වී මෝල් හිමියන්ගෙන් කොමිස් මුදල් ලබා ගත් බවට මහා පරිමාණ වී මෝල් හිමියකුවන ඩඩ්ලි සිරිසේන නැගූ චෝදනාව ඔප්පු කළහොත් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී පාර්ලිමේන්තුවෙන් ද ඉවත්වන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් පවසයි.
ඇමතිවරයා ඒ බව කියා සිටියේ සහල් මිල වැඩිවීමත් සමග ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා අද (ජනවාරි 03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
සිය සොහොයුරන්ට උපකාර කරන මෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමන්ගෙන් ඉල්ලා නොමැති බවත් ඔහු සඳහන් කළේය.
සහල් ආනයනය කිරීම සඳහා මේවන විට ටෙන්ඩර් කැඳවා ඇති බව කී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා සති දෙකක කාලයක් ඇතුළත විදේශ රටවලින් සහල් ආනයනය කිරීමට හැකිවනු ඇති බවත් පැවසීය.
ඒ හරහා සහල් මිල අඩු කර ගත හැකි වනු ඇති බවත් සහල් සඳහා ඉදිරියේදී පාලන මිලක් ඇති කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
(උපුටා ගැනීම බීබීසී සිංහල වෙබ් අඩවියෙනි.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔප්පුවෙන විදියට කවුද කොමිස් ගන්නේ? (නි)
එහෙම ඔප්පු නොකොළොත් අස්වෙන්නේ නැහැ නේද? වෙන ආණ්ඩුවක් ආවොත් එ් පැත්තට මාරුවෙලා හරි ඉන්නවා නේද? (නි)
මහත්තයෝ, බොරු බයිලා නැතුව තියෙන ප්‍රශ්නයට විසඳුම් හොයන එක නේද හොඳ? (නි)
ඔප්පු කරන්න කොමිස් ගන්නකොට ඔබතුමාලා රිසිට් දෙන්නේ නැහැනේ. බොරු බණ අපිට වැඩක් නැත. සහල් මිල අඩු කරන්න බැරි නම් ගෙදර යන්න. ඉස්සර රාජපක්ෂ පවුල අපිව සූරාකෑවා. දැන් අනිත් අය අපේ බත්පතත් උදුරා ගන්න හදනවා (නි)
දේශපාලකයන් හොඳට තෙම්පරාදුවෙලා ඉන්නෙ. අහුවෙන්න කොමිස් ගන්නවද කවුරුවත්? (නි)
නඩුවක් දාන්න. එතකොට ඔක්කොම එළිවේවි! නිකම් බොරු එපා (නි)
හරි විදිහ නම් චෝදනාවක් එල්ලවුණාම ඇමතිකමෙන් අයින්වෙලා මධ්‍යස්ථ පරීක්ෂණයකින් පස්සේ නිදොස් කියලා ඔප්පු වුණොත් අායෙත් ඇමතිකම බාරගන්න එක. (නි)
බිල් දාලම වෙන්න ඇති ගන්න ඇත්තේ කොමිස් (නි)
ඕකනේ මහත්තෙයා් කරන්න බැරි. ඔබතුමාලා රාජපක්ෂලා හොරකම් කෙරුවා කිවුවට ඔප්පු කරගන්න බැහැනේ. (නි)
"අහුවෙන්න, එහෙමත් නැත්නම් ඔප්පු කරන්න පුළුවන් තාලෙට කිසිම වරදක්, දුෂණයක්, වංචාවක් අපේ දේශපාලකයන් කරලා නැත" කියලයි ඡන්දදායකයෝ නම් කියන්නේ. (නි)
ඔප්පු කරන්න බැරිවෙන්න වැඩේ දෙන්න ඇති (නි)
නත්තලට අඩුකරන්න බැරිවුණ සහල් මිල පසුව අඩු කරන්නේ කොහොමද (නි)
පසුගිය කන්නයේ වී බියර් හදන්න විකිණුවේ කිලෝව රුපියල් 29 ගණනේ. එහෙම වෙළඳපොළේ මිලට අඩුවෙන් හොඳ වී විකුණුවේ කොමිස් නැතුවද? (නි)
මහින්දට හොරා කියපු සමහර අය දැන් ඇත්තටම හොරාකනවා (නි)
අහිංසක ජනතාව හිග නොකා හිගා කනවා. පම්පෝරිය නෙවෙයි මොන දෙයක් හරි කරලා අහිංසකයින්ට තුන්වේල කන බත් පංගුව හරිගස්සන්න. (ර)
මේවා ඔප්පු කරන්න ඕනේ නැහැ අපිට මේ ප්‍රශ්නෙට විසදුමක් ලැබුනොත් ඇති. (ර)
ලංකාවේ ක්‍රමය අනුව ඔප්පු නොකරන කාරනා සම්පුර්ණයෙන් බොරුත් නොවෙයි. ඔප්පුකරන කාරණා සම්පුර්ණයෙන් ඇත්තත් නොවෙයි. (නි)
ඇමතිතුමනි, විකාර කියවන්නෙ නැතුව සහල් මිල අඩුකරන්න (නි)
ඕවා ඔප්පු වෙන්න කරන දේවල්ද? (නි)
මොන එකකටද තිබුන වී ටික සත්ව ආහාර වලට විකුණුවේ. මොනවටද ඔප්පු කරන්නේ? එහෙම කරලා නැත්නම් මේ සහල් අර්බුදයක් නැහැනේ. (නි)