ජනතාවට ඉමහත් සේවයක් වන පෙත්සම් කාරක සභාවට කිසිදු දිනක සහභාගී නොවූ මන්ත්‍රීන් පිරිසක් සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් කතානායකවරයා දැනුම්වත් කරන බවත් මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.
කැමරාව ද තුවක්කුව හා බලවත් ආයුධයක් බව ද, ඇතැම් මහජන නියෝජිතයන් වැඩ කරන්නේ කැමරාව ඉදිරිපිට දී පමණක් බව ද, සැබෑ ලෙස මහජනතාවට සේවය වන පෙත්සම් කාරක සභාවට සහභාගී වන මන්ත්‍රීවරුන් අගය කළ යුතු බව ද සේනසිංහ මහතා කීවේය.
මහජන පෙත්සම් කාරක සභාවේ හය වැනි වාර්තාව එළි දැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළේය.
2013 ජනවාරි පළමු වැනි දා සිට 2015 ජුනි 26 වැනි දා දක්වා මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සම් 1366ක් ලැබී ඇතැයි ද, ඉන් 334ක් ස්ථාවර නියෝගවලට අනුකූල නොවන නිසා ප්‍රතික්ෂේප වූ බව ද, පෙත්සම්කරුවන් 92කට සහන ලබා දුන් බව ද හය වැනි වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් මතකයි අර ගංවතුරෙන් අනාථ වූ මිනිසුන්ට ආධාර දුන් විදිය. අනේ මෙහෙමත් විකාර! මොවුන් යුද්ධ කාලේ හිටියා නම් ආණ්ඩුවේ, අම්මපා තව අවුරුදු 1000කට විතර යුද්ධය ඇදෙනවා (නි)
මට මතක්වෙන දේවල් මෙතන කියන්න අමාරුයි (නි)
කැමරාව කමක් නැහැ. තුවක්කුව ගැන නම් මතක්කරන්නවත් එපා. ඒකෙ බියකරු බව අපි විතරක් නොවෙයි මුළු ලෝකෙම දන්නවා. (නි)
පෙත්සම්කාරක සභාවට නොවෙයි මොන එකකටවත් සහභාගිවෙන අයද ඔයගොල්ලෝ. අඩුගානේ පළාතේ මිනිස්සු කීදෙනෙක් අඳුනනවද ලක්ෂ ගණන් ඡන්ද ගත්තට. ඒ මදිවට තව පොකට් මනි කියලා මාසෙකට ලක්ෂ ගණන් දෙන්නත් හදනවා. මේවට තමයි කියන්නේ අනේ කාලේ වනේ වාසේ කියලා. මම නම් අපේ පළාතේ හිටපු කෙනා තාම දැකලා නැහැ, මොකද කවදාවත් අපේ ගමට ඇවිල්ලා නැති නිසා. (නි)
අනේ මොකටද මගේ කට ඇමතිතුමා (නි)
මහ ඡන්දෙදි කොළඹ පුරා ලොකුම කටවුට් ගහලා මුලින්ම ඡන්ද නීති කැඩුවේ කවුද? (නි)
අපේ සමහරු 2009 යුද්ධය අවසන් කරපු දවසවත් දන්නේ නැති හැඩයි (නි)
මෙයාලා ඡන්දේ ඉල්ලන්න ආවොත් ඡන්දේ දෙන්න එපා. ඡන්දේ දිනලා ගංවතුරෙන් අවතැන් වුණ මිනිසුන්ට දුන්නෙත් මොනවද කියලා අපි දන්නවනේ (නි)
අනේ! ප්‍රභාකරන්, ඔබ අහිංසක මිනිසුන් මරන්නේ නැතුව රටට අපල කරන දේශපාලුවෝ මැරුවා නම් සිංහල අපිත් ඔබ සමඟයි (නි)