉන්න අයට රංගනය හොයාගන්න උදව් කරන්න ඕනැයි කියලා. මං රංගන පාසලක් පටන් ගත්තෙ ඊට පස්සෙ.

 

ඉතින් ඒකෙන් වැඩක් වුණාද?

ඔව්, මගෙන් ඉගෙන ගත්තු අය අද රංගන ක්ෂේත‍්‍රයේ ඉස්සරහට ගිහින් තියෙනවා.

 

නමුත් අලූතින් වේදිකා නාට්‍යය එන හැටියට ආපහු වේදිකාවට එන්න ඔබට හිතෙන්නෙම නැද්ද?

මම වේදිකා නාට්‍ය පහළොවක විතර රඟපෑවා. මෝරා වගේම සාජන්ට් නල්ලතම්බිත්, ඒත් අන්තිමේදී මම වේදිකාව ගැන කලකිරුණා. දැන් මට වේදිකාවට නගින්න හිතෙන්නෙම නෑ.මහේන්ද්‍ර පෙරේරා සිනාවකින් දෙතොල සරසාගත්තේය. ඔහුගේ දුරකථනය නාද වූයේ එවිටමය.

 

”කියපං ලොකු අයියේ.” මහේන්ද්‍ර දුරකථන ඇමතුම ගෙන කීවේය. ඇමතුම අසන් වූ පසුව අපි ඔහුගෙන් සමුගත්තෙමු.

”හොඳයි ලොකු අයියේ ගිහිල්ලා එන්න.” මහේන්ද්‍ර කීවේය. ඔහුට කවුරුත් ලොකු අයියලාය.

 

ශාන්ත කුමාර විතාන / ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය 

 

sandalla

 

2016-05-27-ent-148
2016-05-27-ent-150
2016-05-27-ent-151

 



අදහස් (0)

කියපං ලොකු අයියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 436 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site