තමන් කැමති වාහන අංක දිස්වෙන එල් සී ඩී විද්‍යුත් ප්‍රදර්ශන පුවරු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සවි කිරීමට ක්‍රියා කරගෙන යන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්  ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

තම වාහනයට වාසනාවන්ත අංකයක් ලබා ගැනීමේ මතයේ පිහිටා එම අංකය ලැබෙනතුරු බලාගෙන සිටින උදවියට තම අභිමතාර්ථය ඉටු කර ගැනීමට මෙය අවස්ථාවක් වනු ඇත.

මෙම එල්සීඩී යන්ත්‍ර නොමිළේ සවි කර දී එහි නඩත්තු කටයුතු සිදු කර දීමට පෞද්ගලික ආයතනයක් ඉදිරිපත් වී ඇත.

එම නිසා රජයේ මුදල් සතයකුදු ඒ සඳහා වැය නොවේ.

ජනතාවට අවශ්‍ය මග පෙන්වීම හා තොරතුරු දිස්වෙන එල් සී ඩී යන්ත්‍රයක් වේරහැර පරිශ්‍රයේ පිහිටුවීමේ අවශ්‍යතාවය අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් එල්සීඩී යන්ත්‍රයක් එම පරිශ්‍රයේ ද පිහිටුවනු ලබන බවත්, ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

එම යන්ත්‍රයත් අදාළ ආයතනයේ නොමිළේ සවි කර දෙනු ලැබේ.

ප්‍රවාහන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ඉල්ලීමක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙයි.