
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවෙි සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සමිබන්ධ කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගොලයකු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමග බ්ලූමැන්ඩල් මල්ලිකා කඩේ ,ඉබ්බගේ වත්ත ,රෙඩ්බානා ඇල ප්‍රදේශයේදී මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් ඒකකය කියයි.
හෙරොයින් ග්‍රැමි 13ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑමි 01ක් කේරළ ගංජා ගෑමි 22ක් PREGA TABLETS 160ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 27ක සැකකරු එම මත්ද්‍රව්‍ය ජාවාරම්න් උපයාගත් රුපියල් එක්ලක්ෂ පන්දාස් දෙසීයක මුදලක් ජංගම දුරකතන 03ක් සමග අත්අඩංගුවට ගෙන ඇත
කිඹුලා ඇලේ ගුණා නැමැත්තාට 1999වසරේ කොළඹ නගර සභා පිටියේදී පැවති මහජන රැස්වීමකදී එවක ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාරය සමිබන්දයෙන්ද චෝදනා එල්ලවී සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd