දෙවන් බෝජානි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘කොමන්ඩෝ 2’ චිත්‍රපටය එළැඹෙන 2017 වසරේ ජනවාරි 06 වැනි දිනට බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය අරඹන්නට පියවරගෙන ඇතැයි වාර්තා වෙනවා. මීට සති කිහිපයකට කලින් මෙම චිත්‍රපටය තිරගත කිරීමට කල් යන බවට තොරතුරු ලැබුණද චිත්‍රපටයේ නිෂ්පාදන විපුල් අමර්තුල්ලා මාධ්‍යයට පවසා ඇත්තේ මෙය නියමිත දිනයට ඉන්දියාවෙත් ලොව පුරාත් ප්‍රදර්ශනය කරන්නට අවසන් තීරණය ගෙන ඇති බවයි.
විද්‍යුත් ජම්වාල් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතට පණ පොවන අතර, ආදා ෂර්මා, සතිෂ් කෞෂික්, ඊෂා ගුප්තා, ආදිල් හුසේන් ඇතුළු පිරිස මෙහි සෙසු චරිත සඳහා දායකවනවා. මෙම චිත්‍රපටයේ ඇතුළත් ‘අයිටම්’ ගීතයක් පසුගියදා නිකුත් කළ අතර, එයට ඉමහත් රසික ප්‍රතිචාර මේ වනවිටත් හිමිවෙමින් පවතින බව සඳහන්.
මෙම ‘අයිටම්’ ගීතය පැරණි හින්දි ගීතයක් වන ‘ගල්බන් ගයා’ ගීතය රීමෙක් කර ඇති අතර, එය යෝ යෝ හනී සිං ගායනා කර තිබෙනවා.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
'කොමන්ඩෝ 2' දිනය ස්ථිර කරයි