කැබිනට් සංශෝධනයක් කරන බවට තමන් ජනතාවට පොරොන්දු වී ඇති බැවින් කැබිනට් සංශෝධනයේ පොරොන්දුව ඉටුකරන තුරු සතිපතා කැබිනට් හමු නොපවත්වන බවට ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ. අගමැතිවරයාගේ චීන සංචාරයෙන් පසුව යෝජිත කැබිනට් සංශෝධනය කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රිමසිංහ මහතා තීරණය කර ඇත.
අගමැතිවරයා චීන සංචාරය සඳහා පිටත්වීමට පෙර ජනපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ.
පවතින ගැටළු විසඳාගන්නා තුරු චීනය සමග හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිදු ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා නොකරන ලෙසද ජනතිවරයා අගමැතිවරයාට උපදෙස් දී අතැයි කියැවේ. ගිවිසුම් කිහිපයක් සම්බන්ධයෙන් චීන බලධාරීන් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අගමැතිවරයා යෝජනා කර තිබිණි.
මෙම කැබිනට් සංශෝධනය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සබඳතා අතර ගැටළු සහගත නිර්මාණය කර තිබේ. පවතින කැළඹුම් සහගත දේශපාලන තත්ත්වය නොවිසඳුනහොත් අගෝස්තු මාසයේ සිට තමන් ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමට සූදානමින් සිටින බව ජනපතිවරයා හමුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනතා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පවතින අවබෝධතා ගිවිසුම් අගෝස්තු මාසයේදී සමාලෝචනය කිරීමට යෝජනා වී තිබිණි. ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති ජනපතිවරයා ප්‍රබල තීන්දුවක් ගන්නා බවට පවසා තිබේ.
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන අනුග්‍රහය දැක්වීමේ ගිවිසුමේ පිටපතක් කල්වේලා ඇතිව ජනපතිවරයාට දී තිබුණේ නැති බවද දැනගන්නට තිබේ.
COMMENTS
"ජනතාවට පොරොන්දු වූ නිසා" කැබිනට් සංශෝධන කලයුතු නැහැ. මොකද ජනතාව කැබිනට් සංශෝධනයක් ඉල්ලා සිටියේ නැහැ. ජනතාවට පොරොන්දු වූ දේවල් ඉටු කරනවානම් මුලින්ම කල යුත්තේ පොරොන්දු පරිදි කැබිනට් එක තිහකට සීමා කිරීම මිසක් අමාත්‍යංශ මාරු කිරීම නොවේ. එක අමාත්‍යාංශයක අසාර්ථක ඇමති කෙනෙකුට වෙන අමාත්‍යාංශයක් දීම රටේ තියෙන ප්‍රශ්න වලට පිළියමක් නොවේ.
ඒකත් හරියට "ආඬි හත්දෙනාගේ කැඳහැලිය" කිව්වොත් හරි වගෙයි...
කැබිනට් සංශෝධන කළත්, වැඩක් කල හැකි දක්ෂ කිසිවෙක් සොයාගත හැකිදැයි විශාල ප්‍රශ්නාර්ථයක් ඇත.
හත් පොලේ මොනවාද කරගත්තු දේවල් මතක් වෙන කතානේ මේ....
ජනාධිපතිතුමා ආයෙත් වරද්දගන්න වගෙයි යන්නේ. කැබිනට් මාරුව පුරවැසියන් ඉල්ලපු දෙයක් නෙවෙයි. ඕක ඇමැතිවරු ඉල්ලන දෙයක්...
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කීදෙනෙක් සිටිනවද? මම හිතන්නේ දුමින්ද දිසානායක මහතා පමණයි. එතුමාට පමණක් කැබිනට් ඇමතිකමක් දෙන්න. අනිත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මන්ත්‍රීවරුන්ට උප ඇමතිකම් හා රාජ්‍ය ඇමතිකම් දෙන්න. සිද්ධාර්ථ කුමාරයත් බුදුවෙලා මුලින්ම බණ කියන්න බැලුවෙත් තමන්ට බුදුවන්නට උදව්කල අයටයි. එනිසා ඔබතුමාට ජනාධිපති වෙන්න ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛත්වය දෙන්න..... ජනාධිපතිතුමනි...
එළිවෙන ජාමෙට තමා නියම සෙල්ලම් තියෙන්නේ...ආණ්ඩුවේ අවසාන කාලේ යන්නේ. ඉල්ලපු වෙනස නිසා තව මහජනයා පටි තද කරගන්න සුදානම් වෙන්න.
මොනවා කොහොම වුණත් අන්තිමට ජනතාව හැමදාම පැරදිලා ...
ජනතාව ඉල්ලන්නේ රනිල් මහත්තයා වෙනුවට...සජිත් අගමැති කරන්නයි..
මේ ආණ්ඩුවේ ආයුෂ ප්‍රමාණය තීරණය වන්නේ දෙපාර්ශවයම එකිනෙකාගේ අදහස් වලට ගරුකරමින් කටයුතු කළහොත් පමණි. නැතහොත් වැඩි දවසක් යාමට මත්තෙන් පාලන වෙනසක් සිදුවීමත් වැළැක්විය නොහැකි කරුණක් වේවි...
හොඳට හිතල මතලා සැලසුම් කරලා කරපු දෙයක්.... ඇමැති මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් නැතුව රට පාලනය කිරීමේ පෙරහුරුවක්වත්ද?
දැන් එතකොට අලුතෙන් පත්වෙන කැබිනට් මණ්ඩලේට ආයේ අලුතෙන් වාහන ගේනවද?
ඕකටත් පුංචි ඡන්දෙට වෙච්ච දේම වේවිද? බාලගිරිය අද නෙවෙයි හෙට....
මොන බොරුද....!!! අගමැතිතුමා රට ගිහින් එනකම් කැබිනට් රැස්වීම් නැහැ. එ්ක පිටින් තම තමුන්ගේ බැරිබැරියාව වහගන්නද හදන්නේ.....
අනේ ලංකාවේ ජනාධිපති තනතුරට ගිය කලක්...
වැඩ කරන්න. ඕව බොරු වැඩ.
එකෙන්නෙකුට රටේම තිබෙන මගුල් ගෙවල් මල ගෙවල් වල යනවට වඩා වැඩක් නැහැ , අනිත් එක්කෙනා ඉන්නේ වැඩි හරියක් පිටරට , තව එකෙන්නෙක් මේ දෙන්නටම දෙස් තබමින් පන්සල් ගානේ යනවා එයට බලේ තිබෙනකොට නොතිබුන මොලේ පහලවෙලා තිබෙන්නේ දැන් , කැබිනට් මාරුවත් හරියට අර පුංචි චන්දය සහ පක්ෂේ විනය පරීක්ෂණය වගේ තව අවරුදු 2-3 ඉදිරියට අැදේවී , මට හිතෙන විදිහට කැබිනට් මාරුවට පෙර ආණ්ඩු මාරුවක් වෙන්න පුළුවන්
"එළිවෙන ජාමෙට තමා නියමෙට සෙල්ලම් තියෙන්නේ." අපි නම් ඉස්සර වගේම දැනුත් සෙල්ලම් දකින්නෙමු. අපි ඉස්සර තද කරගත් පටි තවමත් තද කර ගනිමින් සිටින්නේ සාමාන්‍ය ජනතාව නිසාද යන්න නොදනිමු. සමහර අයට නම් කාලයෙන් කාලයට මාරුවෙන් මාරුවට මෙය වෙනස් වෙන බවක් අසන්නට දකින්නට ඇත.