තමන් කැමති වාහන අංක දිස්වෙන එල් සී ඩී විද්‍යුත් ප්‍රදර්ශන පුවරු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සවි කිරීමට ක්‍රියා කරගෙන යන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
තම වාහනයට වාසනාවන්ත අංකයක් ලබා ගැනීමේ මතයේ පිහිටා එම අංකය ලැබෙනතුරු බලාගෙන සිටින උදවියට තම අභිමතාර්ථය ඉටු කර ගැනීමට මෙය අවස්ථාවක් වනු ඇත.
මෙම එල්සීඩී යන්ත්‍ර නොමිළේ සවි කර දී එහි නඩත්තු කටයුතු සිදු කර දීමට පෞද්ගලික ආයතනයක් ඉදිරිපත් වී ඇත.
එම නිසා රජයේ මුදල් සතයකුදු ඒ සඳහා වැය නොවේ.
ජනතාවට අවශ්‍ය මග පෙන්වීම හා තොරතුරු දිස්වෙන එල් සී ඩී යන්ත්‍රයක් වේරහැර පරිශ්‍රයේ පිහිටුවීමේ අවශ්‍යතාවය අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් එල්සීඩී යන්ත්‍රයක් එම පරිශ්‍රයේ ද පිහිටුවනු ලබන බවත්, ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
එම යන්ත්‍රයත් අදාළ ආයතනයේ නොමිළේ සවි කර දෙනු ලැබේ.
ප්‍රවාහන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ඉල්ලීමක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැමැති අංකෙ තෝරගන්න එල්සීඩී තිරේ බලන්න
පෙරේරා Thursday, 23 April 2015 07:32 AM
ආර්.එම්.වී එකේ හැමදේම සම්පූර්ණයි. අඩුවකට තිබුණේ ඕක විතරයි. (ස)
මාටින් Thursday, 23 April 2015 08:53 AM
වාහනේ අරන් මාස ගණනක් බලාගෙන ඉන්න ඕනෑ නොම්බර තහඩුව ගන්න, ඒක ඉක්මන් කරන්න ක්‍රමයක් හදන්න. (ත)
සුනිල් Thursday, 23 April 2015 09:17 AM
ඕවා කරන එක අගේ කරනවා අපි. නමුත් ඊට කලින් වේරහැර වාහන බර කිරණ අංශයේ තියෙන සෙල්ලම් ගැන ටිකක් හොයල බලලා අන්න ඒවා නතර කරන එක මීට වැඩ මහජනතාවට කරන සේවයක්. (ස)
රිතික් Thursday, 23 April 2015 10:08 AM
ආර්.එම්.වී එකෙන් කරගන්න තියන වැඩ ටික ලේසි කරන්න වගේම විනිවිද භාවයක් ඇති කරන්න හරියට දැන් පාස්පෝර්ට් ඔෆිස් එක වගේ. (ර)