(ඉන්දිකා රාමනායක.)
නෙළුව දුරිඇල්ල ප්රදේශයේ අවතැන් වු පිරිසක් බේරා ගැනීමේ සහන කටයුතු වල නිරතව තිබූ ගුවන් හමුදා හෙළිකොප්ටර් යානයක සිටි ගුවන් හමුදා සමාජිකයකු අද පෙරවරුවේ හෙළිකොප්ටර් යානයේ කේබලය කඩා වැටී බිම ඇද වැටී තුවාල ලබා ඇතැයි ගුවන් හමුදාව කියයි.
මෙම ගුවන් හමුදා සමාජිකයා ඉහළ අහසේ සිට කේබලයක් ආධාරයෙන් අවතැන් වු පුද්ගලයකු හෙළිකොප්ටරය වෙත රැගෙන යන අතරතුර මෙම අනතුරු සිදුව ඇති බව ගුවන් හමුදාව කියයි.
සිද්ධියෙන් තුවාල ලැබු ගුවන් හමුදා සාමාජිකයා සහ ඔහු විසින් ඉහළට රැගෙන ගිය පුද්ගලයා කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මෙහෙමත් වගකීමක් කියල දෙයක් දන්නේ නැති කට්ටියක්........!!!
ත්රිවිධ හමුදාවන්ගේම වර්තමාන තත්ත්වය පෙන්නුම්කරන දර්ශකයක් ලෙසයි මා මෙම සිදුවීම දකින්නේ. වහාම ආරක්ෂක නියෝජ්යය ඇමැතිකමත් ත්රිවිධ හමුදාවල මුලිකත්වයත් ෆීල්ඩ් මාර්ෂල් තුමාට දෙන්න.
පිටිගල මිලානෝ..., ඔයාට තියෙන ජනප්රියත්වයට මොනව කියන්නද කියලා හිතා ගන්නත් බැහැ.
හැමදෙනාම කටින් බතල මිසක් ආපදාවන්ට මුහුණ දීමට ඇත්ත වශයෙන්ම සුදානම් නැති බවයි මෙයින් පෙනෙන්නේ. විශේෂයෙන් හමුදාවක මෙවැනි අතපසුවීම් සිදු නොවිය යුතුයි.
කේබල් එක කැඩුණා නම් එ්කෙන් පෙනෙනවා අාපදා තත්වයට තිබෙන සුදානම ගැන... ඒකෙන් රණ විරුවෙකුගේ ජීවිතය නිරපරාදේ අහිමි වීම මොන තරම් දුකක්ද? නොසලකිල්ල නිසා සිදුවන දේවල් ....