පාසල් සිසුවියකට අතවර සිදු කිරිමේ චෝදනාවකට පාසල් ගුරුවරයා ඇප මත මුදා හරින්නැයි මෝසමක් මගින් නීතිඥයින් කළ ඉල්ලීමක් තඹුත්තේගම මහේස්ත‍්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා යළි ප‍්‍රතික්ෂේප කළේය. සැකකාර ගුරුවරයා ලබන 29 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයට පත් කැරිණි.
ආර්.එම්. මොහාන් ටිකිරි කුමාර සිරිවර්ධන (35) ඔහුය.
සිසුවියට ආදරය කළාට කිසිදු ගැටලූවක් නැති බවත් අවශ්‍ය නම් සිසුවිය සමඟ තමාට වෙනම ජීවත් විය හැකි බවත් සිසුවියට තමා ආදරය කරන බව ගෙදර ද දන්නා බවත් සැකකාර ගුරුවරයා සිසුවියට පවසා ඇතැයි ද අධිකරණයට සැළ කළ පොලිසිය පසුව සැකකරුගෙන් මිදී පැමිණ ඇති සිසුවිය මේ බව ඇගේ දෙමාපියන්ට දන්වා ඇති බවද ප‍්‍රකාශ කළේය.
පියා සමඟ පොලිසියට පැමිණ ඇය පැමිණිලි කළ බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යක්ෂයාව විදේශ සේවා කාර්යාංශය හරහා කෙලින්ම යම ලෝකයේ පත්වීමකට යවන්න ක්‍රමයක් තියෙනවා නම් පමණක් (එහි යාම සඳහා) ඇප ලබා දෙන්න ක්‍රියා කරන්න. (ම)