පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතාට පෙබරවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඊට අදාළ ලිපිය මේ වන විට කුමාර් ගුණරත්නම් මහතාට ලැබී ඇතැයි එම පක්ෂය සඳහන් කරයි.
ගුණරත්නම් මහතාට මෙරට පුරවැසිභාවය ලබාදීමට ආණ්ඩුව කැමති බවට වන සහතිකය ඉදිරියේදී ඕස්ටේ්රලියාවට රැගෙන ගොස් ඔහුගේ එහි පුරවැසිභාවය අහෝසි කරගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් කල් යනකොට තේරෙයි එහෙ හිටියා නම් හොඳයි කියලා. (නි)
ඒ එක්කම සියලු ඕස්ට්‍රේලියානු මාධ්‍ය වලට ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන්න කලින් ලංකාව ගැන කිව්වේ බොරු බවට. ඊළඟට අනෙකුත් ලාංකිකයන්ටත් පෝලිම පැනලා පුරවැසිකම ගන්න දෙන්න (නි)
කුමාර් මහතා නිදි මරාගෙන දැඩි අාත්ම ශක්තියකින් බන්ධනාගාරයේදී පවා පොත් කියවනවා ඇරෙන්න දේශපාලනය ගෙන බොරු පම්පෝරි කතා කළේ නැති බවයි අපි නම් අහලා තියෙන්නේ (නි)
එළවන්න ඕනෑ අය ළඟට ගන්නවා, ළඟට ගන්න ඕනෑ අයව එළවාගන්නවා. ඕක තමයි සිංහලයාගේ ගතිය. ඊටපස්සේ අහක යන නයි ඔඩොක්කුවේ දාගෙන කනවෝ, කනවෝ කියලා කෑගහනවා (නි)
මෙයාගේ පක්ෂයේ කට්ටියගේ උද්ඝෝෂණ දැකල පාරේ යන මිනිස්සු කියන කතා මෙයා දන්න නිසා වෙන්න ඇති මෙහෙට එන්න හිතුවේ (නි)
රතු අලි පැටියට දැන් තරු පෙනෙයි (නි)
මෙයා ලංකාවේ ඉන්න බෑ කියලනේ ඔස්ට්‍රේලියා පුරවැසිකම ගත්තේ, එහෙට වැඩිය මෙහෙ මොකද..? (ර)
ස්තුති භද්‍රානි, අපි හැමදාම කරන්නේ මේකම තමා. තේරුම් ගන්නකොට පරක්කු වැඩියි. පසුවට තේරෙයි අපි මොනතරම් මෝඩද කියලා. (නි)
ඕස්ට්‍රේලියාවේ මහන්සි වෙලා කීයක් හරි හම්බ කර ගන්නවට වඩා, ලංකාවේ මොකක් හරි කරලා රටෙත් ප්‍රසිද්ධ චරිතයක් වෙලා, ජීවිතය ගත කරන්න පුළුවන් කියලා මෙතුමාට වැටහිලා ඇති. (ර)
අනේ හොඳයි. ආදරණීය මෑණියෝත් බලාගෙන ඉන්න පුළුවන් වෙයි. (ර)
නියමයි. ඔහොම යමුකෝ (නි)
සුළු සුළු අඩුපාඩු තිබුනත්, වර්තමාන රජය නිසා තමයි මෙයාට මේක හම්බවුනේ. (ර)
නොකා ඉන්න මනුස්සයෙකුටත් මේ ප්‍රවෘත්තිය දැක්කම බඩ පිරෙයි. (නි)
අවසානයේදී ඇත්ත දිනුවා එහෙනම් (නි)
අපරාදෙ අන්තරේට තව සැරයක් පාරේ නාන්න තිබුන චාන්ස් එක නැතුව ගියා. (නි)
අර හිරේ ඉන්නා දේශප්‍රේමී ලේමන් පෆ් මහතාටත් නෝනටත් උප්පැන්න පාස්පෝර්ට් නිවැරදිව හදා දීලා නීතිගරුක පුරවැසියන් කරන්න .(බ)
කුමාර් සහෝදරයාගේ දේශපාලනය සමඟ අප එකඟ නොවුණත් ඔහු ඉතා හොඳ, නිර්භීත, දැනුම සහිත, අනාගත නායකයෙකු බව අපගේ විශ්වාසයයි. ඔබට පුරවැසිබව ලබා ගැනීම උදෙසා අපිද හඬ නැගුවෙමු. එය ඔබගේ අයිතියකි. සියලු දෙනාගේ ජයග්‍රහණයකි. ඔබට ජය සමඟ සැමට සහනය ලැබේවා. (නි)
ඔය චන්දන කියන කෙනා එක්කෝ දන්නේ නැහැ. නැත්නම් මැරිලා ඉපදිලා. දන්නේ නැති හැම එකටම කට දාන්න එපා. ඇයි ඔහු ඕස්ට්‍රේලියාවට ගියේ කියලා හොයලා කතා කෙරුවොත් හොඳයි. (නි)