(වීඩියෝ සහිතයි)
‘‘මෛත්‍රීපාල, රනිල්, ජවිපෙ, හෙළ උරුමය ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව බලයට ඒමට පෙර මැතිවරණ ව්‍යාපාරයේ සටන් පාඨය වුණේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය. ඔවුන්ගේ ප්‍රධාන පොරොන්දුව වුණේ රාජපක්ෂ පාලනය විසින් අහිමි කැරුණු ප්‍රජාතන්ත්‍රවාදය යළි ලබාදීම. ජනවාරි අට වැනිදායින් පසු සැබෑවටම සිදුවුණේ එය නොවෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ප්‍රශ්නවලට මුහුණ දුන් බහුතරයක් මිනිස්සුන්ගේ ප්‍රශ්න එසේම පවතිද්දී පාලකයන් තමන්ගේ ප්‍රශ්න ලැයිස්තුව විසදාගනිමින් ඉන්නවා. ‘‘ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
‘එලෙස විසදූ ප්‍රශ්න රැසක් තිබෙනවා. සරත් ෆොන්සේකා මහත්තයාගේ ප්‍රශ්නය විසඳුවා, ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රශ්නය විසඳුවා, පැරදුණ මන්ත්‍රීවරුන්ට වාහන දෙකකුයි ඉන්ධනයි ලබා දී ඒඅයගේ ප්‍රශ්නය විසදුවා, පැරදුණ සමහර මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දුන්නා, ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නය විසදුවා. මේ විදියට තමන්ගේ බලය පවත්වාගෙන යාමට විසඳාගත් ප්‍රශ්න ලැයිස්තුවක් තිබෙනවා. නමුත් රටේ ජනතාව පැත්තෙන් ගත්තොත් විසඳිය යුතු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් හමස් මල්ලේ.
ඒ අතර සුවිශේෂී ප්‍රශ්නයක් තමයි පහුගිය කාලේ අපි සාකච්ඡාවට ලක්කළ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මතු කළ කුමාර් ගුණරත්නම් සහෝදරයා ලංකාවේ දේශපාලනය කිරීමේ අයිතිය සම්බන්ධ ප්‍රශ්නය. එය අහිමි කළ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ලබාගැනීමේ අවශ්‍යතාවයක්.
ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග ගණනාවක් ගත්තා. දැන් ආණ්ඩුව මතුකරමින් ඉන්නවා ‘‘ඔහුගේ වීසා කාලය ඉක්මවා තිබෙනවා, ඔහුට පුරවැසිභාවය නෑ’’ වගේ තර්ක. නමුත් ඒ සදහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සියල්ල අපි ගත්තා. ජනවාරි 31 වැනිදා වීසා කාලය අවසන් වෙන්න කලින් වීසා කාලය දීර්ඝ කරන්න කියලා අපි ඉල්ලුවා. වීසා කාලය අවසන් වුණාට පස්සේ, ලංකාවේ පුරවැසිභාවය ලබාදීම සහතික කිරීම සදහා කුමන හෝ ලියවිල්ලක් අපි ඉල්ලුවා. මොකද එමඟින් ඔහුගේ ඔස්ට්‍රේලියා පුරවැසි භාවය අහෝසි කරගන්න පුළුවන් වෙන නිසා. නමුත් මේ කිසිදු ලිපියකට මේ වන තෙක් පිළිතුරක් හෝ ලබාදී නෑ.
යහපාලනයේ ප්‍රධාන දෙයක් තමයි යම්කිසි දෙයක් සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරලා ලබාදෙන ලිපියකට පිළිතුරු ලබාදීම. මේ ප්‍රශ්නය ගමක බෝක්කුවක් හදාගන්න, නැත්නම් පාරට තාර දාගන්න වගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක රටේ පුළුල්ව සාකච්ඡා වුණු දේශපාලන ප්‍රශ්නයක්. මේ දේශපාලන ප්‍රශ්නය මගහරිමින් ඉන්නවා.
පහුගිය කාලේ මේ ආණ්ඩුව රටේ සමහරුන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදීලා, කියන්න පටන්ගත්තා ‘‘අපි ද්විත්ව පුරවැසිභාවල දෙනවා, කලින් ආණ්ඩුව වගේ ඒවා හිරකරගෙන ඉන්නේ නෑ’’ කියලා. නමුත් සත්‍ය තත්ත්වය තමයි ඔවුන්ට අවශ්‍ය අයට පුරවැසිභාවය ලබාදෙන අතරේ අනවශ්‍ය අයට නොදී ඉන්න එක.
ඒ විතරක් නෙමෙයි, මහින්ද රාජපක්ෂ පාලනය කාලේ ජීවිතේ බේරාගන්න රටින් පැනගත්තු මාධ්‍යවේදීන් කිහිප වතාවක්ම නැවත රටට එන්න උත්සාහ කළා. නමුත් ඔවුන්ට එන්න දුන්නේ නෑ. නේපාලේ භූමි කම්පාව ආවට පස්සේ ලංකාවෙන් යැවූ පළවෙනි ගුවන්යානයේ ඔවුන් නැවත එන්න උත්සාහ කළා. නමුත් ඒ ගුවන්යානයේ ඔවුන්ට එන්න දුන්නේ නෑ. ශාන්ත විජේසූරිය සහෝදරයා ප්‍රමුඛ මාධ්‍යවේදීන් ලංකාවට එන්නේ දෙවනි ගුවන් යානයේ. ඇත්තටම නේපාලයේ භූමි කම්පාව නොවුණා නම් තවමත් ඔවුන් නේපාලයේ. ඒ අනුව කිව්වොත් එහෙම ඔස්ට්‍රේලියාවේ භූමිකම්පාවක් වුණොත් තමයි කුමාර් ගුණරත්නම් සහොදරයාට ලංකාවේ පුරවැසිභාවය ලැබෙන්නේ.
ඒ නිසා මේ ආණ්ඩුව ප්‍රශ්න විසදනවා කියලා කිව්වට රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් විසදලා නෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රශ්නය මගහරිමින් ඉන්න වත්නම් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මේ ප්‍රශ්නය සෘජුව යොමුකරන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදියට අපි සූදානමින් ඉන්නවා. ඒ සදහා අපි මේ ප්‍රශ්නය ඔවුන්ට සෘජුව යොමුකරලා,මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය සෘජුව විමසීම සදහා ක්‍රියාමාර්ගයකට ප්‍රෙව්ශවීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.’’


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඉතා පිරිසිදු දේශපාලනයක් කරන බව තේරුම් ගන්න අය තවම ඉතා අල්පයි. කුමාර් ගුණරත්නම්ට මෙරට ඉන්න අයිතියක් තිබෙනවා. මොකද මහා බැංකුවේ නව අදිපතිට සින්ගපුර් පුරවැසියෙක් වෙලා එච්චර ලොකු තනතුරක් කරන්න දෙනවානම් , කුමාර්ටත් පුළුවන් වියයුතුමයි. එහෙත් ඔබලා ජවිපෙ සමග වෙන්වී කරන්නෙත් ඔය කියන අසාදාරන පාලනයට පවතින්න කරන වක්‍ර ව සහයෝගයක්. මොන ප්‍රශ්න තිබුනත් ජවිපෙ සමග දෙගොල්ලටම තියෙන්නේ එකම අරමුණක්. එ් අරමුන සාර්ථක කරගන්න එකතුවිය යුතුයි. එහෙම නැති උනොත් අපරාදේ කාලය නාස්ති කිරීමක් විතරයි වෙන්නේ. (නදී)
මේ කෑ ගහන පුද්ගලයා සමස්ත විශ්ව විද්‍යාල පද්ත්දතියම විනාස කළා ඒ කාලේ. දැන් මෙතන විකාර කියවනවා. (නදී)
කුමාර්ගේ ප්‍රශ්නය ජනතාවගේ ප්‍රශ්නයක් නොවෙයි (බ)
මේ අය රටට වින කරන අය.(හේ)
මොහු සමාජවාදී වුණත් දේශපාලන රැකවරණ පැතුවෙ ඕස්ට්‍රේලියාවෙන් කියලා අපි දන්නවා. (නි)
රස්සාවක් නොකර වේදිකා ගානෙ බෙරිහන් නොදී වත්තේ පිටියේ වැඩක්වත් කරොත් නරකද. මේ මිනිස්සු රටට බරක් (නදී)
මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ජනාධිපති, අගමැතිතුමන්ට සහ මහජනයාට තිබෙන "එකම දැවෙන ප්‍රශ්ණය" කුමාර් ගුණරත්නම්ගේ ප්‍රශ්නය විතරයි කියලා. බලාපොරොත්තු වෙනවලු අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න. ඉතින් ඇයි එය නොකර කාගෙවත් පිටුපස යන්නේ. (නි)
ඕස්ට්‍රේලියාවේ තිබෙන එකම භූමිකම්පාව තමුන්නැහේගේ සහෝදර කුමාර් මිස වෙන දෙයක් නෙවෙයි. (බ)
කුමාරගේ ප්‍රශ්නය බහුතර අහිංසක ජනතාවට දැනෙන ගැටළුවක් නෙවෙයි. කුමාර් කියන නම දන්නෙත් රටේ ජනතාවගෙන් 0.5% විතර වෙන්නැති එ්කත් ඔබතුමන්ලා මාධ්‍යයට බෙරිහන්දිල කියන්නෙම ඔය නම නිසා (බ)
පුරවැසි භාවය අහිමි නම් දැන් ඔන්න ද්විත්ව පුරවැසි භාවය දෙනවා. වෙන රට වල පුරවැසිභාවය ගැනීම නිසා අහිමි වූ උදවියට පලවෙනි කාණ්ඩය යටතේ ඉල්ලුම් පත්‍ර යවන්න ඉඩ තිබෙනවා. එයාට කියන්න පිළිවෙලට නීතියේ විදියට ඉල්ලුම් කරන්න කියලා. එතකොට සලකා බලාවි. ඔය තර්ජන ගර්ජන දාල රටක පුරවැසිකම් ගන්න පුලුවන්ද ? අනෙක මව්රට ගැන පච ගහල වෙනින් රටවල් වල පුරවැසිකම් ගත්තු උදවියට දෙන්න වටින්නෙත් නැහැ. (අ)
මෙයාගේ කට නිසාම දැන් මෙහෙ භූමිකම්පාවක් වේවි. අපොයි මෙහෙමත් කටක් ! (අ)
කුමාර් ගුණරත්නම් දැන් ලංකාවේ පුරවැසි කම ඉල්ලනවා. හැබැයි මෙහෙ ඕස්ට්‍රේලියාවේ ටීවී එකේ ලංකාවේ නම අන්තිමට කැත වෙන විදිහට කෑගැහුවා. ඒ මදිවට බොරු නම් වලින් හොර පාස්පෝර්ට් ගහල ඉන්නේ (අ)
මේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය මේ මනුස්සයාගේ පුරවැසි ප්‍රශ්නෙද ? ඇවිත් මෙහෙ තරුණ ළමයින්ට යන එන මන් නැති කරන්න, (අ)
ලංකාව එපා කියල ගියා නම් එහෙ ඉන්න ඕනි, බයේ හැංගිලා ඉඳල මෙහෙ ඇවිත් දැන අයිතිවාසිකම් ඉල්ලනවා, (අ)
කුමාර් ගුණරත්නට සහෝදරයාට ඕස්ට්‍රේලියාවේ හිටන් ඔබේ පක්ෂය මෙහෙයවන්න කියන්න. එහෙම කරල හිටන් ඔබ මෙහෙ ජයග්‍රණය කලාම මෙහෙට එන්න කියන්න. ඔබ ජයග්‍රහණය කරවන්න අප පුලපුලා බලා සිටිනවා. (අ)
මොවුන් ලංකාවේ ඇති කළ භූමිකම්පාව මතක් වෙන කොට මගේ ඇඟේ මාළු නටනවා. අපි වයස ගත වෙනකම් සරසවියේ නාකි වුණේ මොවුන් නිසා තමයි. (ත)
මම හිතනේ ඔහුට දේශපාලනය කිරීමේ අයිතිය දිය යුතුය(ම)
නොදීමට හේතුව කුමක්ද? (ම)
ඡන්ද කීයද හම්බ උනේ කියල දැක්කනේ .. තවත් බෙරිහන්දෙනවා කොච්චර කරත් එච්චර තමා (ම)
දැනට පලා ටිකක් හරි දෙන එකෙන් සැහීමකට පත්වෙලා ඉන්නකෝ (ම)
අනේ ඕක දීලා දාන්න ..(හේ)
දැන් රටේ තිබෙන එකම ප්‍රශ්නය කුමාර් ගුනරත්නම්ගේ ප්‍රශ්නයද?එහෙම නැතිනම් ඒ ප්‍රශ්නේ විසදුනොත් අනෙක් ඔක්කොම ප්‍රශ්න විසදෙනවද?එහෙමත් නැතිනම් රටේ අනෙක් ඔක්කොම ප්‍රශ්න විසදිලා නිසා කුමාර් ගැන කතා කරනවද?(හේ)