තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් තමා අත්අඩංගුවට ගැනීම වලක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන නොවැම්බර් 07 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) තීන්දු කළේය.
වෙල්ගම මහතා ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක්‍රමිකතා සිදුවූ බවට කරන විමර්ශන වලට අදාළව තමා අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස වෙල්ගම මහතා ඉල්ලා තිබිණි.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දුප්පත් මිනිහ පාන් රාත්තලක් හොරකම් කලත් හිරේ යනවා.
ඕකට තමා කියන්නේ හොරාට කලියෙන් කෙහෙල්කන වැට පනිනවා... කියලා...
මෙහෙම ගෙවන ජීවිත වල කිසිම වටිනාකමක් නැහැ ...මේ ඉතින් කාල තිබෙන්නේ රටේ ජනතා මුදල්නේ ? අඩුගානේ තම දරුවන් සමග කනබොන කොටවත් මොවුන්ට නිකමට හිතෙන්නේ නැතිද අපි මේ කන්නේ, බොන්නේ දුප්පත් ජනතාවගේ හොරාකන සල්ලි වලින් කියලා?
ඔබතුමන්ලා ඔක්කොම නිකම් දෙපැත්තට බෙදිලා රඟපාන්නේ නැතුව එක පිලකට වෙලා කරගත්තා නම් ඉවරයිනේ... එතකොට අපි දන්නවා දෙගොල්ලම එක වල්ලේ පොල් කියලා....