තායිලන්තයේ දී කිඹුලකු සමග ඡායාරූප ගැනීමට ගිය සංචාරක කතක් කිඹුලාට ළංවෙද්දී කිඹුලා සපා කෑම නිසා තුවාල ලබා ඇත.
තායිලන්තයේ කාඕ යාඉ ජාතික උද්‍යානයේදී එම අනතුර සිදුව ඇති අතර 47 හැවිරිදි ප්‍රංශ ජාතික කාන්තාවක් සිද්ධියට මුහුණ පා ඇතැයි කියති.
කිඹුලා සිටි පොකුණ අසලට ගිය සංචාරක කාන්තාව ඡායාරූප ගැනීම සඳහා කිඹුලාට කිට්ටු වෙද්දී කිඹූලා ඇයට පහරදී ඇගේ කකුල සපා කා ඇතැයි උද්‍යාන ප්‍රධානී තාන්‍යා නෙතිතම්මකුල් පවසයි.
ඇගේ දණහිස වෙළුම්පටිවලින් ඔතා වහා ප්‍රතිකාර සඳහා රැගෙන යන ආකාරය ඡායාරූපවල සටහන් වී ඇති බවත් පොකුණේ ජලය ලේ වලින් වැසී ඇති ආකාරය ද ඡායාරූපවල දැක්වෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
උද්‍යාන පාලනාධිකාරිය පවසන්නේ තායි භාෂාවෙන් හා ඉංග්‍රීසි බසින් එහි දැන්වීම් පුවරුවල ‘කිඹුලන් අනතුරුදායක බවත් පිහිනීම තහනම් බවත්‘ සඳහන් කර ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිඹුල්හාමිත් එක්ක සෙල්ෆියක් ගහන්න යන්න ඇති. (නි)