තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක
උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවාට විභාගය අතරතුරදී තවත් ටියුෂන් ගුරුවරයකු ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට ද පිළිතුරු ලබා දී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
පාදයෙන් ක්‍රියා කරන තාක්ෂණික උපකරණයක් ආධාරණයෙන් සිසුවා ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපයක් සිය නිවසේ පරිගණයකයට යවා ඇතැයි ද, සිසුවාගේ නිවසේ සිටි ජීව විද්‍යා ටියුෂන් ගුරුවරයා සහ රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයා ඊට පිළිතුරු කියා දී ඇතැයි ද, කනේ සවි කළ උපකරණයෙන් සිසුවා පිළිතුරු ශ්‍රවණය කර ඇතැයි ද රහස් පොලිස් ආරංචි මාර්ග කියයි. කැමරාව සවි කර තිබී ඇත්තේ කමිස බොත්තමකය.
ඇමෙරිකා ඩොලර් 900කට (රුපියල් 137700) එම තාක්ෂණික උපකරණ මිලට ගෙන ඇති බවත්, දරුවාගේ පියා වන පොලිස් රෝහලේ වෛද්‍යවරයාගේ ක්‍රෙඩිට් කාඩ්පතින් ඒ සඳහා ගෙවීම් කර ඇති බවත්, එම උපකරණය තවම සොයා ගෙන නැති බවත් පොලිසිය පවසයි.
විභාගයට පෙර ටියුෂන් ගුරුවරු දෙදෙනා බොරැල්ලේ කොටා පාරේ පිහිටි වෛද්‍යවරයාගේ නිවසට ගොස් මෙම ක්‍රමය අත්හදා බලා තිබේ. සිසුවා එම නිවසේ උඩු මහළට ගොස් පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් ලියන අතරතුර මෙම උපකරණය ආශ්රයෙන් එහි ඡායාරූප බිම් මහලේ ඇති පරිගණකයට එවා තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වේ. පහළ මහලේ සිටි ටියුෂන් ගුරුවරු දෙදෙනා එහි පිළිතුරු කියාදෙමින් තාක්ෂණික උපකරණයේ ක්‍රියාකාරිත්වය දින කිහිපයක් අත්හදා බලා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
විභාගයේදී සිසුවාට පිළිතුරු කියාදීම වෙනුවෙන් රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයාට රුපියල් දස ලක්ෂයක මුදලක් ලබා දී ඇතැයි ද, එයින් රුපියල් නව ලක්ෂ අනූ දහසක් ගුරුවරයාගේ නිවසේ ඇඳක් යට තීබී සොයාගත්තේයැයි ද පොලිසිය පවසයි.
රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයාගේ පියා, සහෝදරයෙක් සහ අනුමාන ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කළ බව කියන මුද්‍රණාලයක පුද්ගලයෙක් සහ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවා සහ සිසුවාගේ පියා ද මේ වන විට රිමාන්ඩ් බාරයේ සිටිති.
විභාගය අතරතුරදී සිසුවාට උදව් කළ බව කියන ටියුෂන් ගුරුවරුන් දෙදෙනා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.
(රූප සටහන් අන්තර්ජාලයෙනි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා දේවලුත් ඇමසොන් , ඊ බේ සහ අලිබාබා සයිට්වලින් ගන්න පුලුවනි... චීන්නු තමයි මේවා හදන්නෙ.. මමත් කාර් එකේ හයිකරල තියෙනවා වින්ස්ක්රීන් එකේ අලවන බොත්තමකටත් වඩා කුඩා කැමරාවක්.. සමහරවිට මේ සිසුවා පලවෙනියා වෙන්න බැහැ..මීට කලිනුත් මේ වාගෙ දේවල් වෙන්න ඇති නමුත් මේක අහුවුනේ මේ ගුරාගෙ තණ්හාව නිසා.. මම වැඩකාරයා කියල පත්‍රිකා බෙදපු නිසා.. දැන් ඉතින් විභාග ශාලාවට ඇතුලුවෙනකොට ඇඳුම් ගලවලා පරීක්ෂා කරන්න වෙනව.
උගත් පියෙකු පුතෙකුට කල අපරාදයක්
මේ වෛද්‍යවරයාගේ සහතිකය සයිටම් නෙවෙනෙ, මේ පුතා පාස් උනානම් යන්නේ රජයේ වෛද්‍ය විදුහලටනේ, නමුත් මේ රටේ වංක දීන වැඩ කරන වෛද්‍යවරු කෑගහන්නේ සයිටම් එකට විරුද්ධව. කවදා මේ රට ගොඩ එයිද???
මේවගේ තව දහස් ගානක් මේ වැඩේම කරන්න ඇති විභාගෙට.
විභාග තහනම් කරන්න ඕන සදහටම.
අද උසස් පෙළ විභාගයේදී ළමයි ගොඩක් විභාග වංචා සිදු කරනවා. ගොඩක් අය යට ඇඳුම් අස්සේ ස්මාට් දුරකතන දාගෙන යනවා. වෙනත් තාක්ෂණික උපකරණ භාවිත කරනවා. මේක අහු වුණ අවස්ථාවක් විතරයි. උසස් පෙළ ලියපු ළමයින්ගෙන් අහලා බලන්න. අන්තිමට නුසුදුස්සෝ විශ්ව විද්‍යාලවලට යනවා. දක්ෂ සිසුන්ට වෙන්නේ ලොකු අසාධාරණයක්. සමහර විභාග පරීක්ෂකවරු ළමයින්ට බයේ සමහර ඒවා දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. මේ සම්බන්ධව ඉක්මණින්ම යමක් කළ යුතුයි.
හරිනේ, තේරෙනවනේ ගුරුවරුන්ට, සහ ආරක්ෂක අංශයේ අයවලුන්ට වඩා, කනෙන් රිංගල යන්න පුළුවන් ශක්තියක්, දෙන ඉන්න ළමයිට තියෙනවා කියල, මම එහෙම මේ රටේ ජනාධිපතිනම් ,එම ශිෂ්‍යයාට තව තවත් මේ සම්බන්දයෙන් දැනුමක් ලබාගැනීමට කටයුතු සලසා දී, මේ සම්බන්ධයෙන් වගකිවයුතු පර්ශයන්ව අනිවාර්යය නිවාඩු අරිනවා.
මේ සැලසුම් සහගත බව හොද විදියට යෙදුවනම් අපේ රට අද තිබිය යුත්තේ කොතනද
මට මතක් වෙන්නේ 3 ඊඩියට්ස් හින්දි චිත්‍රපටිය
මෙම සිසුවා CID එකට අදම බදවාගෙන පුහුණුවක් දී තාක්ෂණික හොරුන් ඇල්ලීමේ ව්‍යාපෘතියකට බඳවා ගත යුතුය. හොරුන් ඇල්ලීමට යෙදවිය යුත්තේ හොරකම් කිරීමට ක්‍රමවේද අත්හදා බලන අයයි. ටියුෂන් ගුරුන් දෙන්නා අඩුම තරමේ වසර 10 ක් වත් සිරගෙදර තැබිය යුතුය.
ඔන්න දොස්තරලා ඉල්ලන නිදහස් අධ්‍යාපනේ.
සයිටම් එකට ඉඩ දුන්නනම් ඔය තරම් හොර මැර වැඩ නැතිව මෙඩිකල් කොලේජ් යන්න තිබුණා.
මේ දොස්තර සයිටම්ද? දන්නේ නැති නිසයි අහන්නේ?
ටියුෂන් ගුරුවරයා කොළ බෙදා නොහැරියා නම් 2017 උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රථමයා මෙම සිසුවා විය නොහැකිද ?..ගුරුවරයා නිහඩව සිටියානම් මෙය තවත් රහසකි.. මෙවැනි සිද්දීන් තව කියක් වී ඇතිද?
මේකට විසඳුම පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමය ඇති හැකි අයට මේවට වියදම් නොකර අධ්‍යාපනය ලැබිය හැකිය කිනම් අයුරකින් හෝ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අහිමි කර ඇති එකම රට ලංකාවය. අයින්ස්ටයින් ලංකාවේ බිහි නොවන්නේ එම නිසාය. කටුබැද්දේ විශ්මිත නිර්මාණ කල රේ විජේවර්දන, වැන්නන්ගේ නිජබිමින් ඔහු අධ්‍යාපනය ලද පාඨමාලාව ඉන් ඉවත් කර හෝමාගමට ගෙනියන ලද්දේ මෙම යල් පැන ගිය පුහු සංකල්පයන් සිසු පරපුර වෙලාගෙන ඇති නිසාය
මෙවර විභාගයේ ඔය විදියට කොපි කරපු කී දෙනෙක් ඇත්ද. ටියුෂන් ගුරුවරයා කොළ බෙදා නොහැරියා නම් ඕක කිසි කෙනෙක් දන්නේ නැහැනේ. ඒ කියන්නේ විභාගය සාධාරන එකක් නෙමෙයි. ලකුණු වැඩි හැමෝම දක්ෂයෝ නෙමේ.
ටියුෂන්ගුරා නම් මෝඩයෙක්... මිනිහා නිසා කීදෙනෙක් හිරේ යනවද?
ටියුෂන් ගුරුවරයා මෝඩයෙක් නොවුණා නම් මෙය සදාතනික රහසක් වෙන්න තිබුණා නේද...?
රජයේ නීති රීති යටතේ සිදුකරන විභාගයකත් මේ වගේ ඒවා වෙනවා නම්, සයිටම් එකේ තියෙන විභාගවල කොච්චර හොර වැඩ තියේවිද?
දැන් මේ කේස් එකට සයිටම් එකේ සම් බන්ධයක් කොහෙන් ද? අපේ රටේ මිනිස්සුන් ගේ බුද්ධිය ඒකෙන්ම පේනවනෙ. වරද වරදක් ලෙස දකින්න තාම අප පුරුදු වෙලා නෑ ජාතියක් විදිහට.
ටියුෂන් ගුරා නිසා තමයි සිද්ධිය අහු වුණේ... යමක් කරන විට මිනිහව විශ්වාස කරලා කිරීමෙන් වුණේ කොතරම් ලොකු හානියක්ද? ලංකාවේ පලමු වැනියා වෙන්න තිබුණු චාන්ස් එක ටියුෂන් ගුරුවරයා කෑවා... නාමලුත් ඔහොම වෙන්නැති ලියන්න ඇත්තේ ...
දැන් සයිටම් එකේනේ ඉන්නව කිව්වේ... මේ ප්‍රමිති දොස්තර කෙනෙක්ගේ මැටි පුතෙක්ද කොහෙද...
ගුවන් තොටුපලේ වගේ පැය 3කට කලින් විභාග ශාලාවට එන්න කියන්න.
අපි විවුර්ත පොත් (ඔපෙන් බූක්) විභාග වලට යා යුතුයි. අපි සාමාන්‍ය ජීවිතයේදී වැඩක් කරද්දී පොත්, ඉන්ටනෙට් සහ අනිකුත් තොරතුරු ලබාගෙන සියලු කටයුතු කරනවා වගේ විභාගත් තියන්ඩ ඕනේ. ඇයි විබාග වලට කෘතීම පරිසරයක් හදන්නේ මේකෙන් වෙන්නේ කටපාඩම් කරන අය ඉහලට යනඑක. එවිට තමා රටක අලුත් දෙයක් හිතන කරන අය බිහිවෙන්නේ. එවිට තමා රටක නාවොත්පාදක ආර්ථිකයක් බිහිවෙන්නේ.
ඉස්කෝලේ මොකද්ද කියලා කවුරුත් දන්නවා ඇති නේ...
මෙයින් පෙපෙන්නේ සයිටම් එකේ ඉන්නේ දක්ෂම සිසුන් කියල නේද