අනවසරයෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම්ට වසරක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 50,000ක දඩයක් නියම කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (31) නියෝග කළේය.
රටෙහි ඇතිවූ දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තම ජීවිත වලට තර්ජන ඇතිවූයෙන් ආර්.එම්.දයාල් නමින් තමන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය කුමාර් ගුණරත්නම් එහිදී නොයෙල් නමින් තම නාමය වෙනස් කොට ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇත.
පසුව ඉකුත් ජනවාරි 29 වැනිදා ඔහු ඕස්ට්‍රේලියා විදේශ ගමන් බලපත‍්‍රය මඟින් මෙරටට පැමිණි අවස්ථාවක නීතිවිරෝධිව රැඳී සිටීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කැරිණි.
වසරක සිරඳඩුවම් නියම වන පුද්ගලයකු සාමාන්‍යයෙන් මාස නවයකදී දඬුවම ගෙවා අවසන් වන බව බන්ධනාගාරය ආරංචි කියයි.
ඔහුට ශ්‍රී ලංකා පුරවැසි භාවය ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම තවම විභාග වෙයි.
කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත්තේ 2015 නොවැම්බර 04 වැනිදාය.
![_MG_5249[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/MG_52491.jpg)
![_MG_5250[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/MG_52501.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා උන්නැහේ මහින්දගේ කුක්කෙක් ද කොහෙද? මහින්දගේ කාලේ හොර පාස්පෝට් එකක් නෙවෙයි දහයක් හදල හරි රට යන්න වෙන එක සාධාරණයි. (බ)
හොර පාස් පෝට් හැදුවොත් සමහරකට දඩුවම් සමහරක් යසට ඉන්නවනේ(කෞ)
තමන් උපන් රට පාවාදීලා වෙනත් රටක පුරවැසිකම ගන්නේ, තමා උපන් රටේ පුරවැසිබාවය එපා නිසා. (නි)
මධ්‍යස්තව බැලුවහම මෙතන වරදක් වෙලා තියෙනවා කියමුකෝ. එහෙනම් දැන්වත් පටන්ගන්න ගිය ආණ්ඩු කාලේ කෝටිප්‍රකෝටි ගණනින් හොරකම්, කොමිස් සහ නාස්ති කරපුවාට දඬුවම් කරන්න. ඒ විතරක් නෙමෙයි මිනිසුන් මරලා දැම්ම ඒවා. දැන් මේ ගෙවුණු අවුරුද්දේ වර්තමාන ආණ්ඩුවේ වැරදි කරපු අයටත් එහෙමම කරන්න. (නි)
හරි නීතියට අපි හැමෝම හිස නමා ගරු කරනවා ,,(හේ)
ඔය මදි. ලැජ්ජා ඇත්නම් ආයෙත් හොරෙන් ඉන්නේ නැහැ රට රට වල හොර නම් වලින් (නි)
එතකොට මෙයාව අවුරුද්දෙන් පස්සේ පිටුවහල් කරනවද? ඒ කොහාටද...?මොනවා වුණත් උපන් රට මෙහේනේ. (නි)
ඔහුට රටින් පිටවෙන්න කිවුවා නම් මීටවඩා හොඳ නැද්ද කියලා හිතෙනවා (නි)
මෙවැනි හොර පාස්පෝර්ට් සැදීම නිසා අපේ පාස්පෝර්ට් එක ජාත්‍යන්තරයේදී බාල්දු වෙනවා එම නිසා ලංකාවේ පුරවැසියන්ට වෙනත් රටවලට ගමන් කිරීමේදී අනවශ්‍ය පරීක්ෂණ වලට සහ අපහසුත වලට මුහුණ දීමට සිදු වෙනවා , රටට ආදරය කරන කෙනෙකු තම සහෝදර ජනතාව අපහසුවට පත්වෙන වැඩ කරන්නේ නැහැ (හේ)
යලට එකක් මහට එකක් වගෙයිනේ නම් වෙනස් කරලා තියෙන්නේ. ඒ මොකද ඒ? (නි)
සැමටම නීතිය සාධාරන වියයුතුයි. මොහු රටේ නීතිය උල්ලංගනය කර තිබෙනවා. වීසා කාලය ඉක්මවා ගිය පසු සැඟවී සිටියේ වැරදි බව දන්නා නිසානේ. (නි)
මම ඕස්ට්‍රේලියාවේ ඉඳලයි මේ කියන්නේ. තමන් කරපු පවක් ඇත්නම් ගෙවන්න ඕනෑ (නි)
ලංකාවේ පුරවැසිබව අත්හරින්න කලින් කවුරු කවුරුත් දෙවතාවක් හිතුවොත් හොඳයි (නි)
මෙයාට පුරවැසිබව ලබාගෙන ලකාවට එන්න තිබුනනේ. තමන්ට වුණ දේ කියලා අැයි කලින් එ්ක කළේ නැත්තේ. ජීවිතේ බේරගන්න ගිය අය ඔයවගේ ඕනෑතරම් දැන් ලකාවට අාපහු ඇවිල්ලා ඉන්නේ. සුදු වෑන් නැහැනේ දැන් (නි)
ඔහුගේ දේශපාලනය කෙසේ වෙතත් , මේ පොලවේ ඉපදී ජිවිතයේ විදීම කාලයක් ගතකරපු මේ බිම ඔහුට මව්බිම නොවන්නේ කෙසේද ? (බ)
මොනවා කරන්නද මහත්තයෝ.(හේ)
ලංකාවේ නිතිය උසාවිය පිලිබඳ විස්වාසයක් තියන්න පුළුවන් කාලයක් ඇවිත් බව පේනවා , ලැබිය යුතු නිසි දඬුවම මොහුට ලැබීමෙන් , මෙම තීන්දුව මෙවෙනි නීති කඩ කරනා ඕනෙම කෙනෙකුට ආදර්ශයක් වේවා , දේශපාලනය මුවාවෙන් රටේ නීති උල්ලංගනය කිරීම කිසිසේත් වටින්නේ නැහැ (හේ)
නීති පොතට අනුව ක්‍රියා කිරීම හොඳියි. නමුත් ප්‍රශ්නය විසදුනද?(හේ)
ඒක හරි කමක් නෑ.(හේ)
හොර පාස්පෝර්ට් හැදුවහම , විසා නැතුව රටේ හිටියම කාට උනත් හිරේ යන්න වෙනවා , එක පාරක් චාන්ස් එකක දුන්න නමුත් දැන දැන නැවත නැවතත් එම වරදම කරනවා නම් අවුරුද්දක් නොවේ අවරුදු 2 ම හිරේ යවන්න තිබුනේ , අධිකරණයේ තීන්දුව සාධාරණය (හේ)
මේවා දෙශපාලන පළිගැනීම්. අල්ලලා ඇතුලට දාන්න ඉන්න හූන් මොන තරම් අද එලියට වෙලා රට වනසන වැඩ කරකර හිනා වෙලා ඉන්නවද සතුටින් (කෞ)
මව්බිම එයාගෙ නම් ඇයි ඕස්ට්‍රේලියාවෙ ගියෙ. හරි. ජීවිත තර්ජනයක් කියමු. මොකටද හොරෙන් හිටියෙ. වෙන රටක පුරවැසියෙක් වෙලත් පිටුවහල් නොකරන්නෙ ඇයි කියලා තේරෙන්නෙ නැහැ. (නි)
ද සිල්වා, ඔබ හරියටම හරි. අපේ රටේ නීතිය හරිද? (නි)
කමල්, ඔයා හරි. අහවලා ගැන අපිත් දන්නවනේ (නි)
මෙයාගේ දේශපාලනය මොකක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නය. රටේ නීතියට අනුගත නොවීමයි. නීතිය රැකීමට සියලුම පුරවැසියන් බැඳී සිටිනවා. අනික් හොර පාස්පෝට් කට්ටියත් මෙහෙමම අධිකරණයට ගේන්න ඕනෑ. (නි)
ජේ වී පි එකට සතුටු ඇති නේද දැන් (කෞ)