ඇමැති ජෝන් සෙනවිරත්න වගකීම් රහිතව කතා කරන බවත් ඔහුගේ කට ආණ්ඩුව පැත්තේ වුවත් හිත වෙන පැත්තක බවත් ඇමැති ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහනුවරදී පැවසීය.
මහනුවර දී දළඳා වහන්සේ වැඳපුදා මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු ෆොන්සේකා මහතා මෙසේ ද පැවසීය
‘මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව මහා පෙරළියක් කර අලුත් අණ්ඩුවක් ඇති කළා. ඒ ආණ්ඩුවට එක් වී සිටින ඇමැති සෙනවිරත්න හදන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ අය ප්‍රබලයන් කර ඉදිරියට ගෙන ඒමට සැරසීමයි. ඔහුට තනිවම ඡන්දයකට එන්නට බෑ. කූඩුල්ලකු සේ කාගේ හරි ඇඟේ එල්ලී ඡන්දයට එන්නැයි ඔහු හදන්නේ.’
ප්‍රශ්නය : ඔබ එක්සත් ජාතික පක්ෂයට එකතු වෙනවාද ?
උත්තරය : දැන් එක්සත් ජාතික පක්ෂය සමඟ අපේ පක්ෂය සන්ධාන ගත වී සිටිනවා. පලාත් පාලන ඡන්ද ඇතුළු ජන්ද වලට එජාපය සමඟ මුහුණ දෙනවා
ප්‍රශ්නය : මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ආවොත් ඊට මුහුණ දෙන්න සූදානම්ද?
උත්තරය : ඔහු බදු පනවන්නේ ඔහුගේ වාසියට නොවේ. රට ණය උගුලෙන් බේරා ගන්නයි. ඔහු ක්‍රියා කරන්නේ සත් භාවයෙන්. ඔය විශ්වාසභංගයේ අරමුණ දේශපාලන වාසි ගැනීමයි. අපි එය පරාජය කරනවා. කල්ලි ගැසී සිටින 30 කට 40 කට රජය පෙරලන්න බෑ.
ප්‍රශ්නය : ඔබ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ලෙස මොනවද කරන්නේ?
උත්තරය : ආයෝජකයන් මගින් මෙරට විරැකියාවට පිළිතුරක් දිය හැකි ක්‍රමයක් අනුගමනය කරනවා.
ප්‍රශ්නය : ඇවන්ගාඩ් මැරිටයිම් ආරක්ෂක සමාගම ගැන ඔබේ ස්ථාවරය කුමක් ද ?
උත්තරය : මම ඒ සමාගමට එරෙහින කතා කළා. ඉදිරියටත් එහෙමයි.මෑත දී රජයේ ප්‍රභූවරයෙකුගේ විවාහ මංගල්‍යට ප්‍රධාන මෙසේ පුටු 2 ක් තිබ්බා ඉන් එකක් ඇවන්ගාඩ් අධිපති නිශ්සංක සේනාධිපතිටයි. අනික ඔහුගේ බිරියටයි. එහෙත් එහෙම කරන එම ප්‍රභූවරයා කියන්නේ ඒ මිනිහා තමා නාදුනන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ජනතා වරමින් පාර්ලිමේන්තුවට පත් වූ කෙනෙක් (නි)
ගෝඨාභය ඡන්දෙ ඉල්ලුවේ නැහැ. ජනතාව එතුමා ප්‍රතික්ෂේප කළා කියන්නේ කොහොමද? ෆොන්සේකා නම් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ කෙනෙක් (නි)
අපි හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයාට ගරු කරනවා. එතුමා අපේ ජාතික වීරයෙක්. එ්ත් දැනට පාර්ලිමේතුවේ පෙනීසිටින සරත් ෆොන්සේකා මහතා ගැන ගොඩක් කණගාටු වෙනවා (නි)
මත්තල ගුවන් තොටුපොළ වගේ ජාතික අපරාධ කරපු අයව නැවත බලයට ගෙනෙන්න හදනවාද. (නි)
ඇයි ගෝඨාට ඔයතරම් බය? (නි)
මන්ත්‍රීකමක් සහ ඇමතිකමක් ගත්තට ඔබත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ කෙනෙක් නේද? අඩුගානේ මහින්ද මහතා පාර්ලිමේන්තු ගියා, ඔබ ජනතාව පාර්ලිමේන්තුවටවත් පත්කළේ නැහැ නේද? (නි)
ඉස්සර කොහොමද කිවුවේ? අද කියනවා ඒ මුදල් ඇමති බදු ගහන්නේ සද්භාවයෙන්ලු. (නි)
තනියම විත් ඡන්දෙන් පැරදී, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටියත් කූඩැල්ලකු සේ වෙනත් පක්ෂයක එල්ලී තනතුරු ලබාගත්තේ කවුද? රටේ මිනිස්සුත් මෝඩයින් කියා සිතාද මෙවැනි කතා කියන්නේ? (නි)
දැන් වැඩිපුරම ඉන්නේ එහෙම කට්ටිය තමයි මහත්තයෝ (නි)
දැන් ඔය කතා හොඳටම ඇති මහත්තයෝ (නි)
අනේ අපොයි! එහෙ මෙහෙ කට්ටියගේ ඩබල් ගේම් අපි නොදන්නවායැ. යහපාලනයට වින නොකර අයින්වෙන්න. (නි)
ලංකා දේශපාලන ශබ්ද කෝෂයට කූඩැල්ලාද එක්වූ වගයි! (නි)
අනේ ෆොන්සේකා මහත්තයෝ, ජනතාව ප්‍රතික්ෂේප කළ අය කිවුවහම තමනුන් ඒ ගොඩේ උඩින්ම ඉන්නවා නේද? උඩ බලාගෙන කෙළ ගහන්න එපා (නි)
දන් නම් හොදටම පිස්සු (බ)
එස්.එෆ්. මහත්තයා මොනවා කියවනවද මන්දා? (නි)