(අජන්ත කුමාර අගලකඩ)
නව කැබිනට් මණ්ඩලය සඳහා පත් කිරීමට යෝජිත මන්ත්‍රීවරුන් 36 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (19) පස්වරුවේ යවන ලැබ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට ආණ්ඩු පක්ෂයට එක්වූ පියසේන ගමගේ,ඒ.එච්.එම් ෆවුසි , විජිත් විජිතමුණි සොයිසා සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන් හතර දෙනාගේ නමින්ද ජනාධිපතිවරයාට යවා ඇති එම ලැයිස්තුවට ඇතුළත්ව තිබෙන බව එම ආරංචි මාර්ග කියයි.
මේ අතර ජාතික ආණ්ඩුවේ ඇමැතිධූරයකින් ඉවත් වූ රවි කරුණානායක මහතාගේ සහ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් ද ඇමැතිධූර සඳහා නම් කර ජනාධිපතිවරයා වෙත යවා ඇති බව වාර්තා වේ.
මුදල් අමාත්‍යාංශධූරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේම පවත්වාගෙන යාමට යෝජනා වී ඇති අතර රවී කරුණානායක මහතාට විදුලි බල හා බලශක්ති අමාත්‍යධූරය ලබා දීමට යෝජනා වී ඇති බවද දැනගන්නට තිබේ.
නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ හෙට (20) දිවුරුම් දීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
මේ අතර ඇමැතිවරුන් සඳහා පැවරෙන විෂය පථයන් ඇතුළත් දළ ලැයිස්තුවක් ද මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සමඟ ජනාධිපතිවරයා වෙත යවා ඇති බව එම ආරංචි මාර්ලවලින් පැවැසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එජාප ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන්ට සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ඇමැධූර ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (18) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ද ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
30ක් ඉන්න ඕනෑ... එ්කට 36ක් නම් කරන්නේ කොහොමද?
ඇමතිවරු පත් කරන කොට ව්‍යවස්ථාව අදාල නැතිද
කිරුලපන රැලියේදී අනුර කුමාර සහෝදරයා කිව අනාවැකිය හරියටම හරි.