පැය අටේ වැඩ දිනයක් ඉල්ලා 40,000ක් පමණ ඇමරිකන් කම්කරුවෝ 1886 මැයි 1 වැනිදා චිකාගෝ නුවරින් ආරම්භ කළ වර්ජනයෙන් මැයි දිනය උපන්නේය.
ඉන්පසු එය කම්කරු දිනය ලෙස ලොව පුරා ප්‍රචලිත විය.
පැය අටේ වැඩ දිනය පතා 19 වැනි සියවස පුරාම කම්කරුවෝ අරගල කළහ. ඒ වනවිට ඔවුනට පැය 16 දක්වා දවසකට වැඩ කරන්නට සිදුවිය. චිකාගෝ නුවරින් ඇරැඹි වෙළඳ හා කම්කරු සමිති ලොව පුරාම ගොස් ශ්‍රී ලංකාවටද පැමිණියේය.
ශ්‍රී ලංකාවේ අද මැයි රැලි පෙළපාළි උද්ඝෝෂණ සම්මන්ත්‍රණ 3කට වැඩි ප්‍රමාණයක් පැවැත්වේ. අද ජගත් කම්කරුවන්ගේ නිවාඩු දිනයක් වුවත් කොළඹ පිටකොටුවේ නාටාමිලා කිහිප දෙනෙක් සුපුරුදු රස්සාව කළහ. මහාමාර්ගවල කම්කරුවන් වැඩ කරන අයුරු අදත් දක්නට ලැබිණි. පිරිසිදු කිරීමේ සේවා කම්කරුවනට ද අද වැඩකිරීමට සිදුවිය.
ඔවුන් එසේ කරනුයේ අද වැඩ නොකළහොත් ගෙදර ලිප රත් නොවන හෙයිනි. ලිප රත් නොවුවහොත් අඹු දරුවන් බඩගින්නේය.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඡායාරූප - චමිල් රූපසිංහ
ඡායාරූප - කෞශල්‍ය සමින්ද








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ කම්කරු දිනය පවත්වන්නේ සැප්තැම්බර් මුල් සතියේ නේද? (නි)
ලංකාවේ අපි මැයි දිනය උමතුවකින් සැමරුවාට, සටන පටන්ගත් ඇමරිකාවේ නම් ඕක මැයි පළවෙනිදා සමරන්නේ නැහැ නේද? (නි)