කාම්බෝජයේ උඩොං විහාරස්ථානයෙන් ඉකුත් දෙසැම්බර් 15 වැනිදා සොරකම් කළ බුදුන්ගේ සර්වඥ ධාතු ඇතුළත් රන් කරඬුව සොයා ගැනීමටත්, සොරකම සිදු කළ පිරිස් අත්අඩංගුවට ගැනීමටත් හැකි වුණු බව එරට පොලිසිය නිවේදනය කළේය.
සර්වඥ ධාතු ඇතුළත් රන් කරඬුව, ශ්‍රී ලංකාවේ සිට කාම්බෝජයට වැඩම කළේ 1950 වසරේ දීය. ඒ, 2,500 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සමරමිනි.
කරඬුව සොරා ගත් අවස්ථාවේ සිට සොරුන් අල්ලා ගැනීමට දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කළ බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස කරඬුව සොයා ගැනීමට හැකිවු බවත් කාම්බෝජ පොලිස් ප‍්‍රකාශක කර්ට් චන්තරීත් කියා සිටී.
කාම්බෝජයේ නොම්පෙන් අගනුවරට කිලෝ මීටර් 45 ක් දුරින් කඳුකරයේ පිහිටි උඩොං පෞරාණික විහාරය, ආසියා රටවල බෞද්ධයන්ගේ පූජනීය ස්ථානයකි.
කරඬුව සොරා ගැනුණේ විහාරයට එයට විශේෂ ආරක්ෂාවක් ද යොදා තිබියදීය.
කාම්බෝජය බෞද්ධ රාජ්‍යයකි. එහි ජනගහනයෙන් සියයට 94 ක් බෞද්ධයෝ ය.
බුදුන්ගේ කෙස්, දත් සහ අස්ථි අඩංගු එම රන් කරඬුව, 1950 වසරේ ශ්‍රී ලංකාවේ සිට කාම්බේජයට වැඩම කිරීමෙන් පසු, එය පළමුවෙන් තැන්පත් කැරුණේ නොම්පෙන් අගනුවර විහාරස්ථානයක ය.
එය උඩොං විහාරයට වැඩම කෙරුණේ කාම්බෝජයේ හිටපු රජු නොරොදොම් ෂිහනුක්ගේ ප‍්‍රධානත්වයෙනි. ඒ, 2002 වසරේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාම්බෝජයයි ලංකාවයි අතර තියෙන වෙනස (දී)
කම්බෝජේ එහෙම උනාට අපේ රටේ එහෙම වෙන්නේ නෑ.....(දී)
මම එක්ක වැඩ කරන කම්බෝජ් වල කෙනෙක් ඉන්නවා , එයට මේ ගැන කීවම මගෙන් අහනවා මොකටද කරඩුව රත්තරන් වලින් හදල දුන්නේ කියල.. මේ රටේ ආර්ථිකය බොහොම දුර්වල තත්ත්වයක තියෙන්නේ . ඉතින් මිනිස්සු හොරකම් කරනවා. (දී)
ලුසිත ජයමාන්න බුදු දහම ගැන ලියනවිට ශාස්තෘන් වහන්සේ කෙනෙකුට ආමන්ත්‍රණය කරන ආකාරය දන්නෙ නැතිනම් දන්නකෙනෙකුගෙන් අහලවත් ඉගෙනගන්න ඔයා මිත්‍යාදෘශ්ඨිකයෙක් කියලයි මට හිතෙන්නෙ(දී)
සාධු! සාධු!! සාධු!!! ප්‍රීති ජනක පුවතක්. බුදුන් වහන්සේගේ බුද්ධ ධර්මය නිර්මලව චිරාත් කාලයක් ලෝකයේ පවතීවා! ශ්‍රී ලංකාවේ පාලකයින් හා පොදු ජනයා දහමෙහි හැසිරෙවා!(දී)