(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට බලකිරීමට හැකියාවක් නැති බවට කොමිසම ගත් තීරණය වැරදි සහගත එකක් යැයි වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (14) කොමිසම ඉදිරියේ පැවසීය.
එම තීරණයට නීතීපතිවරයා එකඟ වන්නේ නැති බව ද පැමිණිල්ල මෙහෙයවමින් කොමිසමට සහය ලබාදෙන වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කීය.
කොමිසමේ මෙම වැරදි තීරණයට එරෙහිව නීතීපතිවරයාගේ උපදෙස් මත අවශ්‍ය සුදුසු නීතීමය පියවර ගන්නා බවද ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන්නේය.
අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සාක්කිකරුවකු වුවත් ඔහුට කොමිසම හමුවේ සාක්කි දෙන ලෙස බලකිරීමට හැකියාවක් නැති බවත් ඇලෝසියස් මහතා කොමිසම හමුවට කැඳවනු ලබන්නේ කරුණු 13ක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරගැනීමට බවත් කියමින් ඇලෝසියස් මහතාට අවශ්‍ය නම් සිය කැමැත්තෙන් කොමිසම හමුවේ සාක්කි දිය හැකියැයි කොමසාරිස්වරු සිය තීන්දුව මඟින් ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇලෝසියස් අල්ලුවාද කොමිසමත් හැබැටම.
අපරාදේ වටිනා මිනිස් කාලය.
කාගෙන් ගැලවුනත් දපුල්ල ද ලිවේරාගෙන් බේරෙනවා බොරු. මේ රටේ සියලුම පුරවැසියන් මේ මනුස්සයට ස්තුති කල යුතුයි මේ කරන අවංක සේවයට. නීතිපතිකමට සුදුසුම කෙනෙක්.
කොමසාරිස්වරුන්ට ඉහළින් එන පීඩනය දරන්න බැරි තරමටම ඇති නමුත් මුළු රටම මේ දිහා බලාගෙනයි ඉන්නේ, ඔබෙ ගෞරවයත් ජාතියට සාධාරනයත් අපි බළාපොරොත්තු වන්නේ ඔබතුමන්ලාගෙනුයි, එය ඉටු වනුදැක්ම ජාතියේ බලාපොරොත්තුවයි
කොමසරිස්වාරුනි ඔබට ඉහලින් බලපෑම් ඇත්නම්, එය රටට දන්වා කොමිසමේ ගෞරවය රැකගෙන ඉන් ඉවත් වන්න.
කොමිසමේ කට්ටියත් විකිණිලා ඉවරයි ..
අපි අහල තියෙන හැටියට නම් කොමිසමේ සාමාජිකවරු කෙලින් කටයුතු කරන මහත්වරු. එතුමන් දීපු තීන්දුවෙන් කියන්න ඇත්තේ ඔවුන්ට පෙනී යන නෛතික තත්ත්වයයි. එහෙමනම්, එකම කරුණු එකට ඉඳගෙන අහල වෙනස් තීන්දු දෙන්නේ ඕන තරම්! ඒ කියන්නේ (divisional bench) කොයි තරම් සිදුවෙනවද? ඒ තීන්දු වැරදි නම් නීතිපතිට ගන්න පුළුවන් ක්‍රියා මාර්ග ඇතිනේ.
ඔය කොමිසම බලරහිත කොමිසමක්. කොමිසමක් පත් කල යුත්තේ පුර්ණ අදිකරණ බලතල සහිත එකක්. ඔබට මතකද පිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා පත් කල කොමිසම. බැදුම්කර වංචාව බිලියන 59. රජයේ දේපොළ මංකොල්ල කෑම වලක්වන්න නීති සම්පාදනය කිරීමට දේශපාලකයන්ට ඕනෑකමක් නැත .
සාක්කි නොදෙන්නේ දුන්නොත් වැරැදි අහුවෙනනිසානේ. සාක්කි දුන්නේ නැත්නම් දැනට තිබෙන සාක්ෂමත වැරදිකරු වෙනවා. ඒකට අභියාචනයක්වත් කරන්න බැරිවියුයතුයි. මොකද තමන් නිවැරැදිකරු කියලා කියන්නවත් සාක්කිදිපු නැති කෙනෙක් කොහොමද දිපු තින්දුව වැරදියි කියලා අභියාචනයක්වත් කරන්නේ?
ජනතාව බලාගෙන ඉන්නේ වෙන්නේ මොනවාද කියා .
කොමිසම නිකං ඇස් බැන්දුමක් වුණොත් ජනාධිපතිතුමා පිළිබඳව ඇති ජනතා විශ්වාසය පළුදු වෙනවා !