කොම්පඤ්ඤවීදිය ප්‍රජා පොලිස් ඒකකය රජයේ හා පෞද්ගලික ආයතන කිහිපයක් සමග එකතුව සංවිධානය කළ පොලිස් ජංගම සේවා වැඩසටහන ඊයේ (22) කොම්පඤ්ඤවීදිය පල්ලිය වීදිය අන්ධ ජනසේවා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පොලිසිය, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, කොළඹ මහනගර සභාවේ දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ නවලෝක පෞද්ගලික රෝහල යන ආයතන රැසක් වැඩසටහනට දායකත්වය ලබාදුන් අතර කොම්පඤ්ඤවීදිය ප්‍රදේශවාසීන් වෙනුවෙන් හැඳුනුම්පත් සකස් කිරීම, උප්පැන්න සහතික ලබාදීම, දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම, ඇස් පරීකෂාව හා රුධිර පරීක්ෂාව ඇතුළු නොමිලේ සේවාවන් රැසක් එහිදී ක්‍රියාත්මක කැරිණි.
ප්‍රජා පොලිස් මාසය නිමිත්තෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත කොළඹ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්. පතිනායක සහ කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති (වැඩබලන) දමින්ද සෝමජිත් හා පොලිස් පරීක්ෂක ප්‍රභූ ප්‍රසන්න මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩසටහන පැවැත්විණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සියලු දෙනාට පින්.(හේ)