( විනීතා එම් ගමගේ )
කැබිනට් සංශෝධනයක් සිදු නොවන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.
කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නැතැයිද කී සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව පළ වූයේ මාධ්‍ය වාර්තා පමණක් යැයි ද කීවේය.
සම කැබිනට් ප්‍රකාශකවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී කථාබහක් ඇති වුනා නොවේ දැයි විමසූ අවස්ථෘවේ අමාත්‍යවරයා කියා සිටියේ සෑම පක්ෂයකම කැබිනට් ප්‍රකාශකයෙක් සිටීම හොඳ බවයි.
තමන් කැබිනට් ප්‍රකාශක ධුරයෙන් ඉවත් කළ යුතු බවට ප්‍රකාශ කළ ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා සමඟ පවා ඇත්තේ දේශපාලන ගැටළුවක් පමණක් බවද අමාත්‍යවරයා කීවේය.
කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා හා තමන් අතර කිසිදු පෞද්ගලික අමනාපයක් නැතැයි ද සෙනෙවිරත්න මහතා සහ තමන් අතර තිබු ප්‍රශ්න කිසිදු සිත් අමනාපයකින් තොරව නිමාවී ඇති බවත් සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
හෙද හෙදියන් සඳහා උපාධියක් ලබා දීමට සුදානම් වන අවස්ථාවේ දී රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමය ඊට විරෝධය පළ කරනවා නොවේ දැයි මාධ්‍යෙව්දීහු විමසූහ. එම අවස්ථාවේ අමාත්‍යවරයා පැවැසුවේ හෙද හෙදියන්ට උපාධියක් දීමේ යෝජනාව ඉදිරිපත් කළේ තමන් විසින් බවයි. එයට වෛද්‍යවරුන් විරුද්ධ වුවද මේ වනවිට එය සමථයකට පත්ව ඇතැයි සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද (09) පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක දවසට එක එක කතා. ඇඳෙන් උදේ නැගිටින හැටියට මෙයාගේ කතා වෙනස් වෙනවාද කොහෙද?
දත් ගලවන එක ලේසියි කියල සමහරු හිතාගෙන හිටියට මගේ දතක් ගලව ගන්න මෙයා ලඟට ගිහින් මම වින්ද දුකක්... මෙයා දැන් කැබිනට් ප්‍රකාශක වැඩේ කරන්න ගිහින් විඳින දුකට බොහෝ සමානයි කියල මට හිතෙනවා. මේ අවුල දිගටම ගියොත් දෙපාර්ශවයෙන් කාගේ හරි දත් ගැලවී යන්නත් ඉඩ තියෙනවා කියල රට වැසියෝ කියනවා. අනේ මන්ද කවුරු ඇත්ත කියනවද කියලා?
ජනාධිපතිතුමනි ඔබතුමා කොන්ද කෙළින් තියන් ඇයි කතා නොකරන්නේ...?
ජනාධිපතිතුමා කෙලින් නොසිටියොත් එක එක්කෙනා එක එක දේවල් කියමින් ආණ්ඩුව ඇතුලේ කල්ලි බිහිවෙමින් ඉදිරි ගමනක් නැති වෙනවා.. ආණ්ඩුවට අද ශ්‍රී.ල.නි.පෙ. ට සිදුවූ දෙය සිදු වෙන්න පුළුවන්..
අපිට ජනාධිපති කෙනෙක් හිටියා නම් කොච්චර හොඳයිද නේද ?
කැබිනට් ඇමැතිවරුන්ට හිතුමතේ ඉන්න ඉඩදීලා ජනාධිපතිතුමා නිකන් හිටියොත්, ඔබතුමා වැටෙන්නේ ලොකු අමාරුවක... අර 80 , 90 දශක වල වගේ කැපුවත් නිල , කැපුවත් කොළ කියමින් පක්ෂ බදාගෙන ඉන්න ඡන්ද දායකයෝ රටේ ක්‍රමයෙන් අඩු වෙමින් යයි. දැන් ඉන්න පාවෙන තරුණ ඡන්ද මත බලය තිරණය වේ. බලයේ ඉන්න ඕනේ නම් ඇමැතිවරු ජනතාවට විහිළු සැපයීම නවතා වැඩ කලයුතුය. ජනාධිපති කෙලින් තීරණ ගෙන ක්‍රියාත්මක කලයුතුය. නිසි විදියට මාධ්‍ය හමු පවත්වා ආණ්ඩුව ගත් තීරණ, ඒවාට හේතු සහ ආණ්ඩුවේ ප්‍රගතිය පිලිබඳව ජනතාව දැනුවත් කල යුතුය. විවෘත්ත කිරීම් උත්සව , මගුල් ගෙවල්, මළ ගෙවල් වලදී පවත්වන කතාවලදී ආණ්ඩුවේ තීරණ ජනතාවට දැනුම්දීමේ ක්‍රමය නතර කල යුතුය. එහෙම නොකලොත් ඔබතුමාට සිදු වෙන්නේ තව අවුරුදු 2-3 අර මහින්ද මහත්තය කරනවා වගේ පන්සල් ගානේ ඇවිදීමට පමණයි.
එහෙමනම් කැබිනට් සංශෝධනයක් එයි.
මෙයාව, මාර්ග අංක 166 අවසාන වෙන තැන දොස්තර මහත්තයෙකුට පෙන්නුවොත් නරකද?
කබලෙන් ලිපට වැටුන මිනිසුනට දැන් ඕනේ කැබිනට් සංශෝධන නොවෙයි ආණ්ඩු සංශෝධන. තේරුනාද?