රවී කරුණානායක හා මංගල සමරවීර මහතා මාධ්‍යයට කතා නොකරම පිටත්ව ගියේය.
තිලක් මාරපන මහතා ව්‍යාපෘති සංවර්ධන ඇමැතිවරයා ලෙස අද(22) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන ඇමැති ලෙස ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා දිවුරුම් දුන්නේය.

සමාජ සවිබලගැන්වීම්, සුබ සාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති ලෙස එස්.බී.දිසානායක මහතා දිවුරුම් දුන්නේය.

කුසලතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති ලෙස චන්දිම වීරක්කොඩි මහතා අද(22) දිවුරුම් දුන්නේය.

අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

වරාය සහ නාවික කටයුතු අමාත්‍ය ලෙස මහින්ද සමරසිංහ මහතා අද දිවුරුම් දුන්නේය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ගයන්ත කරුණාතිලක මහතා ඉදිරියට කටයුතු කරනු ඇත.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා දිවුරුම් දුන්නේය.

නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා දිවුරුම් දුන්නේය.

ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා සිය අමාත්‍ය ධූරයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති ලෙසද අද(22) දිවුරුම් දුන්නේය.

කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙක් සහ එක් රාජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ.
කැබිනට් මණ්ඩල සංශෝධනය සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු මේ මොහොත් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු වුණත් කමක් නැහැ... මහජනතාව ගැන හිතනවා නම් ඒ ඇති...
මම හිතුව ඇමති මණ්ඩලය අර ඡන්දෙට ඉස්සරවෙලා අපට කියපු ගණනට ගේන්න හදනවදෝ කියල.
මට නම් වැඩි වෙනසක් පේන්නේ නෑ.
මරුනේ දැන් රට හැදෙයි බලන් ඉද්දි...
පැරදුනු කට්ටියට ආයෙත් ඇමතිකම් දීල. මරු යහපාලනය. රවී මුදල් ඇමතිකමෙන් ඉවත්කලොත් වෙන ඇමතිකමක් ගන්නේ නැතුව ඉන්නවා කිව්ව නේද? හොඳම මුදල් ඇමති දැන් මොකද කියන්නේ?
කෝ බුද්ධිකට තැනක් නැත්ද.? සුදුස්සෝ ගෙදර හාල් පාරුවෝ පන්දමෝ රජ ගෙදර..
ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ
හොද ප්රවනතාවයකි. මංගල ඇමතිතුමණි බදු බර අඩුකර ජනතාවට සහන දෙන්න. පුංචි මිනිසාට වාහනයක් ගන්න හැකිවන පරිදි වාහන මිල අඩු කරන්න.
ආසියාවේ හොදම මුදල් ඇමති මීලගට ආසියාවේ හොදම විදේශ ඇමති වෙයි
මුදල් ඇමති ධුරය මාරු කිරීම නම් සුදුසුයි... ඒත් අපිට උගතෙක් , එම අංශයේ විශිෂ්ටයෙක් ඇත්තෙම නැද්ද පත්කරන්න..
අපේ රටේ වෙන උගත් මිනිස්සු නැද්ද මේවගේ තනතුරුවලට. මේ අය විතරද ඉන්නේ. රට නොදියුණු එක අහන්න දෙයක්ද..
රිෂාඩ් බදුදීන් වෙනස් නොකළේ ඇයි?
දැන් ඉතින් රට සුඛිත මුදිත වෙලා කිරියෙන් පැණියෙන් ඉතිරෙයි..එකම කෑම..පිගාන විතරක් කට්ටිය මාරු කරගෙන..
හොඳම විහිලුව, ඇමති සංශෝනයෙන් රටට සෙතක් නෑ.... රට විකුණගෙන කන්න තවත් පහසු කරගෙන...
බලාගෙන ගියහම කැබිනෙට් සංශෝධනයක් අවශ්‍යයි කියපු පැත්තේ අයගේ ලොකු වෙනසක් සිදුවෙලා නැහැනේ... කොහොම වුණත් අර මුදල් ඇමති වෙනස් කළ එකනම් හොඳ තමා!!
පුටු ටිකට ඔළු ගෙඩි ටිකක් මාරු වෙලා විතරයිනේ... හරියට "අතීසාරෙට අමුඩ ගැසුවා වගේ...."
වාහන බදු ටිකක් අඩු කළා නම් හොඳයි නේද?
පොඩි පොඩි ඒවා ගැන නම් අපේ තැකීමක් නැහැ. ලොකු දේවල් ගැන නම් සන්තෝස වෙනවද?... දුක් වෙනවද?... කියල හිතා ගන්න බැරුවයි ඉන්නේ. කොයි කොට්ටෙත් එකයි කියලයි හිතෙන්නේ.
ලොකු වෙනසක් නැහැ... හැබැයි මුදල් ඇමතිකම ගැන තමයි ප්‍රශ්නේ...
ඇමතිලා තව පත් කරා කියල, ඉන්න තැන් මාරු කරා කියල රටේ ප්‍රශ්ණ අඩු වෙන්නේ නැහැ, අඩුගානේ පළපුරුද්දට, වෘත්තීය සුදුසුකම් වලට ගැලපෙන තනතුරු දෙනවා නම් යමක් කරාවි.
එකම හොරු, වෙනත් හොර වැඩ වලට මාරු කිරීම. ජනතාවට සෙතක් නැත, තිතක් තබා ඇත. අසතුට වෙනතකට යොමු කිරීම, හෙවත් තව කාලයක් එකම බෙරේ ගැසීම
මේ විදිහට ළඟ ළඟ ඇමතිධූර වෙනස් කරනකොට කොහොමද අමාත්‍යංශ දියුණු කරන්නේ? මේ අයට ඒවා වැඩක් නැහැ.
කිවුවත් වගේ හිතාගන්නම බැරි වෙනසක්නේ! 2015 කිවුව වෙනස වගේම තමයි, සද්ද විතරයි මදේ හිස්. මේ ගොන් ජෝක් වලට අහුවෙන 62ලක්ශයක් බත් කන ගවමහේෂාදීන් ඉන්න නිසා හොඳයි මෙයාලට හැමදාම බොරුවෙන්ම මිනිස්සුන්ව ගොනාට අන්දන්න.
ඔය දෙපැත්තේම ඉන්න මොක පත් කරත් වෙන්නේ එකම සන්තසිය තමා එක තක්කඩියෙක් වෙනුවට තව තක්කඩියෙක් මාරු කරනවා
විශිෂ්ටයි! සුවහසක් ශ්‍රී ලංකික ජනතාව මෙතුවක් කල් පුල පුලා බල සිටියේ මේ වෙනස ඇතිකර ගැනීමට නොවේද?
පුටු පෙරලිලා කියල පෙනෙන්ට නම් නැහැ....ඇමති පුටුව පිටින්ම වෙනතැනක ඉඳගෙන විතරයි.
දැන් ඉතින් රටට වෙන දේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනැයැ...ලොක්කන්ට මොනවා වෙලාද මන්දා... මේවගේ අය විදේශ ඇමති කරන්නේ කුමන හේතුවකටද? අනේ අපේ රට ...
අජිත් මහත්තයෝ... ඕක කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ල අහන්න. ලංකාවේ කවදාකවත් උගත් කට්ටිය දේශපාලනයට එන්නේ නැහැ... හේතුව උගත් කට්ටිය කවරදාකවත් මිනිසුන්ට සේවය කරන්න පෙළඹෙන්නේ නැහැ. එ්ක අපිට පේනවා ළඟකදී කරන උද්ඝෝෂණ අනුව...
මුදල් ඇමතිකම දෙන්න අඩුම තරමේ ඒ විෂයය පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක් යහපාලන ආණ්ඩුවේම නැතිද? හිටපු විදේශ ඇමතිතුමා ගෙනාපු යෝජනාව දෝතින්ම පිළිගත්තා වගේ දැන් පිටරැටියෝ කියන විදියන නටාවි ඉතින්..
සංගීත පුටු තරගයක් නම් එක්කෙනෙකුට පුටුවක් නැතුව යනවා. මෙතන වුණේ අලුත් කෙනෙක්ට අලුත් පුටුවක් දෙන්න වෙන සිදුවීමක්. ඒක හැබැයි අමතර වියදමක්....
අනේ පව්... ආසියාවේ හොඳම මුදල් ඇමතිතුමාට ගිය කලක්. මේවා හොඳයි දේශපාලනය කරන අයටම අහන්න. දකින්න.
රවි මහත්තයාව නම් මුදල් ඇමතිකමෙන් අයින්කළ එක ලොකු දෙයක්. නමුත් තිලක් මාරපන මහත්තයා ආපු එක තමයි ගැටළුව... රනිල් අගමැතිතුමා එදා ඉඳන් සුදුස්සන්ට හරි තැන දෙන්න නම් උත්සාහ වෙලා නෑ.... බුද්ධික පතිරණ, තිලක් මාරපන මහත්වරුන්ට නම් ලොකු පරස්තර තියෙනවා. ඉතින් රනිල් මහත්තයා ඉන්නකං පරදින එක අහන්න ඕනෙද?
මේක නම් කිව්ව වගේම අතීසාරයට අමුඩ ගැහිල්ලක්.... තමයි.
අපිත්, රටත් ඉවරයි වගේ.. කටින් බතල හිටවනවාවත්ද?
ශ්‍රී ලංකාවත් දැන් ප්‍රංශයෙන් ආදර්ශයක් ගතහොත් හොඳයි.. වෙනසක් නොකළොත් දුප්පත් ජනතාව සැමදාම අගාධයේ.
සෙට් එකම ගෙදර යවන කාලය හරි දැන්
වෙනසක්වත් හරියට කරන්න දන්නේ නැති වයසක සෙට්ටෙක ගෙදර යායුතුය .