ආණ්ඩුවේ අර්බුද ඇතැයි ප්‍රචාරය වුවද එවැනි අර්බුදයක් ආණ්ඩුවේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා අද හම්බන්තොට දී පැවසීය.
‘‘අද අපි එකට ආණ්ඩු කරාට ඉතිහාය දිහා බැලුවම ගහ මරාගත්ත පක්ෂ දෙකක්.ගමේ විරුද්ධව සිටිය පක්ෂ දෙකක් තමයි මේ එකට එකතුවෙලා ආණ්ඩු කරන්නේ.ඉතින් එතකොට යම් යම් අර්බුධ මතුවෙන්න පුළුවන්.මොකද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හා අපේ ප්‍රතිපත්ති අතර විශාල වෙනසත් තියෙනවා. මේ දෙකෙම තියෙන හොදම ටික අරගෙන තමයි ආණ්ඩු කරන්න වෙන්නේ.‘‘ යැයි ද ඇමැති කීවේය.
පසුගිය කාලයේ යම් යම් අඩුපාඩු තිබුණේ නම් ඒවා නිවැරදි කරගෙන මේ වසරේ ඉදිරියට යෑමේ හැකියාව ඇතැයි ද අමරවීර මහතා කීවේය.
‘‘සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ගෙන ආවොත් ඒ සදහා අපේ පුර්ණ සහාය ලබා දිමට අපි සුදානම්. අපේ අදහස් අරගෙන ඒ අනුව සංශෝධනය වී එම කෙටුම් පත සකස් කරන්නේ නම් ඒ සදහා පළාත් අමාත්‍ය වරුන් පවා දීමට සුදානම්.‘ යැයි සන්ධාන මහලේකම් ධීවර ඇමැති මහින්ද අමරවිර මහතා අඟුණකොලපැලැස්සේ දී පැවසීය.
‘අපි හිතනවා මේ රටට එන ආයොජකයන්ට කඩිනමින් තම කාර්යය කරගෙන යන්න අවස්ථාවක් දෙන්න ඕනෑ කියා. දැනට ආයොජකයන් මේ තියෙන නීති රිති, වට පිටාව නිළධාරීන් හරහා ගියොත් කිසිකෙනෙක් මේ රටේ ආයෝජනය කරන්න පෙළඹෙන්නේ නෑ. ඒ නිසා විශේෂ වැඩ පිළිවෙලකට යන්න ඕනේ. “වන්ෂ්ටොප් “ වගේ වැඩ පිළිවෙලකට යෑම අවශ්‍යයි. ඒ නිසා නැවත සිශෝධන සහිතව එන සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතට අපේ සහාය දෙනවා. මොකද ඒ සදහා අපෙනුත් අදහස් ලබාගෙන එය සකස් කරන නිසා.
කවුරුන් මොනවා කිවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තවමත් ඉතා ශක්තිමත්ව තියෙනවා. කිසිදු අර්බුධයකට මුහුණ දෙන්න වෙන්නේ නෑ. මොකද අපි සියළු දෙනා එකතු කරගෙන යන ගමනකටයි වැඩ කරගෙන යන්නේ. විවිධ අය කියනවා මේ වසරේදී නව ආණ්ඩුවක් පිහිටවනවා කියලා. නමුත් මේ රටේ තියෙන ව්‍යවස්ථාවට අනුව 2020 තමයි මැතිවරණයක් තියන්න තිබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය තමයි ක්‍රමවේදය. ඉතින් තුවක්කු අරගෙන ආව කියලා ආණ්ඩු හදන්න බෑනේ. ඉතින් ඒ අනුව බැලුවම බොහොම පැහැදිලියිනේ ප්‍රජාතන්ත්‍රවාදිව මැතිවරණයක් ජයග්‍රහණය කරලා ආණ්ඩුවක් පිහිටුවන්න ලැබෙන්නේ 2020දීනේ. ඒ නිසා 2020දි අපි එකට එකතු වුණාම ඒ ජයග්‍රහණය කරා යන්න පුළුවන්.
අද අපි එකට ආණ්ඩු කරාට ඉතිහාය දිහා බැලුවම ගහ මරාගත්ත පක්ෂ දෙකක්.ගමේ විරුද්ධව සිටිය පක්ෂ දෙකක් තමයි මේ එකට එකතුවෙලා ආණ්ඩු කරන්නේ.ඉතින් එතකොට යම් යම් අර්බුධ මතුවෙන්න පුළුවන්.මොකද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හා අපේ ප්‍රතිපත්ති අතර විශාල වෙනසත් තියෙනවා. මේ දෙකෙම තියෙන හොදම ටික අරගෙන තමයි ආණ්ඩු කරන්න වෙන්නේ. එහෙම නැතිව එක පක්ෂයක ප්‍රතිපත්ති විතරක් ක්‍රියාත්මක කරන්න ගියෝත් තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ. පහුගිය කාලය තුළ යම් යම් අඩුපාඩු තිබුන නම් මේ අලුත් අවුරුද්දේදී ඒවත් නිවැරදි කරගෙන යන්න පුළුවන් කම තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කියන්න ඕනෑ දේවල් මෙතන ලියන්න අමාරුයි (නි)
ඕකෙ ඉතින් අමුතුවෙන් මොන අර්බුදද? කරන වැඩකුත් නැහැනේ. (නි)
තාත්තාව හොයාගෙන ණයකාරයෝ ආවහම පුංචි පුතා ණයකාරයන්ට ගිහින් කිව්වලු තාත්තා ගෙදරත් නැහැ, ඇඳ යටත් නැහැ කියලා. (නි)
මොකක්ද මේ කියන්නේ? එකට එකතුවෙලා ආණ්ඩු කරනවා කියලා ආණ්ඩු කරන්නේ එක්සත් ජාතික පක්ෂය. ඔයාලට තියෙන්නේ අවශ්‍ය දෙකට සහයෝගය දෙන්න පමණයි (නි)
ඒ කියන්නේ නොකියන තරමටවත් අර්බුද තිබෙනවා කියන එකද, ඇමතිතුමා? (නි)
ඒ වගේම තමයි කියන තරම් වැඩකුත් නැහැ. බොරු කයිවාරුව විතරයි. නේද? (නි)
"මේ දෙකේම තියෙන හොඳම ටික අරගෙන තමයි ආණ්ඩු කරන්න වෙන්නේ........" කිරියි කිරියි වෙන්න බැහැ. ගොමයි ගොමයි බොහෝදුරට වෙන්න ඉඩ තියෙනවා. දැනටත් කිරි සහ ගොම අඩුවක් නැතුව මේ ලියන මොහොතේත් කලවම් වෙනවා. ඔහොම යමු! (නි)
ඇත්තමද? අපි බලාගෙන ඉන්නවා අනාගතය ගැන. (අ)
අර්බුද තියෙන්නේ මහජනතාවට. ඔබතුමන්ලාට තියෙන්නේ මොන පනත ගෙනාවත් සම්මත කරගන දෙන දීමනාවල් අරගන පරම්පරාවටම මාළිගා හදාගන්න එක. ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට. ඕක තමයි ඔබලාගේ මහා ලොකු දේශපාලනය. (නි)
රාජපක්ෂ යුගයේ හොරකම, අවනීතිය රජවෙලා තිබුනා. අද ටික ටික ඒ තත්ත්වය වෙනස් වෙනවා (නි)
ඔය කියන එකමුතුව ගමේ නම් දකින්න නැහැ. ප්‍රතිපත්ති වල වෙනස සමහරුන්ට නොතේරුනාට යන වැඩපිළිවෙල අනුව අපේ ජාතියට වෙන හානිය කුමක්ද කියලා ගම්බද ජනතාව දන්නවා. ඒ නිසා මම කියන්නේ ඒ අපරාධය කරන්න එපා කියායි. (නි)