IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම්

අනවසරයෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම්ට වසරක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 50,000ක දඩයක් නියම කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (31) නියෝග කළේය.

රටෙහි ඇතිවූ දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තම ජීවිත වලට තර්ජන ඇතිවූයෙන් ආර්.එම්.දයාල් නමින් තමන්  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය කුමාර් ගුණරත්නම් එහිදී නොයෙල් නමින් තම නාමය වෙනස් කොට  ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇත.

පසුව ඉකුත් ජනවාරි 29 වැනිදා ඔහු ඕස්ට්‍රේලියා විදේශ ගමන් බලපත‍්‍රය මඟින් මෙරටට පැමිණි අවස්ථාවක නීතිවිරෝධිව රැඳී සිටීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කැරිණි.

වසරක සිරඳඩුවම් නියම වන පුද්ගලයකු සාමාන්‍යයෙන් මාස නවයකදී දඬුවම ගෙවා අවසන් වන බව බන්ධනාගාරය ආරංචි කියයි.

ඔහුට ශ්‍රී ලංකා පුරවැසි භාවය ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම තවම විභාග වෙයි.

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත්තේ 2015 නොවැම්බර 04 වැනිදාය.

_MG_5249[1] _MG_5250[1]



අදහස් (0)

කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම්

චන්දිමාල් Thursday, 31 March 2016 02:43 PM

සිල්වා උන්නැහේ මහින්දගේ කුක්කෙක් ද කොහෙද? මහින්දගේ කාලේ හොර පාස්පෝට් එකක් නෙවෙයි දහයක් හදල හරි රට යන්න වෙන එක සාධාරණයි. (බ)

:       0       0

කමල් Thursday, 31 March 2016 02:59 PM

හොර පාස් පෝට් හැදුවොත් සමහරකට දඩුවම් සමහරක් යසට ඉන්නවනේ(කෞ)

:       0       0

නලින් යහම්පත් Friday, 01 April 2016 09:12 AM

තමන් උපන් රට පාවාදීලා වෙනත් රටක පුරවැසිකම ගන්නේ, තමා උපන් රටේ පුරවැසිබාවය එපා නිසා. (නි)

:       0       0

බෙන්තර මහේෂ් Thursday, 31 March 2016 09:10 AM

මධ්‍යස්තව බැලුවහම මෙතන වරදක් වෙලා තියෙනවා කියමුකෝ. එහෙනම් දැන්වත් පටන්ගන්න ගිය ආණ්ඩු කාලේ කෝටිප්‍රකෝටි ගණනින් හොරකම්, කොමිස් සහ නාස්ති කරපුවාට දඬුවම් කරන්න. ඒ විතරක් නෙමෙයි මිනිසුන් මරලා දැම්ම ඒවා. දැන් මේ ගෙවුණු අවුරුද්දේ වර්තමාන ආණ්ඩුවේ වැරදි කරපු අයටත් එහෙමම කරන්න. (නි)

:       0       0

රොහාන් දයාදර Friday, 01 April 2016 05:20 AM

හරි නීතියට අපි හැමෝම හිස නමා ගරු කරනවා ,,(හේ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Thursday, 31 March 2016 09:25 AM

ඔය මදි. ලැජ්ජා ඇත්නම් ආයෙත් හොරෙන් ඉන්නේ නැහැ රට රට වල හොර නම් වලින් (නි)

:       0       0

ශශික Thursday, 31 March 2016 09:29 AM

එතකොට මෙයාව අවුරුද්දෙන් පස්සේ පිටුවහල් කරනවද? ඒ කොහාටද...?මොනවා වුණත් උපන් රට මෙහේනේ. (නි)

:       0       0

නිමල් රණසිංහ Thursday, 31 March 2016 05:31 PM

ඔහුට රටින් පිටවෙන්න කිවුවා නම් මීටවඩා හොඳ නැද්ද කියලා හිතෙනවා (නි)

:       0       0

ද සිල්වා Friday, 01 April 2016 06:00 AM

මෙවැනි හොර පාස්පෝර්ට් සැදීම නිසා අපේ පාස්පෝර්ට් එක ජාත්‍යන්තරයේදී බාල්දු වෙනවා එම නිසා ලංකාවේ පුරවැසියන්ට වෙනත් රටවලට ගමන් කිරීමේදී අනවශ්‍ය පරීක්ෂණ වලට සහ අපහසුත වලට මුහුණ දීමට සිදු වෙනවා , රටට ආදරය කරන කෙනෙකු තම සහෝදර ජනතාව අපහසුවට පත්වෙන වැඩ කරන්නේ නැහැ (හේ)

:       0       0

සුනිල් Thursday, 31 March 2016 05:43 PM

යලට එකක් මහට එකක් වගෙයිනේ නම් වෙනස් කරලා තියෙන්නේ. ඒ මොකද ඒ? (නි)

:       0       0

ජයම්පති Thursday, 31 March 2016 10:13 AM

සැමටම නීතිය සාධාරන වියයුතුයි. මොහු රටේ නීතිය උල්ලංගනය කර තිබෙනවා. වීසා කාලය ඉක්මවා ගිය පසු සැඟවී සිටියේ වැරදි බව දන්නා නිසානේ. (නි)

:       0       0

රේණුක Thursday, 31 March 2016 07:17 PM

මම ඕස්ට්‍රේලියාවේ ඉඳලයි මේ කියන්නේ. තමන් කරපු පවක් ඇත්නම් ගෙවන්න ඕනෑ (නි)

:       0       0

රත්නායක Thursday, 31 March 2016 08:30 PM

ලංකාවේ පුරවැසිබව අත්හරින්න කලින් කවුරු කවුරුත් දෙවතාවක් හිතුවොත් හොඳයි (නි)

:       0       0

තිස්ස Saturday, 02 April 2016 03:13 AM

මෙයාට පුරවැසිබව ලබාගෙන ලකාවට එන්න තිබුනනේ. තමන්ට වුණ දේ කියලා අැයි කලින් එ්ක කළේ නැත්තේ. ජීවිතේ බේරගන්න ගිය අය ඔයවගේ ඕනෑතරම් දැන් ලකාවට අාපහු ඇවිල්ලා ඉන්නේ. සුදු වෑන් නැහැනේ දැන් (නි)

:       0       0

මහේෂ් Thursday, 31 March 2016 11:25 AM

ඔහුගේ දේශපාලනය කෙසේ වෙතත් , මේ පොලවේ ඉපදී ජිවිතයේ විදීම කාලයක් ගතකරපු මේ බිම ඔහුට මව්බිම නොවන්නේ කෙසේද ? (බ)

:       0       0

හෆීල් Thursday, 31 March 2016 11:46 AM

මොනවා කරන්නද මහත්තයෝ.(හේ)

:       0       0

රිචි බාලසුරිය Thursday, 31 March 2016 12:00 PM

ලංකාවේ නිතිය උසාවිය පිලිබඳ විස්වාසයක් තියන්න පුළුවන් කාලයක් ඇවිත් බව පේනවා , ලැබිය යුතු නිසි දඬුවම මොහුට ලැබීමෙන් , මෙම තීන්දුව මෙවෙනි නීති කඩ කරනා ඕනෙම කෙනෙකුට ආදර්ශයක් වේවා , දේශපාලනය මුවාවෙන් රටේ නීති උල්ලංගනය කිරීම කිසිසේත් වටින්නේ නැහැ (හේ)

:       0       0

වර්ණකුල Thursday, 31 March 2016 12:03 PM

නීති පොතට අනුව ක්‍රියා කිරීම හොඳියි. නමුත් ප්‍රශ්නය විසදුනද?(හේ)

:       0       0

සුමුදු Thursday, 31 March 2016 12:18 PM

ඒක හරි කමක් නෑ.(හේ)

:       0       0

ද සිල්වා Thursday, 31 March 2016 12:19 PM

හොර පාස්පෝර්ට් හැදුවහම , විසා නැතුව රටේ හිටියම කාට උනත් හිරේ යන්න වෙනවා , එක පාරක් චාන්ස් එකක දුන්න නමුත් දැන දැන නැවත නැවතත් එම වරදම කරනවා නම් අවුරුද්දක් නොවේ අවරුදු 2 ම හිරේ යවන්න තිබුනේ , අධිකරණයේ තීන්දුව සාධාරණය (හේ)

:       0       0

සිල්වා Thursday, 31 March 2016 12:27 PM

මේවා දෙශපාලන පළිගැනීම්. අල්ලලා ඇතුලට දාන්න ඉන්න හූන් මොන තරම් අද එලියට වෙලා රට වනසන වැඩ කරකර හිනා වෙලා ඉන්නවද සතුටින් (කෞ)

:       0       0

නුවන් Thursday, 31 March 2016 12:50 PM

මව්බිම එයාගෙ නම් ඇයි ඕස්ට්‍රේලියාවෙ ගියෙ. හරි. ජීවිත තර්ජනයක් කියමු. මොකටද හොරෙන් හිටියෙ. වෙන රටක පුරවැසියෙක් වෙලත් පිටුවහල් නොකරන්නෙ ඇයි කියලා තේරෙන්නෙ නැහැ. (නි)

:       0       0

මුදීත් Thursday, 31 March 2016 01:07 PM

ද සිල්වා, ඔබ හරියටම හරි. අපේ රටේ නීතිය හරිද? (නි)

:       0       0

චන්ද්‍ර පැරිස් Friday, 01 April 2016 12:33 AM

කමල්, ඔයා හරි. අහවලා ගැන අපිත් දන්නවනේ (නි)

:       0       0

උපාලි Friday, 01 April 2016 01:21 AM

මෙයාගේ දේශපාලනය මොකක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නය. රටේ නීතියට අනුගත නොවීමයි. නීතිය රැකීමට සියලුම පුරවැසියන් බැඳී සිටිනවා. අනික් හොර පාස්පෝට් කට්ටියත් මෙහෙමම අධිකරණයට ගේන්න ඕනෑ. (නි)

:       0       0

කැටවල Thursday, 31 March 2016 02:02 PM

ජේ වී පි එකට සතුටු ඇති නේද දැන් (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site