(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් ඇතුළු එම ආයතනවල උසස් නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ලබන 1 වැනිදා පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.
මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පසුගිය 24 වෙනිදා පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිසට එම කමිටුව දැනුම්දී තිබුණද ඔවුන් ඊට සහභාගිවී තිබුණේ නැත.
මුදල් කමිටු රැස්වීමට සහභාගී නොවීම සම්බන්ධයෙන් එම කමිටුවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා මහ බැංකු නිලධාරීන්ට සිය අප්‍රසාදය පළ කළේය.
එලෙස කටයුතු කිරීම පාර්ලිමේන්තුවට අගෞරව කිරීමක් බවද ඔහු සඳහන් කළේය.
රටේ පවතින වත්මන් ආර්ථික තත්වයට අදාළව කරුණු විමසීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට එදින මෙසේ කැඳවනු ලැබ සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළුඑහි උසස් නිලධාරීන් , මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන්
ඇතුළු පිරිසකි.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා සහ තම නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ලබන 1 වැනිදා පෙනී සිටින බවයි.
මහ භාණ්ඩාගාර මුදල් මණ්ඩලයේ සාමාජික, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට ලෝක බැංකු නිලධාරීන් සමග හදිසි සාකච්ඡාවක් යෙදී තිබූ බැවින් පසුගිය 24 වැනිදා පැවැති රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට අකමැත්තෙන් වුව සහභාගිවීමට නොහැකිවූ බවත්
ඒ බව එම කමිටුවට දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළේය.
එසේ නොමැතිව එම කමිටු රැස්වීමට සහභාගී සහභාගි නොවූයේ පාර්ලිමේන්තුවට අගෞරව කිරීමේ අදහසකින් නොවන බව පැවසූ කබ්රාල් මහතා කමිටු රැස්වීමට
සියලු තොරතුරු සහිතව නොගියහොත් විපක්ෂයේ සමහරුන් තමාට සහ තමාගේ නිලධාරින්ට අගෞරව කරන බවද සඳහන් කළේය.
රටේ ආර්ථිකය ස්ථාවර තත්වයට ගැනීම සඳහා තමා ඇතුළු නිලධාරීන් පැය 24 පුරා ලොකු සංග්‍රාමයක යෙදී සිටින අවස්ථාවක පාර්ලිමේන්තුව ඒ ගැනද මධ්‍යස්ථව සලකා බැලිය යුතු බව තමාගේ අදහස යැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසකට පැය 24ක් මහන්සි වෙලා වැඩ කෙරුවත් වැඩක් නැහැ. IMF එකේ පිටු 96 වාර්තාවට ප්‍රතිචාර දක්වා තියෙන්නෙ වචන 96 කින්. ඒකත් IMF වාර්තාවෙන් උපුටා ගත්ත වචන සෙට් එකක්. ඔන්න අපේ හිස් මොළවල කාර්යක්ෂමතාවය.
හරියටම වැඩකරන කාටවත් විපක්ෂය කවදාවත්ම දොස් කියනවා කියන්නේ බොරු. ඉහළම කොමිසමක් වෙත යනවිට සියලු තොරතුරු ගෙනයා යුතුයි. එහෙම නැත්නම් එයට කියන්නේ අකාර්යක්ෂමතාවය කියලා දොස් අහන්න වෙනවා තමයි. තමන්ගේ වරද තියාගෙන විපක්ෂයට දොස් කියලා වැඩක් නැහැ. අපි කුඩා කාලයේ පාසලේ බාල්කවල හොඳ ආදර්ශ පාඨ ලියා තිබුණා... එකක් තමයි ‘‘තම වරද පිළිගනු‘‘ කියන පාඨය.
ඔබ ඩොලරය කෘතිමව රුපියල් 200 තබාගෙන සිටියේ නැති නම් විදේශ ශ්‍රමිකයෝ දිගින් දිගටම මුදල් බැංකු හරහා එවනවා. අද මේ ප්‍රශ්න මුකුත් නෑ. දැන් විදේශ ශ්‍රමිකයෝ උණ්ඩියල් ක්‍රමවලට හුරුවුණු නිසා අපි අමාරුවේ වැටිලා...
ආර්ථිකේ ගොඩගන්න බරටම වැඩලු නේද? පවුල ගොඩදාන්න රටටම කෙලවලා තව බොරුත් කියනවා. හරියට සූදානම් වෙලා යන්න කියලා අමුතුවෙන් කියන්න ඕනද? කතාවෙන් ආර්ථික ඔස්තාර්ලා, ගමේ බුලත්විට කාරයෙකුගේ ආර්ථික දැනීම නැහැ. හොරකම ඔලුවට ගැහුවාම ඔහොම තමයි...!
නාඩගම්කාරයෝ නාට්‍යයේ බිංදුසිරි කබරාල් මතක්වුණා. වෙන කාටවත් එහෙම මතක් වෙන්නේ නැද්දෝ...!