(නිමල් අල්ගෙවත්ත, අමල් වික්‍රමරත්න )
කැබිනට් සංශෝධනය මහ විහිළුවක්, මේ එළඹෙමින් තියෙන්නේ නාටකයේ අවසන් ජවනිකාව යැයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර බද්දේගම සමිත හිමියෝ පවසති. බද්දේගම සමිත හිමියෝ මේ බව කියා සිටියේ අද (23) බද්දේගම දී පැවැති ජනහමුවක දීය.
කැබිනට් සංශෝධනය මහ විහිළුවක්, ලෝකයේ හොඳම මුදල් ඇමැති හැටියට සහතික දීපු අය ගැන පළමුවෙන්ම සෙවිය යුතුයි. ඇමරිකාවෙනුත් ඇවිත් කිව්වා මෙයා ආර්ථිකය හොඳ තැනකට අරන් තියෙනවා කියලා. ලොකේ හොඳම මුදල් ඇමති කියන සහතිකය කොහෙන්ද අරන් ඇවිත් පෙන්නුවා. ඔහුගේ මුදල් ප්‍රතිපත්ති පිළිබඳව ආණ්ඩුව තුළම ගැටළුවක් තියෙන නිසා තමයි ඔහු ඉවත් කරලා ඔහුට වෙනත් අමාත්‍යාංශයක් දී තිබෙන්නේ. මේ එළඹෙමින් තියෙන්නේ නාටකයේ අවසන් ජවනිකාවයි. අලූත් මුදල් ඇමැති නමට පමණක් මුදල් ඇමැති වෙයි. එක මෙහෙයවන්න පිටුපසින් කෙනෙක් ඉන්නවා. නිල මුදල් ඇමැති සහ නිල නොවන මුදල් ඇමති කියලා දෙන්නෙක් ඉඳිවී යැයි සමිත හිමියෝ පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවන්ගේ කතාව හරි. හොඳම මුදල් ඇමති නම් ඇයි අයින් කළේ? ශ්‍රී ලන්කන් ගුවන් සේවය විදේශ ඇමතිට පවරන්න යනවලු. පුදුම විහිළුවක්නේ...
හාමුදුරුවන්ගේ කතාව හරි. හොඳම මුදල් ඇමති නම් ඇයි අයින් කළේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය විදේශ ඇමතිට පවරන්න යනවලු. පුදුම විහිළුවක්නේ.
ජනතාවට ව්‍යවස්ථා සංශෝධන හෝ අළුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නෑ. එහෙම දේකට ජනවරමක් දීලත් නෑ. ජනතාවට අවශ්‍ය ජීවන බර අඩුකර සංවර්ධනය වැඩිකර ගන්න.
ඇත්තටම?
හාමුදුරුවන්ට බුදුදහම හරියට රටේ ස්ථාපිත කරලා බෞද්ධ පන්සල හා ධර්මය දියුණු කරලා ජනතාවට සෙතක් කරලා ඔවුන් යහ මගට ගැනීම පසෙක තියල රට හදන්න යනවා නිකන් බල්ලාගේ වැඩේ බුරුව කරනවා වගේ
සමිත මන්ත්‍රීතුමනි. ඕව හරි . ඔබල සේරම සපයන්නේ විහිලු.
හාමුදුරුවනේ ඔයිට වඩා නරකද බණ ටිකක් දේශනා කළා නම්. හාමුදුරුවරු කල යුත්තේ ඒක නේද?
ඔබ වහන්සේවත් ජාතික ලයුස්තුවෙන් පාර්ලිමේන්තුවට අරගෙන ඇමතිකමක් දුන්නනම් මේක හොඳම ආණ්ඩුව කියාවි.