(අංජුල මහික වීරරත්න)

කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු ඉවත් කිරීම රටෙි පවතින අර්බුදකාරී තත්ත්වය මඳකට අමතක කර ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට කරන ලද උත්සාහයක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (4)පැවසීය.

රජය තම අසාර්ථකත්වය, මහජනතාවගෙන් වසන් කිරීමට දිගින් දිගටම උත්සාහ කරමින් සිටින බව කී විජයවර්ධන මහතා කැබිනට් සංශෝධනය ඩොලර් අර්බුදයට පිළිතුරක් නොවන බවද සඳහන් කළේය.

ඇමතිවරුන් දෙදෙනෙකු නෙරපා හැරීමෙන් පසු රටේ ප්‍රශ්න විසදෙනු ඇතැයි ජනතාව සිතාවි යැයි ආණ්ඩුව කල්පනා කරනු ඇති බව කී විජයවර්ධන මහතා ආණ්ඩුව ජනතාව  මෝඩයන් ලෙස සිතා කටයුතු කරන බව පෙනෙන්නට ඇතැයි ද සඳහන් කළේය.

ජනතාව  මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න වලට  විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී තිබෙන බවද එජාප නියෝජ්‍ය නායකයා කීය.