කාම්බෝජ අගමැති හුන් සෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක සිදුකිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි කාම්බෝජියා අගමැති කාර්යාලය නිවේදනය කරයි.
එරට අගමැති කාර්යාල ප්‍රකාශකයකු කියා සිටියේ අගමැති සෙන් හා පාකිස්තාන සෙනට් සභාපති මියන් රාසා රබ්බානි සමග පැවැති සාකච්ඡාවලින් පසු එම තීරණය ගත් බවයි.
කාම්බෝජියාවේ ඇති වැදගත් රාජකාරී රැසක් සම්පූර්ණ කිරීමට තිබීම හේතුවෙන් සිය නිල සංචාරය අත්හිටවූ බවත් කාම්බෝජයේ මැතිවරණ කිහිපයක්ම පැවැත්වෙන එළැඹෙන වසර කාර්යබහුල බවත් අගමැතිවරයා කියා ඇත.
කාම්බෝජ අගමැතිවරයා ශ්‍රී ලංකාවට අමතරව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල සංචාරය කිරීමට සැලසුම් කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි! මම මේ හමුවෙන්න බලාගෙන හිටියේ. දැන් ඉතින් මොකද කරන්නේ (නි)
එ්කටත් එක්ක අපේ අය! කොච්චර වැඩ තිබුනත් ඕනෑදේකට යන්න ලෑස්තියි. කාම්බෝජ අගමැතිතුමා ආදර්ශයට ගන්නත් සූදානම් නැහැනේ. (නි)
අපේ රටේ මූසලයෝ නම් රට ගිනි ගත්තත් පිටරට සවාරිය නවත්වන්නේ නැහැ.(බ)
ඒ අතින් අපේ අගමැති තුමා නම් ගුවනින් ගමන් යන්න පොඩ්ඩක් වත් බය නැහැ. (බ)
අපේ හාදයෝ වගේ නෙමේ. එම රටේ මිනිස්සු රටට ඉතාම ආදෙරයි (ම)